නත්තල් සීනු හඬ වගේම පුංචි දරුවන්ගේ සතුටු සිනා හඬ සහ ඔවුන්ගේ සුරතල් දඟකාරකම් නත්තලට එකතු කරන්නෙ අපූරු මිහිරියාවක්. අද හදසර සුහද කතාබහත් සමඟ එකතු වෙන්නෙ සමාජ මධ්‍යයෙන් සහ පුංචි තිරයෙන් නිතරම දකින රොෂාන් රණවනය. සුරතල් දඟකාරයෙක් වන මිනෙත් රණවනගේ පියා වන රොෂාන් රණවනය. ඒ පුංචි මිනෙත්ගේ නත්තලට සූදානම ගැන කතාබහ කරන්නයි.
ඉතින් රොෂාන්, කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
නත්තල් කාලය කියන්නෙ බොහොම කාර්යබහුල කාලයක්. නමුත් මම සිනමාවට ආවට පස්සෙ වැඩිපුරම කාර්යබහුල වුණු දෙසැම්බර් මාසය තමයි මේක. නොවැම්බර් මාසයේ සිට මේ දක්වා එකදිගට වැඩවලට සම්බන්ධ වුණා. මේ දිනවල විකාශනය වන “අහස්” ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. රිදී රැයක් ප්‍රසංගය සහ අනෙකුත් ප්‍රසංගවලට දායක වුණා. මේ දවස්වල අලුත් චිත්‍රපටයක රූගත කිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා. සමාජ මාධ්‍යවල වැඩ කටයුතුත් එක්ක පුදුම තරම් කාර්යබහුල වුණු මාසයක් තමයි මේ ගෙවී යන්නෙ.
නත්තල් උත්සවය කියන්නෙ ඉතාමත් සතුටුදායක කාලයක්. ඉතින් නත්තලේ කාටත් වඩා වැඩිපුර සතුටු වෙන්නෙ දරුවන්. මිනෙත් පුතාගේ නත්තල් සූදානම මොන වගේද?
මිනෙත් පුතා නත්තලට ගොඩක් කැමතියි. නත්තල් මාසයටත් පෙර සිටම එයා නත්තලට සූදානම් වෙනවා. පුතා නත්තල දකින්නෙ බොහොම සුවිශේෂී දෙයක් විදිහට. නත්තලට ලොකු කාලයකට කලින් ඉඳන්ම නත්තල් සැරසිලි එළියට අරගෙන එයාගේ කාමරය සරසා ගත්තා.
අපි පුතා ගැන තොරතුරු ටිකක් කතා කළොත්?
පුතාගේ නම මිනෙත් රණවන. වයස අවුරුදු පහයි. පුතා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා. මිනෙත් ගායනයට සහ නිවේදනයට විශේෂ හැකියාවක් දක්වනවා. පසුගිය දවසක මාත් සමඟ සිනමා පටයක පුංචි කොටසකට රංගනයෙන් දායක වුණා. මිනෙත් පුතා අවුරුදු හතරේදී දකුණු ඉන්දියානු ගායකයෙක් වන “ක්‍රිෂ්” සමඟ “My Simba” කියන චිත්‍රපටයේ පසුබිම් ගායනයට දායක වුණා. මිනෙත් කියන්නෙ හැම අංශයකින්ම දක්ෂතා දක්වන දරුවෙක්.
පසුගිය දවසක මිනෙත්ගෙ උපන් දිනය විශේෂ තේමාවක් යටතේ ලස්සනට සැමරුවා. ඒ ගැනත් කතා කරමු?
හැම වසරකම මිනෙත් කැමති තේමාවක් යටතේ උපන් දිනය සමරනවා. මේ වසරේ පුතා කැමති වුණේ “Pilot” තේමාව යටතේ සමරන්න. මේ වසරේ “සෙලින්කෝ ලයිෆ්” එක්ක රටවල් තුනක පමණ සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. ඒ සමඟ ගුවන් තොටුපළට මිනෙත්ගේ ආකර්ෂණය වැඩි වුණා. ඉතින් ඒ ආසාව නිසාම අපි තුන්දෙනා “Pilot” තේමාවට අනුව එක වගේ සැරසිලා, විශේෂයෙන්ම මිනෙත් ගුවන් නියමු ඇඳුමකින් සැරසිලා රත්මලාන ගුවන් තොටුෙපාළේ ‘ෆොටෝ ෂූට්’ එකක් කළා. ඒ ‘ෆොටෝ ෂූට්’ එක නිසා පුතා ගොඩක් සතුටු වුණා.
සමාජ මාධ්‍ය සහ වෙළෙඳ දැන්වීම් ඔස්සේ මිනෙත්ව දැකගන්න පුළුවන්. එයාට ලැබෙන ප්‍රේක්ෂක ආදරය මොන වගේද?
කියලා නිම කරන්න බැරි තරම් ආදරයක් මගේ රසිකයන්ගෙන් මිනෙත් පුතාට හිමිවෙනවා. ඇතැම් වෙලාවට මටත් වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් පුතාට ලැබෙනවා. වයස් භේදයකින් තොරව මගේ දරුවාට ලැබෙන ආදරය ගැන තාත්තා කෙනෙක් විදිහට මට ලොකු සතුටක් දැනෙනවා.
මිනෙත් ගැන අනාගත බලාපොරොත්තු මොනවද? පුතාත් තාත්තා වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වෙන ලක්ෂණ පෙන්වනවද?
මිනෙත් පුතා දක්ෂතා දක්වන අංශ ඔස්සේ ඉදිරියට යන්න මම උදව් කරනවා. මම කවදාවත් හිතන්න නෑ, මම කරන දෙයම ඔහුත් කළ යුතුයි කියලා. දැනට නම් පුතා ගායනයට හා කලාවට දක්ෂතා පෙන්වනවා. එයා ඉදිරියේදී කුමන අංශයකට යොමුවේවිද, කෙසේ වෙනස් වේවිද කියලා තවම කියන්න අමාරුයි. කොහොම වුණත් පුතා මොන අංශයක් තෝරාගත්තත් මම අනිවාර්යයෙන් ඔහුට සහයෝගය ලබා දෙනවා.
මෙවර නත්තල සමරන්නෙ මිනෙත්ගෙ කැමැත්තට අනුවද?
මිනෙත්ගෙ කැමැත්තට අනුව තමයි සියලුම නත්තල් සැරසිලි සිදු කළේ. නත්තල් සැරසිලි මිල දී ගත්තෙත් පුතාගේ කැමැත්තට අනුව එයා තෝරපු දේවල්. ඇතැම් වෙලාවට සරසලා තියෙන සමහර දේවල් පුතා වෙනස් කරනවා. අපි හැම වසරකම හදන ගව ලෙනට අමතරව මිනෙත්, කාඩ්බෝඩ්වලින් ලස්සනට ගව ලෙනක් හැදුවා. ලස්සනට රූප ඇඳලා, කපලා අලවලා එයාගෙම නිර්මාණයක් කළා. අපිත් පුතා කරන කිසිම නිර්මාණයක් හෝ සැරසිල්ලක් වෙනස් කරන්න උත්සාහ කළේ නැහැ. එයාගේ කැමැත්තට සතුටු වෙන්න අවස්ථාවක් ලබා දුන්නා. නත්තලේ සැබෑම සතුට රඳා පවතින්නෙ කුඩා දරුවන් සහ එයාලගේ ක්‍රියාකාරකම් හා සතුට මතයි.
මිනෙත්ගෙ සතුට වෙනුවෙන් මව්පියන් ලෙස ඔබත් කුෂ්ලානිත් විශේෂයෙන් සැලසුම් කරලා තියෙන්නෙ මොනවද?
මම කොතරම් කාර්යබහුල වුණත් නත්තලේ සතුට දරුවාට ලබා දෙන්න කටයුතු කළා. නත්තල් උත්සවවලට, නත්තල් සිරි බලන්න පුතාව එක්කගෙන ගියා. පාසලේ කැරෝල් ගීත ප්‍රසංගවලට රැගෙන ගියා. මගේ කාලය පුතා වෙනුවෙන්, එයාගේ සතුට වෙනුවෙන් වැය කළා. මගේ මල්ලිගේ දුව සහ පුතා එක්ක මිනෙත්ට නත්තලේ සතුටු වෙන්න සාප්පු සවාරි යන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම අපි පවුලේ අයත් සමඟ නත්තල සමරනවා. තෑගි බෝග හුවමාරු කර ගන්නවා.
පුතා නත්තල වෙනුවෙන් අනුගමනය කරන විලාසිතා මොනවද?
නත්තලට අනුව ඒ වර්ණවලින් පුතාට ඇඳුම් අරගෙන තියෙනවා. මිනෙත් ගොඩක් කැමතියි ලස්සනට ඇඳුම් අඳින්න, විලාසිතා කරන්න. එයා ගොඩක් විලාසිතාවලට කැමති, ලස්සනට පිළිවෙළට අඳින්න කැමති දරුවෙක්.
අවසාන වශයෙන්, මිනෙත් පුතා ඇතුළු දැයේ සමස්ත දරුවන් වෙනුවෙන් ඔබගේ නත්තල් සුබ පැතුම කුමක්ද?
අද වෙනකොට පුදුම තරම් තරගකාරී ලෝකයක තමයි අපි ජීවත් වෙන්නෙ. මේ තුළට දරුවන්වත් ඇදලා දාලා කාර්යබහුල කරලා තිබෙනවා. දරුවන්ට නිදහසේ තමන්ගේ ළමා කාලය ගත කරන්න තියෙන අවස්ථාව ඇතැම් අවස්ථාවලදී දෙමව්පියන් විසින් නැති කරලා තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා දරුවන්ට සතුට, සමාදානය, නිදහස ලැබේවා කියලා. ඒ වගේම දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව, ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය, ආහාර හා පෝෂණය හැමදේම ලැබෙන, දරුවන්ට එරෙහි හිංසන, පීඩාකාරී ක්‍රියා නැතිවෙලා, දරුවන්ට වාසනාවන්ත අනාගතයක් ඇතිවෙන සුබම සුබ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
• මංගලා පවිත්‍රානි