
දේවි කුසුමාසනහි පද්මා ඔබයි, කොහොමද මේ අවස්ථාව ලැබුණේ?
දේවි කුසුමාසනහි සහය අධ්‍යක්ෂ වන ප්‍රියන්ත අයියාගේ ආරාධනාවකට අනුව තමයි මම ජයන්ත චන්ද්‍රසිරි සර්ව හමුවෙන්නෙ යන්නෙ. මම මින් පෙර ප්‍රියන්ත අයියා එක්ක වැඩ කරලා තියෙනවා. ඒ ඇති වුණු විශ්වාසය එක්ක තමයි ජයන්ත සර්ට ප්‍රියන්ත අයියා හඳුන්වා දෙන්නෙ මේ චරිතෙට මෙයා සුදුසුයි කියලා. ඊට පස්සෙ ජයන්ත සර් එක්ක කතා කරාට පස්සෙ සර් මගේ ගැන ගොඩක් පැහැදීමකට ලක් වුණා. ඒකට හේතුව තමයි නාට්‍යය හා රංග කලාව සම්බන්ධව සහ රංගනය සම්බන්ධව ඉගෙන ගන්න විශ්වවිද්‍යාලීය ශිෂ්‍යාවක් විදියට ඔහු ඉතාම සතුටු වුණා මාව මේ චරිතෙට තෝරා ගන්නට. මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රියන්ත අයියාට මාව ජයන්ත චන්ද්‍රසිරි සර්ට හඳුන්වා දීම ගැන
පද්මාහි භූමිකාව ගැන කෙටියෙන් කිව්වොත්?
කුසුමාසන දේවියගේ ළඟම යෙහෙළිය සේවිකාව කියන භූමිකාවන් දෙකම ඒ චරිතය තුළ අන්තර්ගතවෙලා තියෙනවා. මේ චරිතය ගොඩනඟා ගැනීමේදී මහේන්ද්‍ර පෙරේරා අයියා, හේමාල් අයියා, උදාරි වර්ණකුලසූරිය අක්කා මට ගොඩක් උදව් කළා.
සිනමාවේ මුල්ම අවස්ථාව ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණයෙක්ගේ නිර්මාණයක් වීම ගැන මොකද හිතෙන්නේ?
මම හිතන්නෙ මම හරිම වාසනාවන්තයි කියලා මට දැනෙනවා. මොකද හේතුව ඔහුගේ පෙර නිර්මාණ එක්ක සංසන්දනය කරද්දී ඔහු වැනි ප්‍රවීණයෙක්ගේ නිර්මාණයක් හරහා සිනමාවට එන්න ලැබීමම මගේ රංගන ජීවිතෙ ඉදිරි ගමනට ලොකු අඩිතාලමක් වේවි.
අ
මතක නොවන මතකයන් ඇති?
අපි ජනවාරි 14 පටන් ගෙන මාර්තු 10 වෙනිදා වෙද්දි ශූටින් ඉවර කරනවා. ඒ කාල වකවානුවම මට අමතක නොවන කාලයක්. ඉතා සුන්දර මිහිරි අත්දැකීම් එකතු වුණු කාලයක්. ඒ අතර විශේෂයෙන්ම අමතක නොවන එක දෙයක් කිව්වොත් මේ පිටපතේ තිබ්බ ඇතැම් වචන මට හරි හැටි උච්චාරණය කරන්න අපහසු තැන් තිබ්බා. උදාහරණ විදියට කිව්වොත් බකලබර්තසාර් කියන වචනය. දැන් ඒ වචනය කියා ගන්න පුළුවන් වුණාට මම එදා ශූටින් වෙලාවේ හරි බයෙන් හිටියේ මට ඒ වචනේ කියාගන්න පුළුවන් වෙයිද කියලා. මට මතකයි චර්ච් එකේ මම දුවන් ඇවිත් කුසුමාසන දේවියට බකලබර්තසාර් ගැන විස්තරයක් කියන්න තියෙනවා. එදා මට ඒ වචනේ කියා ගන්න බැරුව දඟලපු විදිය මුළු කෲ එකටම මතකයි. මට විතරක් නෙවෙයි ජයන්ත සර්ට උදාරි අක්කට සහ මුළු කණ්ඩායමටම ඒ දේ මතකයි. අදටත් ඒ දර්ශන පෙළ දකිද්දී කට්ටියටම හිනා යනවා. ඒ එදා සිදුවීම මතක් වෙන නිසා.
කණ්ඩායම ගත්තම ලැබුණ සහයෝගය කොහොමද?
කණ්ඩායමෙන් ලැබුණ සහයෝගය වචනයෙන් කියලා නිම කරන්න බැහැ. මම හිතන්නෙම හොඳ නිර්මාණ කාර්යක් මේ විදියට සාර්ථකව නිම වෙන්නෙම ඒ තිබුණ කණ්ඩායම් හැඟීම නිසා. ජයන්ත සර්, රුවන් කොස්තා සර් ප්‍රමුඛ කෲ එක සහය අධ්‍යක්ෂක ප්‍රියන්ත අයියා ඇතුළු කණ්ඩායමම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම හිටපු ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සියලු දෙනාම මම ආධුනිකයි කියලා වෙනසක් කරේ නැහැ. ඒ හැමෝම මට හැමදේම කියලා දුන්නා. මම නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඉන්දික අයියා, හරූන් අයියා මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ විදියට කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය නිසාම තමයි මේ තරම් සාර්ථක නිර්මාණයක් බිහි වුණේ.
මින් පෙර පුංචි තිරයේ නිර්මාණවලින් දකින්න ලැබුන නිර්මාණ ගැන මතක් කළොත්?
මාව ප්‍රේකෂකයන් හඳුනාගන්නෙ සාරංග මෙන්ඩිස් අයියාගේ සංගීතේ නාට්‍යය හරහා. ඊට පස්සෙ රොෂාන් අයියාගේ බොනිකරතරු නාට්‍යය. සුපුන් රත්නායක අයියාගෙ ෆෝ චූන් රෙසිඩන්සි සහ තත්පරයක් දෙන්න. මම හිතන්නෙ ෆෝ චූන් රෙසිඩන්සි තමයි මගේ රංගන ජීවිතෙ තුළ මට දෙයක් කරන්න පුළුවන් කියලා මටම හැඟුන නිර්මාණය. ධනුෂ්ක රේමන්ඩ් අයියාගේ ද ලේක් නාට්‍යය ඉස්සරහට බලන්න ලැබෙන නිර්මාණයක්. සුපුන් අයියාට සහ ධනුෂ්ක අයියාට ස්තුතිවන්ත වෙනවා ආධුනික රංගන ශිල්පිනියක් විදියට මා කෙරෙහි විශ්වාසය තියලා ඒ ඒ චරිතවලට මාව තෝරා ගැනීම සම්බන්ධව.
ඉදිරියට වැඩි ඉඩක් සිනමාවට වෙන් වෙයිද?
ඇත්තටම මගේ හීනය සිනමාව තුළ චරිතාංග රංගන ශිල්පිනියක් වීම. මේ ආරම්භය එක්ක මම හිතනවා මගේ ෆැෂන් එක එක්ක ඉදිරියට යන්න. ඒ වෙනුවෙන් චරිත ලැබුණොත් මම සිනමාව වෙනුවෙන් කැපවෙනවා. මේ වෙද්දිත් තව සිනමා නිර්මාණයකට ඇරයුම් ලැබිලා තියෙනවා. බලමු ඉස්සරහට ඉතින්.
විශ්වවිද්‍යාලයේ කටයුතු අවසන් ද?
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය මම අවසන් කරනවා ජුනි 30 වෙද්දි. ඊට පස්සෙත් මම ඉගෙනීම නතර කරන්නෙ නැහැ. මගේ විෂය ඇතුළේ දවසින් දවස යාවත්කාලීන වෙමින් මම ඉදිරියටත් අධ්‍යාපනය ලබනවා. ඒ නිසා මම මෙතනින් නවතින්නෙ නැහැ.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
දේවි කුසුමාසන එකෙන් පස්සෙ මම පොඩි විරාමයක් ගත්තා. පුංචි තිරයෙන් එන්න තියෙන්නෙ ධනුෂ්ක රේමන්ඩ් අයියාගේ ද ලේක් නාට්‍යය. ඊට අමතරව අලුත් ටෙලි නිර්මාණ දෙකකට සහ චිත්‍රපටයකට ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ නිර්මාණ හරහාත් ප්‍රේකෂකයන් අතරට එන්න බලාපොරොත්තු වෙනවා.
චරිතයක් තෝරා ගන්න කලින් බලන්නෙ මොනවද?
මට ඒ චරිතෙ තුළ කරන්නට දෙයක් තියෙනවා ද කියන එක මම මූලිකවම බලනවා. එකම විදියේ චරිත තෝරා ගන්නෙ නැහැ. මට අවශ්‍ය වෙන්නෙ මගේ චරිතය තුළින් කොයි තරම් දුරට මගේ හැකියාවන් පෙන්නුම් කරන්න පුළුවන් ද සහ ඒ චරිතෙ තුළින් සමාජයට දෙන පණිවුඩය මොකක් ද කියන එක.
මේ ගමන එන්න ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පුංචි කාලේ ඉඳලා මගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඒ පැත්තට යොමු කළේ මගේ අම්මයි තාත්තයි. ඒකට මම ඔවුන් දෙපළට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ මේ ගමනේ හෙවණැල්ල මගේ අම්මා. මුදියන්සේ සර් ගාවට සහ සහන් රංවල සර් ගාවට එක්කගෙන ගිහින් මට නර්තනය කලාව ඉගෙන ගන්න මග පෙන්නුවෙ අම්මා. ඒ වගේම මගේ තාත්තා තමයි මගේ ලොකුම ෆෑන්. මම පොඩි දෙයක් කරත් අඩුපාඩු කියන්නෙ තාත්තා. ඒ වගේම අයියා සහ අක්කිවත් ආදරෙන් මතක් කරනවා. ඒ හැමෝම මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.
