
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක කතාවක්..
මේ දවස්වල ගාල්ල පැත්තේ ලස්සන නිවාඩුවක් ගත කරන්න ගිහින් ඉන්න මාධවී - කසුන් යුවල ඒ දෙන්නාගේ වගේම පුංචි කෛලාෂ් මේ අත්විඳලා තියෙන්නේ වෙනස්ම අත්දැකීමක්..
මේ වගේ මුහුදු වෙරලක අත්දැකීමක් මේ පුංචි පුතා අත්විඳලා තියෙන්නේ පළමු වතාවටලු.. මෙන්න බලන්නකෝ ඒ ගැන කසුන් එක්කරලා තිබුණු සටහන..
"මේ තමයි මේ ලෝකෙ ලස්සනම හිනාව.. හැම දරුවෙක් ගැනම අම්මා අප්පච්චිට හිතෙන්නෙ ආං එහෙම. ඉතිං මටත් එමමයි. අනේ මයෙ තාත්තයි - මාධවීගෙ අප්පච්චියි මේ 'දිව්‍යමය මන්දහාසය' දකින්ට උන්න නං විශ්වය පවතින තාක් සීයා තාත්තලා දෙන්නගෙම ආදර ආශීර්වාදය මයෙ පුතා එක්කම තියේවි. හැබෑ ආදරේ එහෙමයි කෛලාෂ්. කවමදාවත් මැරෙන් නෑ.."

