රවීන් තාරුක ඔබ මුලින්ම දකින්නෙ දෙරණ ඩී්රම් ස්ටාර් තරගයෙන්. ඉන් පස්සෙ කාලයක් ඔහු නිහඬවම ගෙවා දැම්මා. ඒත් ඒකට හේතුවක් තියෙනව. පසුගිය දවස්වල ‘හිමි නැති ආදරේ’ එක්ක කරළියට එන රවීන් මේ දිනවල ‘පාරාදීසේ’ ටෙලි නාට්‍යයෙන් දකින්න ලැබෙනව.
රවීන් තාරුක මේ දවස්වල ජනප්‍රිය චරිතයක්?
ඔව්, මේ වන විට යම්කිසි ප්‍රමාණයක ජනප්‍රියත්වයක් ලැබිල තියෙනව.
පාරාදීසේ ටෙලියට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. රසිකයන්ගෙ ආදරයත් එක්ක රංගනය ගැන තවදුරටත් හදාරන්න දැන් ආසාවක් ඇතිවෙලා තියෙනව.
කොහොමද මේ ආරාධනාව ලැබෙන්නෙ?
එක හරි අහඹු සිදුවීමක්. පාරාදීසේ ටෙලි නාට්‍යයේ මියුසික් සම්බන්ධයෙන් පැවැත්වුණ සාකච්ඡාවකට මටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුණ. එහිදී ඔවුන් මගෙන් ඇහුව රඟපාන්න කැමතිද කියල. ඇත්තටම මට දැණුන ඒක මට ලැබුණ හොඳ අවස්ථාවක් කියල. දෙවරක් නොසිතා ඒ ආරාධනාව භාරගත්තා.
දිගටම රඟපාන්නද අදහස?
ඒකනම් මට දැන්ම කියන්න බැහැ. මොකද මමත් තවම ඒ ගැන තීරණයක් අරගෙන නැහැ. මම ප්‍රධාන තැන දීල තියෙන්නෙ සංගීතයට. ඒකට හානියක් නොවෙන විදිහට රංගන වැඩකටයුතුත් කරගෙන යන්න පුළුවන්නම් බොහෝදුරට මම දිගටම රඟපායි.
ඔබේ විෂයය සංගීතය. රංගනය දකින්නෙ මොන විදිහටද?
රංගනය කියන විෂයය ගැන අදහසක් දෙන්න මට අත්දැකීම් නැහැ. නමුත් ඒක පෙනෙන දේට වඩා ගොඩක් අමාරු, ගොඩක් දේවල් ඉගෙනගෙන කරන්න ඕන විෂයයක් කියන එක මට තේරෙනව. කිසිම විෂයයක් වගේම කිසිම කලාවක් පාර්ට් ටයිම් කරන්න බැහැ.
කිසිම කලාවක් පාර්ට් ටයිම් කරන්න බැහැ
සංගීත ගමනේ ඉදිරි සැලසුම් මොනවද?
සංගීතය පැත්තෙන් ගත්තොත් අද තාක්ෂණයත් බොහෝම ඉදිරියෙන් තියෙන නිසා නිර්මාණශීලී, අලුත් ශබ්ද එක්ක මිනිස්සු කැමති නිර්මාණ කරන්න තමයි එකම සැළසුම.
‘හිමි නැති ආදරේක’ ගීතය ටේරන්ඩින් වෙනව. ඒ හැඟීම මොන වගේද?
ඇත්තම කිව්වොත් ගීතය ජනප්‍රිය වෙයි කියල බලාපොරොත්තුවක් තිබුණා. නමුත් රසිකයො මේ තරම්ම ගීතය වැළඳගනියි කියල හිතුවෙ නැහැ. ගොඩක් සතුටුයි මේ වගේ ජනප්‍රියත්වයක් ලැබුණ එක ගැන. ඒවගේම මගේ ඉදිරි වැඩකටයුතුවලටත් ඒක ලොකු දිරිමත් කිරීමක්.
කිසිම කලාවක් පාර්ට් ටයිම් කරන්න බැහැ
කොහොමද මේ ගීතය නිර්මාණය වෙන්නෙ?
මේ ගීතයේ තනුව සහ සංගීතය නිර්මාණය වගේම ගායනා කරන්නෙත් මම. පද රචනය කළේ උමේරා පතිරණ, ඇඩිෂනල් ඇරේන්ජ්මන්ට් කටයුතු කළේ නිමේෂ් කුලසිංහ, ගීතය මික්ස් මාස්ටර් කරන්න අපි ඉන්දියාවට යැව්වා. එහිදී රුපේන්ද්ර වෙන්කටේෂ් තමයි එම කටයුතු සිදුකළේ.
රූප රචනාව ගැන කතා කළොත්?
රූපරචනාව කරන්නෙ ප්‍රවීන් අයියා. කැමරාකරණය කළේ ඉරුෂ්ක. කාස්ට් එකට ලොකු පිරිසක් හිටිය. අපි හැමෝම එකතුවෙලා සාර්ථකව වැඩේ කළා.
අලුත් ගීතයක් එළිදකින්නෙ බොහෝ කලකට පසුව?
ඔව්, මම අලුත් නිර්මාණයක් කරන්නෙ අවුරුදු ගාණකට පස්සෙ. ඒකට හේතු වුණේ මියුසික් කොම්පෝසින් කියන දේ ඉගෙන ගන්න මට කාලයක් ගියා. නිහඬව ගෙවුණෙ ඒකට වෙන් කළ කාලය.
රියැලිටි වේදිකාවට ගොඩනොවුණා නම් රවීන් මොන වගේ ක්ෂේත්රයක් තෝරාගනීවිද?
රියැලිටි වේදිකාවට ගොඩනොවුණ වුණත් මම අනිවාර්යයෙන් මියුසික් ම කරාවි. මම හිතන්නෙත් නැහැ එතැනින් එහා දෙයක් කරන්න මම හිතලවත් ඇති කියල. සමහරවිට ජොබ් එකක් කළත් ඒ කරන දෙයක් මියුසික් එක්කම කරයි කවදහරි හරියන දවසක් එනතුරු.
රියැලිටි වේදිකාවෙන් ලැබුණ අත්දැකීම් මොන වගේද?
ඇත්තටම ඒක මගේ පළමුවැනි රියැලිටි අත්දැකීම. එවැනි එතැන වැඩ සිද්ධ වෙන්නෙ කොහොමද කියන දේ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න මට හැකියාව ලැබුණා. තරගකාරිත්වය ගොඩක් වැඩියි. ඒවැනි තැනකදි තරගකරුවෙක් විදිහට කොහොමද අපි මුහුණ දෙන්න ඕනෙ කියන දේ ගැන ලොකු අදහසක් නැතිවුණත් තරගයට සහභාගී වීමේදී ඒ අත්දැකීමත් ලබාගන්න හැකියාව ලැබුණා වගේම තවත් වචනවලින් කියන්න බැරි තරම් දේවල් ගොඩක් ජීවිතයට එකතුකරගන්න හැකියාව ලැබුණා.
කලා ක්ෂේත්රයේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවද?
මේ ක්ෂේත්රය තුළ හැමවෙලාවෙම සුදුස්සාට සුදුසු තැන ලැබෙනව කියන්නත් බැහැ, ලැබෙනවා කියන්නත් බැහැ. එක එක්කෙනාගෙ ක්‍රියාකලාපය අනුව ඒක වෙනස් වෙනව. මොකද කවුරුවත් කාටවත් වැඩ කරල දෙන්නෙ නැහැ. තමන් තමන්ගෙ මහන්සියෙන් දෙයක් කරගන්න ඕන. කවුරුවත් කාටවත් උදව් කළ යුතුයි කියන දේ කොහේවත් ලියලත් නැහැ. කවුරුත් කාවවත් කපාගෙන යන්න බැහැ කියලත් නැහැ. මේක තුළ තියෙන්නෙ ලොකු තරගයක්. කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ව කපාගෙන ගියොත් එයා වින් කරයි. පාඩුවේ පැත්තකට වෙලා කවුරුහරි වැඩක් කරල දෙනතුරු බලාගෙන හිටියොත් එයා පරාදයි. ඒ නිසා සුදුස්සාට සුදුසු තැන ලැබෙනවද කියනදේ තීරණය කරන්න ඕන තමන්මයි. අවශ්‍ය තැනට සුදුසු විදිහට තමන් වැඩ කරන්න ඕන. සියල්ල සර්ව සාධාරණ වෙනතුරු බලාගෙන ඉන්න හොඳ නැහැ.
ලැබෙන ජනප්‍රියත්වය පරෙස්සමට රැකගන්න ඕන නේද?
ඒක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. අමුතු චරිතයක් රඟපාන්න අවශ්‍ය නැහැ. මේ ඉන්න මම ම මම විදිහට හැසිරුනානම් කිසි හානියක් වෙන්නෙ නැහැ.
ඔබේ හඬට, සිනහවට වැඩිපුරම කැමති රසිකාවියන්?
ඒ ගැන දළ අදහසක් ගත්තොත් මම භාවිත කරන ෂෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම් තුළ ඒක බලන්න පුළුවන්. එහෙම බැලුවාම සියයට හැටගණනක් පමණ ප්‍රතිචාර තියෙන්නෙ කාන්තා පාර්ශ්වයෙන්.
විවාහය, ආදරය කියන මාතෘකාව ගැන ඔබ හිතන්නෙ මොන විදිහටද?
ඒක කතාකරන්න අමාරු ලොකු මාතෘකාවක්. විවාහය කියන දේ ගැන මම තවම හිතලවත් නැහැ. පොදුවේ ගත්තාම මේ මාතෘකා දෙක ගැන කතා කරන්න මම පරිණතත් නැහැ.
මහේෂ් එදිරිසිංහ