නදීර නෝනිස්ගේ ආදරණීය දියණිය මාරියා නෝනොස් 15 වැනි උපන්දිනය සමරයි

 


ඇය ගොඩක් දක්ෂ දියණියක්.. තාත්තාගේ අම්මාගේ හීන සැබෑකරපු දුවෙක්.. මේ කියන්නේ කවුරු ගැනද..? නදීර නෝනිස්ගේ ආදරණීය දියණිය මාරියා නෝනොස් ගැන.. අද මාරියාගේ 15 වැනි උපන්දිනය.. ඉතින් ඇයට ආදරණිය සුබපැතුමක් එක්කරන්න නදීර අමතක කරලා තිබුණේ නැහැ.. 


අනාගතයේ දක්ෂ ගායිකාවක් වෙන්න පෙර මග ලකුණු පෙන්වන ආදණීය මරීයාට නදීර එක්කළ ඒ ආදරණීය සුබපැතුම මෙන්න.. "මේ අවුරුදු 15 ට ඔයා ගොඩාක් දේවල් දිනපු කෙනෙක්.වයස 14 දී ඔයගෙම සිංදු 3 ක් ඔයාගේ අතින්ම නිර්මානය කරලා ඉවරයි..ඔයාගෙම ගීතයක් ඔයාම ඉංග්‍රීස භාශාවෙන් ලියලා ඉවරයි..ඉතින් 2025 අවුරුද්ද ඒ කියන්නේ මගේ අවුරුදු 15 වේ පුංචි කෙල්ලගේ ලස්සන දේවල් ගොඩක් බලන්න තාත්තී,අම්මී, අයියා සහ ඔයාට අදරය කරන හැමෝම ආශාවෙන් බලාගෙන ඉන්නවා ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා මගේ චූටි දුව ජේසු පිහිටයි...









Previous Post Next Post