ලස්සන ආදරයක් හමුවෙනතුරු බලන් ඉන්නවා- ධනංජනී තරුෂිකා

gossiplanka image 2
ධනංජනී තරුෂිකා කියන්නේ රංගන ක්ෂේත්‍රයට අලුතින් ආ රංගන ශිල්පිනියක්. මේ දිනවල විකාශය වන ප්‍රාර්ථනා ටෙලි නාට්‍යයේ සහ ළඟදීම තිරගත වීමට නියමිත හවුස් ෆුල් චිත්‍රපටය තුළින් ඇයව දැකගන්න පුළුවන්. කලා ලොවේ දිගු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ධනංජනී තරුෂිකා සමඟයි මේ කතාබහ.


ඔබ කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද?


මම පොඩි කාලේ ඉඳලම කලාවට හරීම කැමතියි. මුලින්ම සම්බන්ධ වෙන්නේ House full චිත්‍රපටයට. ඒකෙන් පස්සේ තමයි විවිධ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.


අවුරුදු කුමරිය තරගෙට ගියේම නිළියක් වෙන්න ඕනේ නිසා ද?


ඇත්තටම නැහැ. දියවන්නා අවුරුදු කුමරිය තරගෙට මම සහභාගි වෙද්දිත් මම සාමාන්‍යයෙන් කලා ක්ෂේත්‍රයේ වැඩවල හිටියා. මම දියවන්නා අවුරුදු කුමරිය තරගෙන් miss talent title එක ගත්තා. මම හිතනවා ඒකත් මට ලොකු ජයග්‍රහණයක් කියලා. මම ඉස්සර ඉඳන්ම ආසයි කිරුළක් දරන්න. තාමත් ඒ හීනේ අතඇරලා නැහැ.


ප්‍රාර්ථනා නාට්‍යය ගැන කිව්වොත්…?


ප්‍රාර්ථනා ටෙලිනාට්‍යය දෙරණ නාළිකාවේ රාත්‍රී 9ට විකාශය වෙන්නේ. ඒ නාට්‍යයේ මම රඟපාන්නේ සචිනිගෙ චරිතය. ඒ චරිතය පොඩි චරිතයක් වුණාට මම හරිම ආසාවෙන් තමයි ඒක භාර ගත්තේ.


ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර නම් ඉතා හොඳයි. ඒක මගේ පළමුවන ටෙලිනාට්‍ය අත්දැකීම. ඒ නිසා නාට්‍යය බලන ගොඩක් අය මට සුබපැතුවා ඉදිරියටත් තව තව නිර්මාණ කරන්න ලැබෙන්න කියලා.


හවුස් ෆුල් චිත්‍රපටයේ ඔබේ භූමිකාව මොකක්ද?


House full චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ චුලක්ෂි රණතුංග අක්කි. එයාගේ යාලුවෝ පස් දෙනෙක් ඉන්නවා. යාලුවෝ පස් දෙනාගෙන් එක්කෙනෙක්ට තමයි මම ඉන්නේ.


ලැබුණ අත්දැකීම කොහොමද?


House full කියන්නෙම මගේ ප්‍රථම කලා අත්දැකීම. ඇත්තටම හරිම සතුටුයි. තමන් හරි විදියට හිටියොත් ඒ හැමදෙයක්ම හරි විදියට කරන්න පුළුවන් කියන තැන ඉඳන් තමයි හැමදේටම මුහුණ දුන්නේ.


චරිතයක් තෝරාගනිද්දී සීමාවන් තියෙනවද?


ඔව්… මට මොන නිර්මාණයට කතා කළත් මුලින්ම අම්මගෙනුයි අක්කගෙනුයි අහලා තමයි අන්තිමට තාත්තට කියන්නේ. අපේ තාත්තා පොඩ්ඩක් විතර සැරයි. එයාලගේ අවසරය ඇතුව තමයි මම හැම වැඩක්ම කරන්නේ. චරිතය මොන වගේද කියලා හැම එකකදිම බලනවා. එහෙම නැතුව හැම එකකටම යන්නේ නැහැ. මගේ විදියට නොගැළපෙන ගොඩක් ඒවාට මට කතා කරල තියනවා. ඒ කිසිම එකකට මම ගියේ නැහැ. මගේ වයස මගේ රූපෙත් එක්ක මගේ චරිතයට ගැළපෙන චරිත ලැබුණොත් විතරයි මම රඟපාන්නේ.


රංගනයට එද්දී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?


අපේ තාත්තා නම් පොඩ්ඩක් මේ දේවල් වලට අකමැතියි. ගොඩක් අමාරුවෙන් තමයි මමයි අම්මයි අවසර ගන්නේ කලාව සම්බන්ධ වැඩවලට. අම්ම නම් හරිම ආසයි මාව එක එක විදියට ලස්සන කරලා බලන්න. එයාගෙයි අක්කලා දෙන්නගෙයි සහයෝගය මට හැමතිස්සෙම තියනවා.


ආදරේ දකින්නේ කොහොමද?


මම හිතන විදියට ආදරේ කියන්නෙම කැපකීරීමක්. අපි හැමෝම ආසයි ආදරේ ලබන්න සහ ආදරේ විඳින්න. ඒක දැනටමත් මට මගේ පවුලේ අයගෙන් ලැබෙනවා. එතැනින් එහාට ලස්සන ආදරයක් මටත් හමුවෙනකන් බලන් ඉන්නවා.


ගොසිප් ගැන ඔබට දැනෙන්නේ කොහොමද?


මට තාම එහෙම කටකතා නම් ඇහිල නැති තරම්. හැබැයි ළඟම ඉන්න අයගේ කතා නම් සෑහෙන්න ඇහිලා තියනවා. මම එයාලට වඩා step එකක් ඉස්සරහට ගියා කියන්නේම ඒක මිනිස්සුන්ට දරාගන්න හරිම අමාරුයි. මම තාම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නිසා ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි තියෙන්නේ. ගොසිප්වලට බෑ කවදාවත් මාව වට්ටන්න. හිතේ ශක්තිය තියාගෙන තමන් මහන්සි වෙන ඉලක්කෙට යන්න තමන් දැනගන්න ඕනී.


අනාගත බලාපොරොත්තු මොනවද?


මගේ degree එකත් media Arts Production & Technology ඒකත් media ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඉතින් degree එකත් අරගෙනම ඒ පැත්තෙන් යන්න පුළුවන් උපරිම දුර යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මම ආසයි acting side එකට අමතරව presenting side එකටත් යන්න. ඒ ඔක්කොම එක්ක හොඳ විදියට කලා ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න බලාපොරොත්තු වෙනවා..

gossiplanka image 1
Previous Post Next Post