
ඒකට හේතුව මොකක්ද?
සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි ‘රාණි’ ෆිල්ම් එක හරහා නැවත සුවිශේෂ කතාබහට ලක්වීමද? එහෙමත් නැත්නම් සෝෂල් මීඩියාවල ඕනෑවට වැඩිය රඟන උණ ඇයට නැති නිසා හිටි ගමන් ඈ පෙනීසිටින මේ සේයාරුව ඇයට ප්‍රිය කරන රසික රසිකාවියන්ට අමුතු තාලේ ගැම්මක් වුණු නිසාද?
නැහැ. ඒ කාරණා එකක්වත් ඊට හේතුපාඨ වුණේ නැහැ. විශේෂයෙන්ම මේ සුන්දර සේයාරුව මුහුණු පොත හරහා හිට් වුණේ ස්වර්ණත් එක්ක ඊට පෙනීසිටින හැඩකාර යෞවනිය නිසයි. ඒ හැඩකාර යෞවනිය ස්වර්ණාගේ එකම දූ බව දැන් හැමෝම දන්නවා. එහෙම දන්නේ ස්වර්ණා ඒ බව ප්‍රසිද්ධියෙම කියාපු නිසයි. ස්වර්ණාට දුවක් ඉන්න බවත්, ඈ විදේශගතව සිටින බවත්, ඇගේ පියා ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු ධර්මසිරි බණ්ඩාරනායක බවත් කියන කතා කලකට ඉහත ප්‍රසිද්ධ රහසක්ව තිබුණත් ඒ රහසිගත බව ස්වර්ණා හිටි අඩියෙම නොසිතූ වෙලාවක හෙළිදරව් කළේ මීට වසර දෙක තුනකට පමණ ඉහත පැවැති සම්මාන උළෙලකට පැමිණි මොහොතකයි.
ඒ වගේම ඈට උපන් දූ කරදඬු උස්මහත් වෙච්ච මේ තරම් සුන්දර ආකර්ෂණීය තරුණියක්ය කියන එක හැමෝම වාගේ දැනගත්තේද මේ සේයාරුවත් සමගයි. බලන්න ඈ අම්මත් එක්ක එයට මුහුණ දී සිටින ආඩම්බර ලීලාව මොන තරම් මනහරද?
ස්වර්ණා මේ සේයාරුව මේ විදියට මුදාහරින්න සමාජ මාධ්‍යයට නිදහස දුන්නේ ඇයි?
දූත් අම්මා වාගෙම සම්මානනීය නිළියක වෙන්න අරඅඳින සූදානමක්වත් තියෙනවද? තවම ඒ ගැන නිමිති පළකරන්නට බැරිය. ස්වර්ණා එවැන්නක් ගැන කොතැනකවත් කියලාවත් නැත.
කොහොම නමුත් ෆොටෝ එක නම් පංකාදු පහය. මුහුණු පොතෙන් හොරාගෙන මෙහෙම සටහනක් තැබුවේද ඒකය.
මල්මි කෞෂල්‍යා
