ඇත්තම සිංහයෙක් එක්ක මම රඟපෑවා-හසදු වීරසූරිය



 පොඩිත්තෙක් කියන්නෙම දඟකාර චරිතයක්. පුංචි හපන්නුන්ගේ ලෝකයේ අති දක්ෂ තරුවක් වූ හස¾දු කියන්නෙම රංගනයෙන් අපූරු දස්කම් විස්කම් දක්වන පුංචි මැණිකක්. කාගේත් නෙත් සිත් ඇද බැඳ  ගන්නා දඟකාර හස¾දු වීරසූරිය මෙවර හදගැස්මට එක් වුණේ මෙලෙසින්, 


ඉතින් හස¾දු මොකද කරන්නේ?


අම්මත් එක්ක ගෙදරට වෙලා සතුටින් ඉන්නවා. මේ දවස්වල  ස්කූල්  යන නිසා ෂූටින් යන්න වුණේ නම් ටිකක් අඩුවෙන් තමයි. ඉතින් මං ගොඩක් හොඳින් ඉන්නවා.


මේ දවස්වල රොන් ටෙලි නාට්‍යය හරහා හස¾දුව දකින්න පුළුවන් නේද? කොහොමද ප්‍රතිචාර?


හැමෝම මට ගොඩක් ආදරෙයි. මට හොඳ ප්‍රතිචාර හම්බවෙනවා. මං රොන් එකේ බන්ටුගේ චරිතයට තමයි රඟපාන්නේ. ඒ කතාවේ මගේ හොඳම යාළුවා ඩයිනෝසරයෙක්. කතාවේ මගේ තාත්තා නම් ටිකක් නපුරුයි. ඒත් මට ආදරෙයි.


ප්‍රවීණ නැන්දලා මාමලා එක්ක එකට රංගනයේ යෙදෙනකොට මොකද හිතෙන්නේ?


හැමෝම මට ගොඩක් උදවු කරනවා. මාත් එක්ක රඟපාන නැන්දලා මාමලා මට ගොඩක් දේවල් කියලා දෙනවා. ඩයලොග්ස් අමතක වුණාම ආයෙත් මට කියලා දෙනවා.


හස¾දු මුලින්ම රංගනයට දායක වන්නේ කොහොමද?


අවුරුදු දෙකහමාරේදී චන්දරතන හාමුදුරුවෝ මියුසික් වීඩියෝ එකකට මාව ගත්තා. එතකොට මං පොඩි නිසා මට ඒක හරියට මතක නැහැ. අම්මා තමයි කීවේ.


සෝමරත්න ජයමහ මාමාගේ ඇළ ‍ෙදාළ සුරතල් කියන නිර්මාණයට තමයි මුලින්ම රංගනයෙන් දායක වුණේ කියලා.


පුතා මේ වෙනකොට බොහෝ නිර්මාණවලට දායක වෙලා තිබෙනවා නේද?


ඔව්. මේ දවස්වල අළු පාට දේදුනු ටෙලිනාට්‍යයෙත් මම රඟපානවා. ඒකෙ විහාන්ගේ චරිතය කරන්නේ මම. ඒ වගේම තුෂාර තෙන්නකෝන් මාමගේ හේලියන් කියන නිර්මාණයේ ඉෂ්ගේ ප්‍රධාන චරිතය, සංසාරණී ටෙලි නාට්‍යයේ පොඩි ෂේන්ගේ චරිතයත්  කළා. හියුමන් එර(ර්)ස් මිනිසීරිස් එකෙත් මං රඟපෑවා.


පුතා චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වෙලා තිබෙනවා නේද?


ඔව්. මං මුලින්ම රඟපාපු චිත්‍රපටය තමයි ඉන්දියානු අධ්‍යක්ෂ ජේ. සුරේෂ් මාමාගේ මගෙ සිම්බා චිත්‍රපටය. ඒකෙ මට රඟපාන්න තිබුණේ ඇත්ත සිංහයෙක් එක්ක. ඒක මට ගොඩක් බය හිතුණා. මං ඒක කොහොම හරි කළා. මගේ සීයයි ආච්චිඅම්මයි තමයි මගේ හොඳම ප්‍රේක්ෂකයෝ දෙන්නා. ඒ දෙන්නා මම රඟපාන හැම එකක්ම බලල මට හොඳ නරක කියල දෙනවා.


පුතාගේ පෞද්ගලික විස්තර ටිකක් කියමුද?


මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි. මගේ අයියත් රඟපානවා. අයියත් මට ගොඩක් ආදරෙයි. මට පොත්වල පාඩම් හැම වෙලේම කියලා දෙනවා. මම ඉගෙනගන්නෙ පනාගොඩ යුද හමුදා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ. මීගොඩ තමයි අපි ඉන්නේ. මගේ අම්මයි තාත්තයි මට ගොඩක් ආදරෙයි. දිගටම රඟපාන්න කියනවා. මම ලස්සනට ඇක්ට් කරනවා කියලා ඒ හැමෝම කියනවා.


ටෙලි නිර්මාණවලට අමතරව පුතා වෙළෙඳ දැන්වීම්වලත් රඟපානවා නේද?


ඔව්. මේ වන විට වෙළෙඳ දැන්වීම් පනහක විතර මම ඇක්ට් කරලා තිබෙනවා. නැණපෝෂ, ශනිදා වාසනා, මංචි ටිකිරි මාරි මේ වගේ ගොඩක් වෙළෙඳ දැන්වීම්වල මං ඉන්නවා.


පුතා රඟපානවා දැකලා පාසලේ ගුරුවරු මොකද කියන්නේ?


මගේ ටීචර්ස්ලා වගේම විදුහල්පති යාපා සර්ත් මට ගොඩක් හොඳයි කියනවා. හරිම ලස්සනට ඇක්ට් කරනවා කියනවා. ටීචර්ස්ලා එහෙම කියනකොට මට ගොඩක් ආසයි.


හසඳු වැඩිපුරම කැමැති විනෝදාංශයක් තිබෙනවාද?


මං පීනන්න ගොඩක් ආසයි. ඉස්සර නම් මට බෑ. ඒත් දැන් නම් පුළුවන්. මගේ අයියා මට ගොඩක් උදවු කරනවා. එයා මට පීනන්නත් කියලා දෙනවා.


හස¾දුට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


අම්මයි තාත්තයි නිතරම මට උදවු කරනවා. අයියත් නිතරම මං දන්නැති දේවල් මට කියලා දෙනවා. අම්මා, තාත්තා  මාව ෂූටින් එකකන් යනවා. මං මාවම ටීවී එකේ දකිනකොට ගොඩක් ආසයි.


හස¾දුගේ අනාගත බලාපොරොත්තුව ගැනත් කියමුද?


මම ආසයි ලොකු වෙලා  දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න වගේම රටට හොඳ මිනිසෙක් වෙන්නත් ආසයි.


ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමුද?


අලුතින් පටන් ගන්න කොළඹ යුද්ධය කියන ටෙලිනාට්‍යයටත්, අලුත් ගමනක් යමුද ටෙලිනාට්‍යයටත් මට කතා කළා


රුවිනි අමරකෝන්



Previous Post Next Post