සමහරු හැමදෙයක්ම වැරදියට තේරුම් ගන්නවා – වෛරල් වුණු වීඩියෝ ගැන ගයාත්‍රි කියන කතාව

gossiplanka image 2
අපි ඔයාල හොඳින් දන්න හඳුනන ගයාත්‍රි ඩයස්ගේ වීඩියෝ වගයක් මේ දවස්වල වෛරල් වෙනවා. කොහොමටත් ගයාත්‍රි ඩයස්ගේ නමට ඈඳිලා කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය හරහා විවිධ කතාන්දර ඉස්මතු වෙනවානේ. ඇත්තටම මේ පාර සමාජ මාධ්‍ය හරහා වෛරල් වුණු වීඩියෝවල ඇත්තම කතාන්දරය මොකක්ද කියලා දැනගන්න අපි ගයාත්‍රිට කතා කළා.


ගයාත්‍රි, මේ දවස්වල ඔයාගේ වීඩියෝ වගයක් සමාජ මාධ්‍යයේ වෛරල් වෙනවා නේද?


වීඩියෝ නම් වෛරල් වෙනවා. කොහොමත් මාව සෝෂල් මීඩියා ඇතුළේ කතාවට ලක්වෙන කෙනෙක් වෙලා. මමත් ඒක හරියටම දන්නේ නැහැ. නමුත් මේ දවස්වල මගේ වීඩියෝ ටිකක් එහෙට මෙහෙට වෛරල් වුණා. මම ටික්ටොක් එකේ හරි ඉන්ස්ටර්ග්‍රෑම් එකේ හරි මොනවා හරි එකක් දැම්මොත් හුඟක් වෙලාවට වෛරල් වෙනවා. එහෙම වෛරල් වුණු වීඩියෝ ටිකක් තමයි පසුගිය දවස් ටිකේ ගියේ.


සමහරු හැමදෙයක්ම වැරදියට තේරුම් ගන්නවා - වෛරල් වුණු වීඩියෝ ගැන ගයාත්‍රි කියන කතාව

අලුත් වැඩක් පටන් ගත්තා කියලත් ආරංචියි?


හැමෝම දන්නවා මම සත්තුන්ට ආදරෙයි කියලා. ඒ වගේම ලෝකය පුරා ට්‍රැවල් කරන්න කැමැතියි. එහෙම කාලයක් තිස්සේ එහෙ මෙහෙ යන වීඩියෝ තමයි මගේ ඉන්ස්ටර්ග්‍රෑම්වල ටික්ටොක්වල දැම්මේ. ගොඩක් අය ඒවා බලන්න ආසයි. ඉතිං මට පොඩි ආසාවක් ආවා යූටියුබ් නාළිකාවක් ඔස්සේ මේ වැඩේ පටන් ගන්න. ඒක තමයි දැන් මේ Travel vibe කියලා පටන් ගත්තේ.


අසරණ සත්තු වෙනුවෙනුත් තැනක් හදන්න යනවාලු නේද?


පාරේ අසරණ වෙලා ඉන්න බල්ලො, පූසෝ වෙනුවෙන් ඉන්න තැනක් හදාගෙන යනවා. ඔවුන්ට බේත් ටික කරලා, කන්න බොන්න දෙන්න පුළුවන් සාමාන්‍ය තැනක්. ඇත්තටම මම මේ දවස්වල ඔය වැඩේටත් කාලය යොදවලා තියෙනවා. මේ අදහස මට ආවෙත් ලංකාව පුරා ඇවිදින කොටයි.


සමහරු හැමදෙයක්ම වැරදියට තේරුම් ගන්නවා - වෛරල් වුණු වීඩියෝ ගැන ගයාත්‍රි කියන කතාව

වෛරල් වුණු ට්‍රැවල් වීඩියෝවල ඇත්ත නැත්ත මොකක්ද?


මේ වගේ වැඩක් ඇත්තටම කියන්න තනියම කරන්න අමාරුයි. ඉතිං මේකට තව කවුරු හරි ඉන්න ඕනෑ. ඒ වැඩේට මම ගොඩකාලයක ඉඳලා කවුරු හරි හොය හොයා හිටියේ. එහෙම වෙලාවක තමයි මගේ මේ වැඩේට මගේ පාර්ට්නර්ව හම්බ වෙන්නේ. ඔහු දුර පළාත්වල ඇවිදින තරුණයෙක්. නම මීමන්ත. ඉතිං මම මේ වැඩේට ඔහුව තෝරා ගත්තා. ඔහුත් එක්ක අපි එහෙට මෙහෙට ඇවිදලා පොඩි පොඩි වීඩියෝ පට කිහිපයක් කරගත්තා. ඒ වීඩියෝ ටික මම දැම්මට පස්සේ තමයි පොඩ්ඩක් වෛරල් වෙලා තියෙන්නේ. මොකද සමහර අය හුඟක් වෙලාවට මේ හැමදෙයක්ම වැරදියට තේරුම් ගන්නවා. එහෙම දෙයක්ද කොහේද වෙලා තියෙන්නේ. මම ඒ ගැන එච්චර හිතන්නේ නැහැ. මම කරන වැඩේට තමයි මම මූලිකත්වය ලබාදෙන්නේ.


රඟපානවා වගේ ඒ අත්දැකීමත් සුන්දරද?


ඇත්තටම ලේසි නැහැ. නමුත් මේක හරිම රසවත්. මම ඇත්තටම ලංකාව පුරාම හැම තැනම ඇවිදින්න කලින් ගොඩක් ඇවිද්දේ වෙන රටවල්වල. මට යන්න හම්බවුණු ගොඩක් රටවල්වල මම ගොඩක් ඇවිද්දා. එහෙම ඇවිදින වෙලාවක ආපු අදහසක් තමයි අද මේ මම Travel vibe කියල යූටියුබ් එකක් හරහාම පටන්ගත්තේ. ලංකාවේ අයිකොන් එකක් හැටියට ලෝකයට අපේ රටේ සුන්දරත්වය පෙන්වන්න පුළුවන් නම් විදේශ විනිමය වුණත් ගොඩක් අපේ රටට රැගෙන එන්න පුළුවන්නේ.


දැන් රඟපාන වැඩේ නවත්වලා දැම්මද?


අනේ නැහැ… නැහැ. ඒ වැඩෙත් අනිවාර්යයෙන්ම කරනවා. මම රඟපාන එක නවත්වන්නේ නැහැ. මම හැමදාම ඒ දේවල් ආසාවෙන් කළා. ඒ දේවල් ඒ විදිහටම කරන ගමන් තමයි මේ වැඩේටත් කාලය පොඩ්ඩක් යොමු කරල තියෙන්නෙ. සමහර වෙලාවට පොඩ්ඩක් කියන්නත් බැහැ. මම මගේ රට ඇතුළේ ඇවිදින්න හරිම ආසයි. ඒකට තමයි මේ ලෑස්ති වුණේ. ඒක හරි විදිහට කරන්න ඕනෑ කියලා හිතුණා.


ක්ෂේත්‍රයේ අය මේ වැඩේ ගැන කතා බහ කරලා ඇහැව්වේ නැද්ද?


ගොඩක් අය අහන්නේ මට මෙච්චර කාලය කොහෙන්ද කියලා. ගොඩක් අයට හරි පුදුමයි. මම කොහොම හරි මේ වැඩේට කාලය හොයා ගන්නවා. හැමෝගෙම මානසික නිදහසට ට්‍රැවල් කරන එක ගොඩක් වටිනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ සුන්දරත්වයත් මේ හරහා කතාබහ කරන්න හිතාගෙන ඉන්නවා. අවුරුදු ගණනාවක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් මට කරන්න හම්බ වුණ එකම ලොකු දෙයක්.


අලුත්ම වැඩේ ගැන, දුවලා මොනවද කිව්වේ?


ඒගොල්ලො කොහොමත් මගේ වැඩවලට කැමැතියි. ඒගොල්ලො දන්නවා මම වැරදි වැඩක් කරන්නේ නැහැ කියලා. මම කරන දේවල් ඒගොල්ලො කවදත් අගය කරනවා. අනිත් එක මම ඒගොල්ලන්ගේ වැඩවලටත් සහයෝගයක් ලබාදෙනවා. ඒ කරන ගමන් මගේ මානසිකත්වයටත් මම යමක් කරනවා.


කොහොමද සැලෝන් එකේ වැඩකටයුතු?


සැලෝන් එකේ මම සාමාන්‍යයෙන් වැඩ කරන හින්දා හැමදේම සමබරව කරගන්නවා. ඒවත් කරගෙන මේවත් කරගෙන මගේ රංගන වැඩකටයුතුත් කරනවා. මොකද මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු පාරාදීසේ ටෙලිනාට්‍යය වගේම සිරි ගරාජ් කියන ටෙලිනාට්‍යයත් විකාශය වෙනවා. ඔය නාට්‍ය දෙකේම රූගත කිරීම්වලටත් මේ දිනවල දායක වෙනවා.


ට්‍රැවල් කරන්න ගිහිල්ලා අනතුරු වුණු අවස්ථා එහෙමත් ඇති නේද?


අනතුරු නම් ගොඩක් තියෙනවා. මම මුල මේ දේවල්වලට යන කාලේ ඒ දේවල් හරියටම දන්නේ නැහැ. කෙණ්ඩ පෙරළෙන ඒවා හරියටම සිද්ධ වෙනවා. හෝර්ටන් ප්ලේස්වල ඇතුළටම ගියාට පස්සේ එළියට එන්න බැරිව හිටියා. ගේට්ටු වහල හින්දා. ඒකත් වෙනස්ම අත්දැකීමක්. මේ ළඟකදිත් හබරණදී අලි ගහන්න ගිහිල්ලා නූලෙන් තමයි බේරුණේ. අලි ළඟට ගිහිල්ල වීඩියෝ එකක් කරන්න ගිහිල්ලා තමයි ඒක සිද්ධ වුණේ. අන්තිමේ මම කාර් එක ස්ටාර්ට් කරගෙන කඩාගෙන ආවා. ඉතිං තත්පරයක් එහෙ මෙහෙ වුණා නම් කාර් එකට ගහනවා. ඉතිං ඔය වගේ දේවලුත් වෙනවා. වෙනස්ම අත්දැකීම් තමයි.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post