මට අප්පච්චිගෙන් ගුරුහරුකම් ගොඩක් ලැබෙනවා- ජනිදු දෙව්සර




වියළි ටෙලිනාට්‍යයේ කුඩා කලූගේ චරිතයට පණ පොවන පුංචි හපනා තමයි අපේ කථානායකයා. ළමා  රංගන ශිල්පියෙක් ලෙස තම උපන් හපන්කම් පුංචි තිරයෙන් පෙන්වන මේ අපූරු පොඩ්ඩා අපිට අනාගත බලාපොරොත්තු තැබිය හැකි පුංචි වීරයෙක්. අද  එක්වන්නේ ළමා රංගන ශිල්පී  ජනි¾දු දෙව්සර ඉරුගල් බණ්ඩාර මුලින්ම පුතාගේ විස්තර ටිකක් කියන්නකෝ?


මගේ නම ජනි¾දු දෙව්සර ඉරුගල්බණ්ඩාර. මම ඉගෙනුම ලබන පාසල ‍ෙදාඩංගොඩ කොස්වත්ත ජනාධිපති විද්‍යාලය. මගේ වයස අවුරුදු ‍ෙදාළහයි. මම ඉගෙනුම ලබන්නේ හත ශ්‍රේණියේ. මම පාසලේ අධ්‍යාපනය ලබන ගමන් තමයි රඟපාන්නේ. මේ කාර්යයන් දෙකම මම සමබරව කරගෙන යනවා. රඟපානවා කියන එක මට හරිම අපූරු අත්දැකීමක්.


පුතා මුලින්ම රංගනයට ආවේ කොහොමද?


අප්පච්චිගෙ වැඩවලට සම්බන්ධ වෙලා තමයි මම කලා ලෝකයට අඩිය තිබ්බේ. මම මුලින්ම සින්දුවකට රඟපෑවා. ඊට පස්සේ කෙටි චිත්‍රපටයකටත් රඟපෑවා. ඒ වගේම ගයා රම්‍ය අල්විස් මාමාගේ නිර්මාණයකත්් රඟපෑවා. දැන් මම අප්පච්චිගෙ වියළි නාට්‍යයටත් රඟපානවා.  අප්පච්චිගෙ නාට්‍යයට රඟපාලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.


වියළි ටෙලි නාට්‍යයේ රඟපෑම පුතාට මොන වගේ අත්දැකීමක්ද?


වියළි ටෙලිනාට්‍යයේ කලූගෙ කුඩා කාලයට තමයි මම රඟපාන්නේ. මට මේ ටෙලි නාට්‍යයට රඟපෑම නිසා ගොඩක් අත්දැකීම් ලැබුණා. සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යක රඟපාන විධිය මම දැකලම නැහැනේ මම මේකෙන් ගොඩක් දේවල් දැකලා  ඉගෙන ගත්තා. ඒ කතාවේ මට අයියා කෙනෙක් හිටියා නංගි කෙනෙක් හිටියා. ඒ කතාවේ  මට ඉගෙන ගන්න බැරි වුණා. මොකද ඒ කතාවේ ඉන්න තාත්තා මට සැලකුවේ නපුරු විධියට ඒ එයාගේ දරුවෙක් නෙවෙයි කියලා.  මේ වගේ විවිධ දුක් ගැහැටවලට මුහුණ දෙන කුඩා දරුවෙක්ගෙ චරිතයක් තමයි මම රඟපාන්නේ. ඇත්තටම මේ චරිතය රඟපාද්දී මටත් ගොඩක් දුක හිතුණා. ඒත් චරිතයක්නේ කියලා හිත හදා ගත්තා.


රංගනයට අමතරව පුතා කැමැති විනෝදාංශ මොනවද?


මම ක්‍රිකට් ගහන්න කැමැතියි. ඒ වගේම බයිසිකල් පදින්නත් කැමැතියි. සින්දු කියන්නත් කැමැතියි. මට  හොඳට සින්දු කියන්න පුළුවන් කියලා ගොඩක් අය කියනවා.  ඔය විනෝදාංශ එක්ක සතුටින් ඉන්න තමයි මට ඕන. අපි ඉස්කෝලෙ ගිහින් ඇවිත් පාඩම් වැඩ ඉවර කරලා යාළුවෝ එක්ක එකතු වෙලා තමයි ක්‍රිකට් ගහන්නේ. ඉතින් ඔය විනෝදාංශ තුන තමයි අපි කැමැතිම.


පුතාගේ තාත්තාගෙන් ලැබෙන ගුරුහරුකම් ගැන කියමු?


අපපච්චිගෙන් මට ගොඩක් ගුරුහරුකම් ලැබෙනවා. එයා සංගීතය උගන්වනවා. මට ඒ විෂය ගැන අප්පච්චි ගොඩක් දේවල් කියලා දෙනවා. තව රඟපෑම ගැනත් ගොඩක් දේවල් අප්පච්චි තමයි කියලා දෙන්නෙ. ඉතින් අප්පච්චි තමයි මට මේ හැමදේටම ශක්තිය ලබා දෙන්නේ. මම අප්පච්චිට ඒකට ස්තූති කරනවා.


රංගනයට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


අප්පච්චි මට ගොඩක් උදවු කරනවා. ඒ වගේම අම්මත් මට ගොඩක් උදවු කරනවා. අම්ම තමයි මාව රූගත කිරීම්වලට අරගෙන යන්නේ. මට නංගි කෙනෙක් ඉන්නවා එයත් මට හරි ආදරෙයි. පවුලෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.


වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


තවම නම් නැහැ. ඉස්සරහට ලැබෙයි කියලා හිතනවා. කලා ලොවේ තව වැඩවලට සම්බන්ධ වෙන්න මම ආසාවෙන් ඉන්නවා.


මේ ගමනට උපකාර කළ අය ගැනත් කියනවා නම්?


ගයා රම්‍ය අල්විස් මාමා මට මේ ගමන එන්න ගොඩක් උදවු කළා. ඒ වගේම පවුලෙ අයත් මට ගොඩක් උදවු කළා.  අම්මයි, තාත්තයි විශේෂයෙන්ම මතක් කරන්න ඕන.  ඉස්කෝලෙ ලොකු සර් මට ගොඩක් උදවු කළා. ඒ වගේම ගුරුවරුත් මට ගොඩක් උදවු කළා. ඒ අයව ආදරයෙන් මතක් කරන්න ඕන. මට මගේ ඉස්කෝලෙ මිතුරොත් ගොඩක් උදවු කළා ඒ අයවත් මතක් කරන්න ඕන. මගේ ඉස්කෝලේ යාළුවෝ මට පාඩම් වැඩ කරගන්න ගොඩක් උපකාර කරනවා. ඒ අය මට මඟහැරුණු වැඩ කරන්න පොත් එහෙම දෙනවා.  


පුතාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මම අනාගතයේ ව්‍යාපාරිකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කලා කටයුතුත් කරන්න බලාපොරොත්තු වෙනවා.කලා ලෝකයේ දේවල්වලට සම්බන්ධ වෙලා දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටට වැඩදායි පුරවැසියෙක් වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා


ගිහාන් සචින්ත



Previous Post Next Post