රෝස ආදරේට කලින් ආදරේක පැටලුණු රුමලි

 



නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පනියක් ලෙසින් කාලෙන් කාලෙට ඔබ හමුවට ආ ඇය මේ දිනවල ඔබ හමුවට එන්නේ හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරනු ලබන ‘රෝස ආදරේ’ සිනමා නිර්මාණයත් සමගය. රෝස ආදරේ සෙනාලි ඇයයි. මේ කතාබහ රිදී තිරයේ සෙනාලි ලෙසින් ඔබ හමුවට ආ රුමලී කේෂිඩා සමගය.

2025 අවුරුද්ද කොහොම ද?


අවුරුද්ද සුබයි කියලා හිතනවා. මොකද අවුරුද්ද පටන්ගන්නෙ ම සුබ ආරංචියකින්. 2025 කියන්නෙ මගේ ජීවිතයේ ලොකු කඩඉමක් කිව්වොත් හරි.


රෝස ආදරේට කලින් ආදරේක පැටලුණු රුමලි

මොකක්ද ඒ ලොකු කඩඉම?


මම රංගනයෙන් දායකවුණු හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරනු ලබන ‘රෝස ආදරේ’ සිනමා නිර්මාණය තිරගත කිරීම ආරම්භ කළා.


අවුරුද්ද පටන් ගනිද්දිම රෝස ආදරේක පැටලුණා. එහෙම ද?


රෝස ආදරේ කියන්නේ මම රංගනයෙන් දායකවුණු වගේම තිරගත වන මගේ පළමු සිනමා නිර්මාණය.


රෝස ආදරේට කලින් ආදරේක පැටලුණු රුමලි

රුමලීත් ආදරයක පැටලිලා කියන්නේ ඇත්ත ද?


ඔව්. ඔව්. මමත් ආදරයක පැටලිලා ඉන්නේ. පාසල් කාලයේ ආදරයක් තමයි මට තියෙන්නේ.


කලාවට පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය ?


ඇත්තට ම ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ ගමන මුලින්ම ආරම්භ වුණේ 13 වසරේ දී වෙළෙඳ දැන්වීම්වලින්. ඒ කාලේ ඉඳලා අද වෙනකම් එයා මට ලොකු සහයෝගක් ලබාදෙනවා. කිසිම තහනමක් ඇත්තේ නැහැ. අම්මා, තාත්තා වගේම එයත් මගේ පිටුපසින් සිටීම ඇත්තට ම සතුටුයි.


රෝස ආදරේට කලින් ආදරේක පැටලුණු රුමලි

රෝස ආදරේට කලින් රුමලීත් ආදරයක පැටලුණා එහෙනම්?


ඔව්. ඔව්. ඒ කතාව හරි. මම ආදරේක පැටලුණේ පාසල් කාලයේ දී.


රෝස ආදරේ සෙනාලිව හමුවුණේ කොහොම ද?


රෝස ආදරේ අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද අයියාව මට උපන්දින සාදයක දී මුණගැසුණා. ඒ වෙලාවේ දී තමයි මට සෙනාලිගේ චරිතය ගැන කිව්වේ. පසුව පිටපත එහෙම කියවලා බලලා මේ චරිතයට කැමැති වුණා.


ෂූටින් අත්දැකීම් එහෙම?


හරිම ෆන්. නාට්‍යයක රූගත කිරීමට වඩා චිත්‍රපටයක රූගත කිරීමට කාලය කෙටියිනේ. චිත්‍රපටයට හිටපු කාස්ට් එක පවා හරිම වෙනස්. ඔවුන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. වෙනස්ම අත්දැකීමක්.


මේ දවස්වල මොනවා ද කරන්නේ?


මේ දවස්වල මම රඟපෑ ටෙලිනාට්‍යයක් විකාශය වෙන්නේ නැහැ. පසුගිය කාලයේ මම රඟපෑ ටෙලිනාට්‍යයක් විකාශය වෙලා අවසන් වුණා. ඉදිරියේදීත් රූගත කිරීමට නියමිත ටෙලිනාට්‍යයක් තියෙනවා.


රංගන ජීවිතය ගැන මොකද හිතන්නේ?


මම තෘප්තිමත්ව කරගෙන යනවා. ලොකු ප්‍රෙෂර් එකක් අරගෙන වැඩ කරන්නේ නෑ. ඒ වගේම තරගකාරීත්වයක් එක්ක පස්සෙන් පන්නගෙන ගිහිල්ලා වැඩ සොයාගෙන කරන්න සූදානම් නැහැ.


රුමලී කියන්නේ පස්සෙන් ගිහිල්ලා වැඩ ඉල්ලන චරිතයක් නෙමෙයි?


ඇත්තට ම නැහැ. මම හැමතිස්සෙම හිතන්නේ මට හම්බවෙන්න තියෙන දෙයක් මට අනිවාර්යයෙන්ම හම්බවෙනවානේ. මම කොහොමටත් සොබා දහමෙන් ලැබෙන දේවල් ගැන විශ්වාස කරන කෙනෙක්. ඇත්තට ම අද වෙනකම් මම කාගෙවත් පස්සෙ ගිහිල්ලා කාවවත් කපලා වැඩ අරගෙන නැහැ, අරගන්නෙත් නැහැ. හෙමිහිටි මගේ ගමන යනවා. රංගනය මම හදාරපු දෙයක් නෙමෙයිනේ. හැබැයි කේෂ්ත්‍රයට ඇවිල්ලා මේ දේවල් ඉගෙන ගෙන ලොකු ගමනක් යන්න තියෙනවා.


ඉක්මනට ම ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැති ද?


අනේ නැහැ. කොලිටි වැඩක් දෙකක් කරනකොටනේ ජනප්‍රියත්වයක් ලැබෙන්නේ. අනික ඒ ජනප්‍රියත්වය රැඳෙන එකක් වෙන්නත් එපායැ. දවසින් දෙකෙන් නිවිලා යන චරිතයක් වෙලා වැඩක් නැහැ. ඉවසීමෙන් ගමනක් යනකොට මම හිතනවා ඕනෑම දෙයක කල්පැවැත්ම වැඩියි කියලා.


මේ තාක් ලැබුණු ආරාධනා ගැන මොකද හිතන්නේ?


සතුටුයි. මගේ පළමු ටෙලිනාට්‍යයෙන් මම එළියට ආවේ නපුරු චරිතයකින්. ඊට පස්සේ මට එකදිගට ම ඒ වගේ චරිතවලට ආරාධනා ලැබුණා. පසුව මම ඒවා ප්‍රතික්ෂේප කළ පොඩි පොඩි හේතු මත. මම කරපු නිර්මාණ ගැන ගොඩක් සතුටුයි.


රුමලී කියන්නේ මොනවගේ චරිතයක් ද?


මම ඇත්තට ම සයිලන්ට් චරිතයක්. හැමතිස්සේම හැමකෙනෙක් එක්කම කතා කරන චරිතයකුත් නෙමෙයි. මගේ පාඩුවෙ හරි සරලව ඉන්න චරිතයක්. හැබැයි මට රඟපාන්න හම්බවුණේ ඊට හාත්පසින්ම වෙනස් චරිත.


මෙච්චර ලස්සනට ඉඳීමේ රහස මොකක් ද?


මම හිතන්නේ හැමදේම සමබරව පවත්වාගෙන යෑම තමයි. ජීවිතයේ ස්ටේ‍රස් නැතිව ජීවත් වෙනවා කියන එක ගැනත් ගොඩක් හිතන චරිතයක්. හැමදේම බැලන්ස් වීම තමයි ඉතාම වැදගත්. ලස්සන වීමේ රහස නම් හිත පිරිසිදුවීමයි.


ඔබේ වෘත්තිය?


මගේ වෘත්තිය රංගනය. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතුත් සිදුකරගෙන යනවා.


දැන් අධ්‍යාපනයෙන් ඈත්වෙලා ද?


නැහැ. නිරූපණ කටයුතුත් කරගෙන යනවා. වෙළෙඳ සන්නාම යටතේ ඇඳුම් නිර්මාණවලට පෙනී සිටිනවා. හැබැයි සියයට සියයක් නිරූපණ කේෂ්ත්‍රයේ රැඳෙනවා හරිම අඩුයි. රූම්ප් මොඩ්ලින් කරනවා හරි අඩුයි. ටෙලිනාට්‍ය රංගනයට ආවට පස්සේ ඒ දේවල්වලින් ඈත්වුණාට රංගනයට තමයි මුල්තැන දීලා තියෙන්නේ.


දිනේෂ් විතාන



Previous Post Next Post