මම කටකතාවලට බය නෑ -දිල්හානි වෙඩික්කාරගේ



තූර්යා, ඇසිඩ් සහ දූවිලි මල් රංගනයෙන් හැඩ කළ දිල්හානි වෙඩික්කාරගේ කියන්නෙත් නව පරපුර නියෝජනය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. දිල්හානි මේ දිනවල නම් පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන වගේම ඉදිරි කලා නිර්මාණ ගැන ඇය සමඟ කළ කෙටි කතාබහයි මේ.


ඔබ කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ?


රවීන්ද්‍ර විජේරත්න අයියා සහ තරංග දිසානායක අයියාගේ තූර්යා ටෙලි නාට්‍යය හරහා තමයි කලාවට යොමු වෙන්නේ.


පුංචි කාලේ ඉඳලම නිළියක් වෙන්නම ද ආස කළේ?


උපන් ගම බළන්ගොඩ. මම පාසල් ගියේ ර/ශ්‍රී වලගම්බා මහා විද්‍යාලයට. මගේ පවුලේ අම්මා,තාත්තා නංගි සහ මම ඉන්නේ. විශේෂයක් නැති වුණත් නිළියක් වෙන්න පුංචිම ආශාවක් හිතේ තිබුණා.


ගෙදරින් කැමති වුණාද නිළියක් වෙනවට?


ඔව්. මම නිළියක් වෙනවට ගෙදර අයගේ අකමැත්තක් තිබුණේ නැහැ. එයාලගේ සහයෝගය මට හැම තැනකදීම ලැබුණා.


මේ වෙද්දී නිර්මාණ කීයකට සම්බන්ධ වෙන්න ලැබුණ ද?


නාට්‍ය අටකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙලා තියෙනවා.


ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරිතයක් කරන්න ලැබුණ නිර්මාණය මොකක් ද?


මම හිතන්නේ මතක හිටින චරිතයක් විදිහට කළේ ‘ඇසිඩ්‘ ඩ්‍රාමා එකේ ‘ශානු‘ගේ චරිතය කියලයි.


මේ කාලේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


මේ දවස්වල නම් මම සම්බන්ධ වුණු නිර්මාණ විකාශය වෙන්නේ නැහැ. ඒත් තව ටික දවසකින් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න තියෙනවා.


චරිතයක් භාර ගනිද්දී මුලින්ම බලන්නෙ මොනවද?


මම මුලින්ම බලන්නේ ඒ චරිතය මට ගැළපෙනවද කියලා. මට කරන්න පුළුවන් චරිතයක් නම් මම ඒක භාර ගන්නවා.


වැඩිය දකින්න නැත්තෙ ඇර­ියුම් අඩු ද නැත්නම් ලැබෙන ඇරයුම් භාර ගන්නෙ නැද්ද?


මම කාලයක් නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. ආරාධනා ලැබුණු චරිතවලිනුත් මට කරන්න පුළුවන් චරිත තමයි බාර ගත්තේ.


සිනමාවෙන් ඇර­ියුම් ලැබුණේ නැද්ද?

තවම නැහැ.


වේදිකාවට සම්බන්ධ වෙන්න ආස නැද්ද?


මම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු මුල් කාලේ නම් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. නැවතත් සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.


ක්ෂේත්‍රයේ පවතින්න අමාරුද?


ටිකක් අමාරුයි. තෝරල බේරලා වැඩකරන්න වෙලා තියෙන්නේ ඒක නිසා


කටකතා ගොසිප්වලට බය ද?


මම කටකතාවලට නම් බය නැහැ.


දිල්හානි කියන්නෙ මොන වගේ කෙනෙක් ද?


වැඩි කාලයක් මගේ සුරතලුන් එක්ක කාලය ගත කරන්න කැමති කෙනෙක්.


සුරතලුන් කීදෙනෙක් ඉන්නවද?


මගේ ගෙදර ඉන්නවා බල්ලෝ තුන් දෙනයි… ගිරව් හත් දෙනෙකුයි


ආදරේ ගැන මොකද හිතෙන්නෙ?


මම දකින විදිහට ආදරේ කියන්නේ තනි වචනයක් වුණාට හැඟීම් ගොඩක ලොකු එකතුවක්. අවංකත්වය… ගරුත්වය…සමගිය…. තේරුම් ගැනීම වගේ හැඟීම් ගොඩක එකතුවක් තමයි ආදරේ විදිහට මම දකින්නේ.


දිල්හානි විවාහකයිනේ?


ඔව්. එයාගේ නම ඉසුරු රංගන.


සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මට මගෙ ජීවිතේ ඉස්සරහට යන්න හැමදේකදිම වගේ පිටිපස්සෙන් ඉඳල හයියක් වෙන්නේ මගේ සැමියා.


අනාගත බලාපොරොත්තු මොනවද?


ලොකුම බලාපොරොත්තුව නම් ඇත්තටම මේ රටින් යන එක.



Previous Post Next Post