ලෝක කුසලාන තරගාවලියට ගිය මහේල හදිසියේම ලංකාවට ආවේ ඇයි?



 කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ඊයේ රාත්‍රියේ හදීසියේම දිවයිනට පැමිණ තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවෙමින් සිටිය දී මෙලෙස හදීසියේම මහේල දිවයිනට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන විශේෂ රැස්වීමකට සහභාගි වීම සඳහා බවයි වාර්තා වන්නේ.

මේ වන විට එක්දින ලෝක කුසලානයේ සහභාගි වූ තරග තුනම පරාජයට පත්ව ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත් කරමින් මෙවර තරගාවලියේ දෙවන පෙරළිකාර ජය වාර්තා කිරීමට නෙදර්ලන්තය ඊයේ සමත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායම හැර ලෝක කුසලාන තරගාවලියට සහභාගිව සිටින සියලුම කණ්ඩායම් එක් තරගය බැගින් ජය ගෙන තිබීම විශේෂත්වයක්.





Previous Post Next Post