එකට එක කියාගෙන ගියාම ප්‍රශ්න වැඩි වෙනවා - ශිරෝෂි රොමේෂිකා

 



ශිරෝෂි රොමේෂිකා කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහටත්, නර්තන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය චර්තයක්. ඒ වගේම මෑතක ඇය මුහුණ දුන්නු රිය අනතුරත් බොහෝ පිරිසකගේ කතාබහට ලක්වුණා. ඇය එයින් දැන් සුවය ලබලයි ඉන්නෙ. ශිරෝෂි මෑතකදි හිරු නාළිකාවේ සතිඅන්තයේ විකාශය වෙන වැඩසටහනක් වෙන Happy Hour සඳහා සහභාගි වුණා. එහිදී යුරේනි සැමියා සමඟ රණ්ඩු නොවී සිටීමේ රහස ගැන ශිරෝෂිගෙන් විමසනවා. එවිට ඇය දෙන්නේ මෙවැනි පිළිතුරක්.

"මම රණ්ඩු වෙන්නේ නැහැ.  රණ්ඩු වෙන්න එනකොට මම කතා කරන්නේ නැහැ. මම කටවහගෙන ඉන්නවා. ඒක ගොඩක් හොඳ දෙයක් කියලා තමයි මම හිතන්නේ. මොකද මම එකට එක කියාගෙන ගියාම ප්‍රශ්න වැඩි වෙනවා. එකා කියන එකේ වචනවල අවුලක් වෙනවා. ඒ නිසා මම කතා කරන්නේ නැතිව ඕනේ තරම් බණින්න කියලා කටවහගෙන ඉන්නවා. අමාරුම අවස්ථාවක් වුණොත් සලකලා බලනවා."





Previous Post Next Post