Posts

ඇත්ත කතා කරනකොට සමහර වෙලාවට අපහාස අවලාද විඳින්න වෙයි – මහේෂිගෙන් සටහනක්

Image
  මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්. බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්. ඇය සිය මුහුණුපොතේ සටහනක් එකතු කරමින් මෙසේ සඳහන් කළා. ‛‛ඇත්ත කතා කරනකොට සමහර වෙලාවට අපහාස අවලාද විඳින්න වෙයි . නමුත් කවද හරි සත්‍ය ජයගන්නවා. ජීවිතයේ කවදාවත් මුදල් වලට තමන්ගේ ආත්ම ගෞරවය පාවාදෙන මනුස්සයෙක් නොවෙන්න.’’

මාධවීගේ උපන්දියදා කසුන් තැබු ආදරණීය සටහන

Image
  ඔවුන් දෙදෙනාගේ ආදර කතාව හරිම වෙනස් වූවක්. ඒ වගේමයි, ඒ ආදර කතාව නිසා මොන තරම් ඒ දෙන්නාගේ ජීවිතවලට ප්‍රශ්න ආවත් මේ යුවල නම් සැලුණේ නැහැ.. ඒ බැඳීමේ ශක්තිමත්භාවය නිසාම අද ඔවුන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. Dance & Electronic Music කොහොම වුණත්, හැම ගෙදරකම වගේ සමරන්න ඕනම දවස් ඉතින් මග හරින්නේ කොහොමද..? මාධවීගේ ආදරණීය සැමියා මැදියම් රැයේදීම ඇයගේ උපන්දිනය දවසේ ඔන්න ඇයව පුදුම කරලා. ඒ ලස්සන මොහොත හැමදාම මතකයේ රැදෙන්බ්න මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්ක කසුන් ඇය වෙනුවෙන් කළ දේ ගැන දැනගන්න කසුන් වගේම මාධවීටත් ආදරය කරන ඔබ කැමැත්තෙන් ඇති. මයෙ ප්‍රාණසම සදාදරී මා බාරි මාධවී වෙත ලියමි, අප මුල්වරට හමුවූයේ අතුලයියා ගැයූ ආකාරයට 'මේ චණ්ඩ සූර්‍ය නගරේ දුහුවිලි සරනා' අතරතුරේ ය. Saman මාමා ලියූ විලසට මැ 'සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා' සුරන් ලිය වෙමින් පෙමින් සෙමින් සෙමින් මසිතේ ගතේ වතේ නෙතේ නුඹ මැ පැලපදියං වෙච්චි. එතැන් පටන් හද ප්‍රේම පාරමිතාව රළ නඟන්ට ගත් බැවිනි, බයිබලයේ 'කොරින්ති දහතුන' වාගේ අපේ ආදර මහා රුක දළුලන්ට ගත්තේ ; ප්‍රේමය ඉවසිලිවන්ත වූයේ , කරුණාවන්ත වූයේ , නපු...

‘සුජාත දියණිය’ ටෙලිනාට්‍යයේ චංගුමී -සිතාරා පවිත්‍රානි

Image
  සිතාරා පවිත්‍රානි යනු දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ගුවන්විදුලි සහ හඬකැවීම් ක්ෂේත්‍රය තුළ තමන්ගේ අසමසම හඬ පෞරුෂයෙන් සහ විශිෂ්ට කුසලතාවයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් සම්භාවනීය කලාකාරිනියකි. ඇය මෙරට ප්‍රේක්ෂකයින් මහත් ආදරයෙන් වැලඳගත් සුජාතා දියණිය හි ‘චංගුමී, ‘රාමායණය’ හි සීතා, ‘කූඹිච්චි’ හි ‘කූඹිච්චි, ‘මතක සිතුවම්’ හි සයිම්ඩං, ‘ගිගුරුම් දනව්ව’ හි අරුෂ්කා, ‘ටින් මෑන්’ හි ඇස්කඩේලියා, ‘ස්කූබි ඩූ’ හි වෙල්මා, ‘ඇතුළු තවත් බොහෝ අමරණීය චරිත රැසකට හඬ කවමින් තම නාමය ක්ෂේත්‍රය තුළ ස්වර්ණමය අකුරෙන් සටහන් කළාය. නිවේදිකාවක, හඬකැවීම් ශිල්පිනියක මෙන්ම දැනට ප්‍රමුඛ පෙළේ යෝගා උපදේශකවරියක ලෙසද කටයුතු කරන ඇය තමන් ආ කලා චාරිකාවේ ආරම්භය මෙන්ම ඇගේ අත්දැකීම් පිළිබඳව අප සමඟ පැවසුවේ මෙවැනි කතාවකි. “මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ නිවේදිකාවක් විදිහට. මගේ අම්මා ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට කටයුතු කළා. ඇය මාලා වජිරා පෙරේරා. කුඩා කාලේ අම්මා එක්ක හැමවෙලේම ඉන්න තිබ්බ ආසාව නිසාම මම අඬලා ගුවන්විදුලියට යනවා. එහෙම යන එන අතරතුරේදී තමයි මට සුමනා ජයතිලක නැන්දාගේ ‘හඳ මාමා’ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මුලින...

රඟපානවට වඩා දැන් කැමැති නිදහසේ ඉන්න - චම්පා ශ්‍රියාණී

Image
  ටෙලිනාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය පැවති 1980-90 දශකයේ විකාශය වූ ‘ගංගා සහ නිස්සංක, හිමි අහිමි, හිරුට මුවාවෙන්, බැද්දෙ ගෙදර, වනවදුලේ වසන්තය, අඹු දරුවෝ’ වැනි නිර්මාණවලින් ප්‍රේක්ෂක සිත්සතන් ආදරයෙන් වැලඳ ගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක වන චම්පා ශ්‍රියාණි කලකට පසු මේ දිනවල පුංචි තිරය ඔස්සේ අප හමුවට පැමිණෙන්නීය. ඒ ‘සිත් අතර හිස්තැනක්’ ටෙලිනාට්‍යයේ නර්මදා ලෙසිනි. සිය නවතම රංගනය ගැනත් එම නිර්මාණය ගැනත් ඇය කීවේ මෙවැනි කතාවකි. “‘සිත් අතර හිස්තැනක්’ හි නර්මදා කියන්නේ දරුවන් වෙනුවෙන් කැපවූ මවක්. මුදල් පොලියට දීමෙන් ආර්ථිකය ශක්තිමත් කරගැනීමට උත්සාහ දරන ධෛර්යවන්ත කාන්තාවක්. ඇගේ සැමියා රෝගී තත්ත්වයෙන් පසුවන්නේ. නර්මදාට තරුණ දුවක් සහ පුතෙක් ඉන්නවා. නර්මදා සංකීර්ණ චරිතයක්. මේ චරිතයේ හැඩයට මම කැමැතියි. බොහෝ කලකට පසුවයි මම මේ නිර්මාණයට එක් වුණේ. ” චම්පා ශ්‍රියාණිට මෙහි රංගනය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වූ බව ද කියා සිටියාය . “මේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නේ සන්ධ්‍යා බුද්ධිපාල සහ ලක්ෂ්මන් තෙවරප්පෙරුම දෙදෙනා. අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු. මේ නිෂ්පාදකවරු දෙදෙනා ‘හිරුට මුවාවෙන්’ විකාශය වන කාලයේ ස...

ජාත්‍යන්තර වේදිකාවක සම්මානයට පාත්‍ර වීම විශාල සතුටක් -මහේන්ද්‍ර පෙරේරා

Image
  මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර්හි පැවති නව වැනි මැලේසියානු අන්තර්ජාතික සම්මාන උලෙළ ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ තවත් පිටුවක් රනින් සරසවන්නට සමත්වීය. ලොව ප්‍රධානපෙළේ සිනමා සම්මාන උලෙළ කිහිපයක් නියෝජනය කරමින් සම්මාන පිට සම්මාන ලැබූ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘රිවස්ටන්’ සිනමාපටයේ රංගනය වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පි මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ප්‍රවීණ රංගන ශිල්පි ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහය නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකේය සිනමාවට මහත් ආඩම්බරයක් එක්කළ ඔවුන් දෙපළ සමඟ අත්වැල් බැඳගත් නව පරපුරේ රංගන ශිල්පි රන්දික ගුණතිලක ද හොඳම නළුවා ලෙස නිර්දේශ වීම ශ්‍රී ලංකාවට මහත් ගෞරවයකි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම නළුවා සහ හොඳම සහය නළුවා ලෙස සම්මාන පහක් සඳහා නිර්දේශ වූ රිවස්ටන් සිනමාපටය මේ වනවිට අන්තර්ජාතික සම්මාන උලෙළ කිහිපයක් නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මාන 14කින් පිදුම් ලැබීමට සමත් වී ඇත. ‘රිවස්ටන්’ ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේගේ නිෂ්පාදනයකි. 36 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී ආසියානු වෘත්තාන්ත චිත්‍රපට අංශය නියෝජ...

රඟපාන චරිත තුළ ප්‍රේක්ෂකයාට මාව දකින්න ලැබෙන්නේ නෑ -අභිෂේක් ප්‍රමුදිත

Image
  අභිෂේක් ප්‍රමුදිත කියන්නේ මේ දිනවල තාරුණ්‍යය අතර අතිශය ජනප්‍රිය චරිතයක්. ඔහු රංගනයෙන් දායක වන නවතම ටෙලි නිර්මාණ දෙකක් මේ වෙද්දී විකාශය වෙනවා. ඒ ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණය කරන ‘තාප්පෙන් පැන්නා‘ සහ ශාන් ජයරත්නගේ ‘අසංධිමිත‘ නාට්‍යයි. විශේෂත්වය වන්නේ මේ නාට්‍ය දෙකේම ප්‍රධාන නළු භූමිකාව හිමි වෙලා තියෙන්නේ අභිෂේක් ප්‍රමුදිතට. කෙටි කාලයක නිහැඬියාවකින් පසුව නිර්මාණ දෙකකම ප්‍රධාන චරිතවලින් ප්‍රේක්ෂකයින් අතරට එන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ ? ‘ලවර්ස් ලීප්’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් වෙලා පොඩි කාලයකට පසුව තමයි මේ නිර්මාණ සඳහා මට ඇරයුම් ලැබෙන්නේ. මේ ටෙලිනාට්‍ය දෙක හාත්පසින්ම එකිනෙකට වෙනස් ශානරවල නිර්මාණ. ස්වාධීන රූපවාහිනියේ සතිඅන්ත දිනවල දී විකාශය වෙන ශාන් ජයරත්නගේ ‘අසංධිමිත’ ටෙලිනාට්‍යයේ මාධව ලෙසත්, ධනංජය සිරිවර්ධනගේ ‘තාප්පෙන් පැන්නා’ ටෙලිනාට්‍යයේ සඳා ලෙසත් මම චරිත නිරූපණය කරනවා. ඒ චරිත දෙකම මට ලැබුණ තීරණාත්මක අභියෝග දෙකක්. ‘අසංධිමිත’ නාට්‍යයේ ‘මාධව’ වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ ? ‘අසංධිමිත’ වෙනුවෙන් මට ආරාධනා කරන්නේ ශලනි තාරකා විසින්. මේ ඇය රචනා කළ මුල්ම ටෙලිනාට්‍ය පිටපත. ඉන්පසුව අධ...

හුස්මක් ළඟින් නාට්‍යයේ ෂෙල්ටන්ගේ බිරිඳ -අනුරුද්ධිකා පාදුක්කගේ

Image
  මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ‘හුස්මක් ළඟින්‘ ටෙලි නාට්‍යයේ ෂෙල්ටන්ගේ බිරිඳ වන තුෂාරිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. අද අපේ කතා බහ ඇය සමඟයි. ඇය නමින් අනුරුද්ධිකා පාදුක්කගේ. ඔබ රංගනයෙන් දායක වන ‘හුස්මක් ළඟින්‘ ටෙලි නාට්‍යය ගැන මොකද හිතෙන්නේ ? හුස්මක් ළඟින් ටෙලි නාට්‍යය කියලා කියන්නේ වර්තමානයේ බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසක් ආදරයෙන් වැලඳ ගත් ටෙලි නාට්‍යයක්. ධනපති පන්තිය හා එයින් පීඩාවට පත්වන දුප්පත් පන්තිය අතර ගැටුමක් ද මූලිකව තමයි මෙම කතාව නිර්මාණය වෙන්නේ. ඒ අතර අතීත හා වර්තමාන සිදුවීම් ඇසුරෙන් ද මෙම කතාව දිග හැරෙනවා. විදේශගත වීම නිසා මව අහිමිවන පවුලක වේදනාකාරී අත්දැකීමක් සුනිල්ගේ පවුලෙන් නිරූපණය වෙනවා. ඒ වගේම ධනපති පවුලක විසුරුණු මානව සම්බන්ධතා ෂෙල්ටන්ගේ පවුලෙන් නිරූපණය වෙනවා. ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය මොනවගේද? ‘හුස්මක් ළඟින්‘ ටෙලි නාට්‍යයේ ෂෙල්ටන්ගේ බිරිඳගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මනාව හික්මුණු සහ නිවුණු චරිතයක් වන තුෂාරි සිය පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් නිරන්තරව කටයුතු කරනවා. එමෙන්ම සිය ස්වාමියාට ඉතාම පක්ෂපාතී ලෙ...