තව හිතන්න එපා නැකැත් බලා බඳිමු කසාදේ-නදිනි ප්‍රේමදාස



නදිනි ප්‍රේමදාස කියන්නේ රසිකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙන රියැලිටි තරුවක්. ඉතිං ඇයගේ “බඳිමු කසාදේ” ගැන මේ දවස්වල බොහෝ දෙනා කතාබහ කරනවා. ඒ නිසාම නදිනිගෙන් මේ ගැන වගේම තව විස්තර දැනගන්නත් එක්කම හදගැස්මේ අපි මෙවර නදිනි එක්ක රසබර කතාවක් මේ විදිහට ආරම්භ කළා. නදිනි කියන්නේ කවුද කියලා නදිනිගෙන්ම දැනගන්න නදිනිට ආදරේ කරන ප්‍රේක්ෂකයො කැමැති ඇති. 


ඉතිං අපි එතැනින්ම කතාව පටන් ගමු නේද?


ඇත්තටම නදිනි කියන්නේ හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමැති කෙනෙක්. ඒ වගේම අද දවසේ ජීවත්වන කෙනෙක්. නදිනිට ලොකු ලොකු හීන නැහැ. හැබැයි හැමෝටම උදවු කරලා, හරිම මිත්‍රශීලීව ජීවිතේ ආදරෙන් ගත කරන්න, නිදහසේ ගත කරන්න, ඒ වගේම සැහැල්ලුවෙන් ගත කරන්න ආස චරිතයක් කියන එක නම් කියන්නම ඕනේ.


ඉතිං නදිනි මේ දවස්වල බඳිමු කසාදේ කියලා කාගෙන්ද මේ විදිහට අහන්නේ?


ඔව්, මේ දවස්වල මගේ තොල් මුමුනන්නෙම බඳිමු කසාදේ කියලා. ඒත් ඒක ඇත්තටම මගේ අලුත්ම සින්දුව. ඒ ගීතයේ තනු නිර්මාණය කළේ රදීශ් වැන්දබෝනා, පද රචනය කළේ හර්ෂණ කේ. පෙරේරා. ඒ වගේම සින්දුවට ලස්සන වීඩියෝ එකකුත් කළා චාරුක දුෂාන්ත. ඉතිං මේ සියලු දෙනාම මේ සින්දුව වෙනුවෙන් මහන්සි වුණා. ඒ වගේම මේක කාලෙට ගැළපෙන සින්දුවක්. මේක මට ගැළපෙන සින්දුවක්. විශේෂයෙන් රදීෂ්ව මෙතැනදි මතක් කරන්නම ඕනේ. ඔහු දක්ෂ සංගීතඥයෙක්. ගොඩාක් ජනප්‍රිය වෙච්ච දිලිසෙන දෙනෙත ඔබේ ගීතය හැදුණෙත් ඔහු අතින්ම තමයි. ඉතිං හර්ෂණත් හරිම ලස්සන වචන ටිකක් ලිව්වා. මතක හිතෙන විදිහට ඒ වචන අතරින් තෝරලා තමයි අපි බඳිමු කසාදේ කියන වචනය තෝරගත්තේ සින්දුව හ¾දුන්වා දෙන්න. ඉතිං ඇත්තටම මේක වෙනස් විදිහට ලියවුණු ගීතයක්.


ඇත්තටම බොහෝ කාලෙකට පස්සේ නේද නදිනිගේ ගීතයක් අපිට ඇහෙන්නේ?


ඔව්, අවුරුදු දෙකකට පස්සේ තමයි මගේ ගීතයක් ප්‍රේක්ෂකයන්ට අහන්න ලැබෙන්නේ. කාලයක් ගතවුණා. මොකද ඇත්තටම වොයිස් කිඩ්ස් වැඩසටහනත් එක්ක මේ අවුරුද්දේ අප්‍රේල් වෙනකම් බිසී වෙලා හිටියේ. හොඳ දෙයක් කරන්න ටිකක් කල් යනවා කියනවා නේ. ඉතිං ඒ වගේම මම හිතනවා හොඳ නිර්මාණයක් කරන්නත් කාලයක් ගතවෙනවා කියලා. ඉතිං ටිකක් වෙලාව ගත්තා. හැබැයි ඉතිං මට හිතුණා බඳිමු කසාදේ කියලා ප්‍රේක්ෂකයන්ට පරණ නදිනිව මතක් කරලා දුන්නා කියන එක.


ප්‍රසංග වේදිකාවේ නදිනිව දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින් කියලා කිව්වොත්?


ප්‍රසංග වේදිකාවට මම සහභාගි වෙන්නේ නැතුව ඉන්නේ නැහැ. සහභාගි වෙනවා. හැබැයි දැන් ටිකක් තෝරා බේරාගෙන තමයි කරන්නේ. මොකද අවුරුදු දහසයක් පුරාවටම ප්‍රසංග වේදිකාවේ කාලය ගත කළා කියලා මම හිතෙනවා. ඒ නිසාද මන්දා මම ප්‍රසංග වේදිකාව තෝරා බේරගෙන දැන් සහභාගි වෙන්නෙත් කියලා මට හිතෙනවා. හැබැයි මට ප්‍රසංග වේදිකාවට ආරාධනා කළාම ගොඩාක් වෙලාවට මම ඒ ආරාධනාව පිළිගන්නවා. ප්‍රසංග වේදිකාවට අමතරව අපි ගොඩාක් කෝපරේටිව් ඉවෙන්ට්ස්වලට සහභාගි වෙනවා. ඉවෙන්ට්ස්වලට සහභාගි වෙන්න මම කැමැතියි. මොකද පෞද්ගලික වැඩකටයුතුත් බැලන්ස් කරගෙන යන්න පුළුවන් නිසා. සින්දු කියන එක තමයි ආසම දේ. කොහොම කළත් ස්ටේජ් එක නම් අමතක වෙන්නෙත් නැහැ. අමතක කරන්නෙත් නැහැ.


අද ගොඩාක් රියැලිටි තරු බිහිවෙනවා. ඒත් රැ‍ෙ¾දන්නේ කිහිප දෙනයි. නදිනි ඒ ගැන මොකද හිතන්නේ?


මං හිතනවා නාළිකාවලින් කරන රියැලිටි තරග වැඩියි. ඉතිං ගොඩක් තරග තියෙනකොට තරු, මිනිස්සුන්ටත් හරියට තෝරාගන්න බැහැ. ඇත්තටම අපි බිහිවෙන්නේ බොහොම වාසනාවන්ත කාලයක. රියැලිටි වේදිකාව බිහිවුණු කාලයක. ඉතිං මිනිස්සු අපි ගොඩාක් ආදරෙන් වැලඳ ගත්තා. රියැලිටි තරු එනවා. ඒත් අනන්‍යතාවක් තමන්ගේ කියලා ගොඩනඟා ගත්තේ නැත්තම් ඔවුන්ට රැ‍ෙ¾දන්න අමාරුයි. මම දකින විදිහට තමන්ගේම අනන්‍යතාවක් හදාගත්ත රියැලිටි තරු අදටත් ක්ෂේත්‍රයේ ඉන්නවා.


අපේ රටේ ගායක ගායිකාවන්ට ලැබෙන ඇගැයුම් ප්‍රමාණවත් නැහැ කියලා නදිනිට හිතෙන්නේ නැද්ද?


ඇගැයුම් නම් ප්‍රමාණවත් නැහැ. ඉතාම සීමිත සම්මාන උළෙලවල් විතරයි තියෙන්නේ. හැබැයි අපි ගායනා කරන්නේ අපේ රසිකයන්ට. ඉතිං රසිකයන් අපිව ඇගැයීමම ලොකු ශක්තියක්. ජීවිතේ අපිට සල්ලි දීලා ගන්නම බැරි දේ තමයි ඒ රසික ආදරය. අවුරුදු ගාණක් පුරාවටම ඒ රසික ආදරේ ලැබෙන එකම ලොකු ශක්තියක්. ඉතිං මම නම් සම්මාන බලාගෙන ගීත ගායනා කරන කෙනෙක් නෙමෙයි. ඒත් ජීවිතේ කවදා හරි සම්මානයක් ලැබුණොත් නම් ආසයි. මම සුපර් ස්ටාර්වල අවසාන පහට තේරුණා. ඒක මට සම්මානයක්. ඇත්තටම සම්මාන හැමෝටම ගන්න බැහැ. කිහිපදෙනාටයි පුළුවන්. මම දකින විදිහට සම්මානවලටත් වඩා අපිට ලැබෙන රසික ආදරය තමයි ලොකුම ඇගැයීම.


ගෙදර අයගෙන් නදිනිට විශාල සහයෝගයක් ලැබෙනවා ඇති නේද?


ඔව්, ඔයා හරි. මගේ අම්මා, තාත්තා, හස්බන්ඩ්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මං සියලු කලා කටයුතු කරන්නේ මගේ දරුවන් ඔවුන්ට පවරලා. මගේ මවුපියෝ මාව බලාගත්තටත් වඩා හොඳට මගේ දරුවන්ව බලාගන්නවා. විශේෂයෙන් මගේ හස්බන්ඩ් කිසිම සීමා මායිමක් දාන්නේ නැහැ. මගේ ජීවිතේ මගේ ඕනෑම වැඩකදි එයා සහයෝගය දෙනවා. එයා හරිම ආසයි මම සින්දු කියනවට. සංගීත ක්ෂේත්‍රයෙ ඉන්නවට. මොකද ඔහුත් කලාවට ආස කෙනෙක්. මගේ නංගිවත් මතක් කරන්නම ඕනේ මෙතැනදි. මාව හැම මොහොතකම ශක්තිමත් කරනවා. මගේ දරුවන්ගේ වැඩත් කරලා දෙනවා. මගේ පවුල වගේම මගේ හස්බන්ඩ්ගේ පවුලත් විශේෂයෙන් මතක් කරන්නම ඕනේ.


අලුතෙන් බිහි වන ගායන තරුවලට නදිනිට දෙන්න පණිවුඩයක් තියෙනවද?


තමන්ගේම අනන්‍යතාවක් හදාගන්න. තමන්ගේම ගීත කරන්න. තමන්ගේ ස්ටයිල් එක හ¾දුනගන්න. විශේෂයෙන් රසිකයන්ට ආදරේ කරන්න. එතකොට රසිකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙයි. කලාව කියන්නේ මනුස්සයෙක් සුන්දර කරන තැන. ඉතිං සුන්දර මනුස්සයෙක් වෙන්න.


දුලී සමන්මලී නැලිගම




Previous Post Next Post