හුදකලා වුණු දුලානි කාලෙකට පස්සේ කියන සංවේදී කතාව මෙන්න



 ඇය ඇගේ කුලුඳුල් රංගනයෙන්ම බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණු චරිතයක්.. ඒ විතරක් නෙවෙයි..සම්මානනීය රංගන ශිල්පිනියක් වෙන්න ඇයට ඒ රංගනය උදව් වුණා..


කාලයක් ඒ තරම් කතාබහට ලක්වුණේ නැති චරිතයක් වුණ දුලානි අනුරාධා, වෘත්තියෙන් ගුරුවරියක් ලෙස සේවය කරනවා.. ඇය ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ගැනයි මේ කියන්න යන්නේ..


අබා සිනමාපටයෙන් බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත දුලානි සරසවිය, සිග්නීස් ඇතුළු සම්මාන උලෙළවල හොඳම නිළිය විදිහට සම්මාන ලැබුවා.. ඒ විතරක් නෙවෙයි, ඇයට අබා සිනමාපටයේ ලැබුණු චරිතය ගොඩක් කල් ක්ෂේත්‍රයේ රැඳිල හිටියත් හැමෝටම නොලැබෙන අවස්ථාවක්..


කොහොම වුණත් ඇගේ විවාහටත් එක්ක වගේම වෘත්තීය වැඩකටයුතු එක්ක කාලයක් නිහඬ වෙලා හිටිය දුලානි අද කියන්නේ හරි වෙනස් කතාවක්.. ඇයට ලැබුණු වෙනස් නිර්මාණ ගණනාවකට පස්සේ ගුරු වෘත්තියටම මූලිකත්වය දුන්න ඇය අද වෙනකොට ගෙවන්නේ හුදකලා ජීවිතයක්ලු..


ආදර කියන්නේ ඕනම කෙනෙක්ට ඕනම තැනකදී දැනෙන්න වගේම අත්හරින්න පුළුවන් දෙයක් කියලයි ඇය නම් කියන්නේ.. කාලෙකට කලින් විවාහ වුණ ඇය මේ වෙද්දි විවාහයෙන් ඈත් වෙලා තනිකඩව කාලය ගෙවනවා කියලා තාමයි දුලානි නම් කියන්නේ.. ඒ වගේම ඇය ඒ ගැන මෙන්න මෙහෙම කියලා තිබුණා..


"ආදරය කියන එක ඕනෙම කෙනෙක් ඕනෙම වයසකදි ලබන්න කැමැති දෙයක්. මාත් එහෙමයි."



Previous Post Next Post