ආදරයක් ගැන හිතන්න මගෙ හිත නිදහස් නැහැ-සප්නා පාදුක්ක



සප්නා පාදුක්ක කියන්නෙ පාරදිගේ නාට්‍යයේ නානායක්කාරගේ ලොකු දුව මානවී. පාරදිගේ නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයන් අතරට ආ සප්නා පුංචි තිරයේ තවත් නිර්මාණ කිහිපයකින්ම දැක ගන්න පුළුවන්. අද කතාබහ ඇය සමඟයි.


 මේ දවස්වල මොකද වෙන්නෙ?


පාරදිගේ නාට්‍යයේ ෂූටින් ඉවර වුණා. ලොක්කිගෙ කතාව සහ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යය දෙකත් එක්ක වැඩ කරනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම්වලත් වැඩ තියෙනවා.


 

පාරදිගේ ගෙවුණු ජීවිතේ කොහොමද?



මගේ ගමන පටන් ගත්තේ පාරදිගේ නිසා තාමත් එදා වගේම ආදරෙයි.


නානායක්කාරගේ ලොකු දුවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මානවීට ප්‍රේක්ෂකයන් ඒ තරම් ආදරේ කරන නිසාම වෙන්න ඕනේ රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම කැටගරි එකට මගේ නමත් නිර්දේශ වෙලා තිබුණේ.


 

රංගනය ගැන හැදෑරීම් කරනවද?


රංගනය ගැන මම ඉගෙනගෙන නැහැ. මම විශ්වාස කරන්නෙ අත්දැකීම් තමයි හොඳම ගුරුවරයා කියලා. රඟපාන ගමන් ඉගෙන ගෙන මට ම අනන්‍ය වූ ස්ටයිල් එකක් හදාගන්නයි කැමති.


 

සිනමාවටත් ඇරයුම් ලැබුණ නේද ?


ඔව් සිනමාවට ඇරයුම් ලැබිලා තියෙනවා. ළඟදිම පටන් ගන්න නියමිතයි ප්‍රීතිරාජ් වීරරත්න සර්ගෙ වැඩක්. ඒ වගේම තව වැඩ 2කට ඇරයුම් ලැබිලා තියෙනවා.


 


චරිත තෝරා ගැනීමේදී තියෙන සීමාවන් මොනවාද?


ඔව්, මට සීමාවන් තියෙනවා. මට සුදුසු සහ වෙනස් වෙනස් විදිහේ නිර්මාණවලට දායක වෙන්න කැමතියි. හැම එකක්ම භාරගෙන රඟපාන්න කැමති නැහැ. නිතරම දකින්න ගත්තම වුණත් අගය අඩු වෙනවා කියනවනේ.


 

කටකතා ගොසිප් සප්නා දකින්නෙ කොහොමද ?


ජනප්‍රිය කෙනෙක් ට ගොසිප් කියන දේ සාමාන්‍යයයි. මම කොහොමත් ඒවා ගැන වැඩිය හිතන්නෙ නැහැ.


 

පෞද්ගලික ජීවිතේ ආදර කතාව කොහොමද ගලාගෙන යන්නෙ?


මම තවම තනිකඩයි. ආදරයක් ගැන හිතන්න මට මගේ මනස තවම නිදහස් නැහැ. ආදරේ කියන්නෙ ලොකු වගකීමක්.


 

කලාවෙන්ම කෙනෙක් ආදරේට තෝරා ගනීද?


කලාවේ කෙනෙක්ට ආදරේ කරයිද වෙන ක්ෂේත්‍රයක කෙනෙක් වෙයිද කියන එක දන්නෙ නැහැ. ඒක ඉස්සරහට බලමු.


 

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?


නිර්මාණ දෙක තුනක්ම ඉදිරියට එන්න තියෙනවා. ඒ අතරින් ආසම මදරගිර කියන නිර්මාණයට.


 


මඟ තොටේදි ප්‍රේක්ෂක ආදරේ ලැබෙද්දි මොකද හිතෙන්නෙ?


ගොඩක් සතුටුයි. මා එක්ක ඇවිත් කතා කරන හැම කෙනෙක් එක්කම වචනයක් හරි දෙකක් හරි කතා කරන්න තමයි මම කැමති. ඒක ඇත්තටම එයාලටත් ලොකු සතුටක්.


 

දිගටම රඟපාන්න ද කැමැත්ත?


ඔව්. රංගනය නවත්තන්නෙ නැහැ. මගේ නම ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙටම ගෙනියන්නයි මට ඕනෑ.


 

රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවා ද?


එහෙම විශේෂයක් නැහැ. මොන චරිතේ කළත් ඒ වෙලාවට වෙනම චරිතයක් නිර්මාණය කරලා ඒ තුළ ජීවත් වෙලා රඟපාන්න ආසයි. ඕනේ වෙලාවක සප්නා පාදුක්ක කියන එක අමතක කරලා චරිතෙ තුළ ජිවත් වෙන්නයි මට ඕනෑ.





 

Previous Post Next Post