
අශෝක හඳගමගේ අධ්‍යක්ෂණය කළ ‘දුන්හිඳ අද්දර’ ‘දිය කැටපහණ ‘ ආදී ටෙලි නාට්‍යවල ඇයට රඟපාන්නට සිදුවූයේ එතෙක් ‘සිංහල ගම’ යනුවෙන් කාව්‍යකරණයට ලක් කළ, රෙද්ද හැට්ටය හැඳ, අලංකාර දිගු කේශ කලාපය ගෙල දෙපසින් පපුවට දමාගෙන, වතුර කළයක් ඉඟ ගසාගෙන ලතාවකට ගමන් කළ ‘සුවිනීත’, ‘සුකුමල’‘අවිහිංසක’‘ගැමි කත’ වෙනුවට වියළි කලාපයේ ශුෂ්ක පරිසරයෙන් දිවා රෑ දැවුණු ඒ පරිසරය සහ මහ පොළොව සමඟ පොර බදන යුවතියන්ගේ චරිතය. ඔවුන් පිරිමින් සමඟ හරිහරියට හේන් කොටන්නට, බයිසිකල් පදින්නට ගස් නඟින්නට හැකි යකඩ ගැහැනුය.
ඒ ගැහැනු පාරිසරිකව, ආර්ථිකව, සාමාජිකව හා ලිංගිකව මුහුණදුන් සියලු අභියෝග හමුවේ ජීවත්වන්නට පොරබැදූහ. අනෝමා ජනාදරී ඒ චරිතවල බාහිර හැඩය මෙන්ම ඇතුළාන්තයන්ද මැනැවින් හඳුනාෙගන රංගනයට පිවිසි ආකාරය දැකිය හැකි විය. ඇගේ කතා ලතාවන් ඉංගිතයන් සියල්ල තුළ වියළි කලාපයේ ඒ ගැහැනුන්ගේ ජීවිත මැනැවින් පිළිබිඹු විය.
එවැනි චරිතවලට පණ පොවමින් රංගනය පිළිබඳ නව පරාසයක් විවර කරමින් ප්‍රේක්ෂකයා ඇද බැඳ ගත් අනෝමා ජනාදරී සිනමා රංගනයේදී මුහුණ දුන් දැවැන්තම අභියෝගය වූයේ අශෝක හඳගමගේ අධ්‍යක්ෂණය කළ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ පිරිමි වෙස් ගත් තරුණියගේ භූමිකාවයි.
පිරිමියකු මෙන් කොණ්ඩය කොටට කපා ඩෙනිම් කලිසමක් සහ කමිසයක් හැඳ මෝටර් කාර්මිකයකු විලසින් ගරාජයක පිරිමින් සමඟ හරි හරියට වැඩ කළ ඇයගේ සියලු චර්යාවන් පිරිමියකු මෙන් වූ නිසා කිසිවකුට ඇය ගැන සැකයක් තිබුණේ නැත.
පිරිමි වෙස්ගෙන ඔවුන්ගේ සියලු බල පරාක්‍රමයන් ක්‍රියාත්මක වන සෑම අස්සක් මුල්ලක් පාසාම කරක් ගැසු ඇයට පිරිමින්ගේ බලහත්කාර, පීඩනයට, ගොදුරු වන ගැහැනු අනන්තවත් මුණ ගැසෙති. ලිංගික බලහත්කාරය සදහා පුරුෂයින් ස්වකීය ශරීර ශක්තිය ස්ත්‍රීන් වෙත මුදාහරිද්දී ඇතැම් විටෙක ඒ බලහත්කාරයට එරෙහිව තම ශරීර ශක්තිය මෙහෙයවා ඔවුන්ට පහරදෙන්නට ඇය ඉදිරිපත් වූයේ එකී නොපනත්කම් ඉවසා දරා සිටිය නොහැකිවූ තැනය. එහෙත් ඇය පිරිමි වෙස් ගත් ගැහැනියක නිසාම පුරුෂයින් විසින් මුදාහරින ලද බලය ඉදිරියේ ඇය පරාජය වූ අවස්ථාද විය.
පිරිමි වෙස් ගත් ගැහැනියට තවදුරටත් ඒ අයුරින් ඇගේ සිහිනයේ රැඳී සිටින්නට අවකාශ අහිමි කළේ ඇය සමඟ ලිංගික ඇසුර පැතූ වෛද්‍යවරයායි. ඇය ඊට එකඟ නොවූ තැන ඇගේ පිරිමි කඩතුරාව ඉරා දමන්නට ඔහුට හැකිවූයේ ගරාජය හිමිකරුට ඇය පිරිමියකු නොව ගැහැනියක බව සනාථ කිරීමෙනි.
ගරාජය හිමිකරු සිය අණසක යොදවා පිරිමි සේවකයන්ව ලවා නාන කාරයේදී ඇගේ ඇඳිවත බලහත්කාරයෙන් ගලවා දැමිමේන් පසු නිරුවතින් ගුලි ගැහී සිටින ඇයගේ දර්ශනය අපට හඩගා කියන්නේ පුරුෂෝත්ම වාදයේ වියරුව, ජඩකම සහ දුෂ්ඨත්වයයි.
පිරිමි වෙස්ගත් ගැහැනිය තවදුරටත් පුරුෂයකු නොවන බව හෙළිදරව්වීමත් සමඟ අසල්වැසි පුරුෂයන්ගේ පමණක් නොව ස්ත්‍රීන්ගේද විරුද්ධත්වය නොනවතින නින්දා අපහාස සහ ගල් මුල් පහරවලට ඇය ස්වකීය ස්ත්‍රී ආත්මයෙන් නැග එන විරෝධය පිට කරන්නේ ප්‍රසිද්ධියේම ඔවුන් ඉදිරියේ ඇඳිවත කඩා දමා නිරුවත ප්‍රදර්ශනය කිරීමෙනි. එය පිරිමි වෙස්ගෙන සිටියදී ගැහැනියක වශයෙන් ඇය අත්විඳි සියලු පීඩාවන් ආපසු සමාජයට ගසා දැමීමකි.
එසේම එය ලිංගික කුහකකම්, කුඩුකේඩුකම්, කුපාඩිකම් සුනු විසුණු කර දැමීම සඳහා ඇගේ නොසන්සුන් ආත්මයෙන් බුර බුරා නැඟුණු පුද්ගල විරෝධයේ සහ කැරැලිකාරත්වයේ දැනුම්වත් ප්‍රකාශනයකි.
අශෝක හඳගම ස්වකීය කලා භාවිතාවේදී සාකච්ඡා කරමින් ආ ලිංගික දේශපාලනය වඩාත් නිර්දය ලෙසත්, අභියෝගාත්මක ලෙසත් මෙම චිත්‍රපටය තුළින් සාකච්ඡාවට ලක් කළ අතර පිරිමි වෙස් ගත් ගැහැනිය විෂය කර ගැනීම මඟින් පුරුෂෝත්තම සමාජය තුළ ස්ත්‍රී නියත වශයෙන්ම මුහුණ දෙන සකලවිධ පීඩාවන් මෙන්ම එම සමාජය තුළ ස්ත්‍රීන්ද ආකල්පමය වශයෙන් කොටු කර සිටින මානසික තත්ත්වයේ භේදයද ස්ත්‍රීයකගේ දෘෂ්ටියෙන් ගෙනහැර ැදක්වීමේ අවස්ථාව උදාකරගෙන ඇත.
රූපණවේදිනියක වශයෙන් අනෝමා ස්වකීය රූපණ දිවිය තුළ කළ මේ රඟපෑම ඉදිරියේ සුචරිතවාදයෙන් එල්ලවන විරෝධයට පෞද්ගලිකව තනිව මුහුණ දෙන්නටද ඇයට සිදුවීම ශෝචනීය තත්ත්වයකි. එම විරෝධයන් අප රටේ ඇතැම් සිනමා ප්‍රේක්ෂකයන්ගේ සහ සුචරිතවාදීන්ගේ දූපත් මානසික තත්ත්වය මත පදනම් වූ අාකාරයද දැකිය හැකි විය.
පිරිමි වෙස් ගත් ගැහැනිය ලෙස චිත්ර පටයේ අනෝමාගේ සමස්ථ රංගනයම ප්‍රශස්තය. එවැනි රංගනයක් එදා මෙදාතුර සිනමා තිරයේ දිස්නොවුණු නිසාම ඇයට එම රංගනය සඳහා ස්වයං අභ්‍යාසයක නිරතවන්නට සිදු වූ අකාරය පැහැදිලිය. ඒ සදහා ඇය ජීවිත පරිඥානයෙන් ව්‍යාපත්තිෙයන් එක්කර ගත් දෑ ප්‍රයෝජවයත් වන්නට ඇත.
