ඇත්තම කතාව නම් මම ආදරවන්තියක් නොවෙයි -පවනි පෙරේරා




රි යැලිටි කලාව ඔස්සේ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නන් සියල්ලටම ජයග්‍රහණයේ කිරුළ වෙත යා නොහැකිය. ජයග්‍රහණය පෙනි පෙනී ඉවත් වූවන් මෙන්ම අතරමඟ දී ඉවත් වීමට සිදු වූවන් අද කලා අඹරේ නොනිමී දිලෙන තරු බවට පත්වී ඇති බව ද නොරහසකි. උදාහරණ ද ඕනෑ තරම්ය. හිරු ස්ටාර් වේදිකාව තිඹිරි ගෙය කරගනිමින් ගීත ක්ෂේත්‍රයට පිවිසි පවනි පෙරේරා ද එවන් තාරකාවකි. දිල්ෂාන් මදුරංගගේ දුම්බර මැණිකා ගීතයේ ෆීමේල් වර්ෂන් එක හරහා ක්ෂේත්‍රය තුළ පෙරළියක් කරමින් සිටින ඇය අප හා කතාබහට එක්වූවාය.


“මේ වෙද්දි මං කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ අවසන් වසරේ විභාගයට මුහුණ දෙමින් ඉන්නවා. මං සංගීත විශාරද විභාගය කලින්ම සම්පූර්ණ කළා. ගුවන්විදුලියේ A ශ්‍රේණියේ ගායිකාවක් බවටත් පත්වුණා. හිරු ස්ටාර් රියැලිටි වැඩසටහනේ අවසන් තරගකරුවන් 24 දෙනා අතරට එන්න ලැබීමත් එක්ක ප්‍රේක්ෂකයන් අතරේ කතාබහට ලක්වන චරිතයක් වුණා. තරගයෙන් ඉවත් වීමත් එක්කම මට හිරු නාළිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලි නිර්මාණ තුනක ගීත ගායනයට අවස්ථාව ලැබුණා. එතැනයි පවනි පෙරේරා කියන නවක ගායිකාවගේ උපත සිදුවුණේ. හඬට පමණක් ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ආදරය මියුසික් වීඩියෝ හරහා දුටු රුවත් එක්ක තව තවත් වැඩිවෙන්න පටන් ගත්තා කිව්වත් හරි.”


ඉතාම කෙටි කාලයක් තුළ ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ආදරය ගැන ඇය අප හා පැවසුවේ සතුට මුසු ස්වරයෙනි.


“හිරු ස්ටාර් හරහා ලැබුණු ප්‍රේක්ෂක ආදරය ටෙලි නාට්‍ය ගීත ගායනයට යොමු වීමත් එක්ක තව තවත් වැඩි වුණා කිව්වත් හරි. විශේෂයෙන්ම හිරු නාළිකාවේ වසර ගණනක් තිස්සේ විකාශය වන ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි නිර්මාණයේ මනේජ් සංජය අයියා එක්ක ගායනා කරන ‘ළඟ ළඟ රන්ඳා’ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒකෙම තව ගීත කිහිපයක් ගායනා කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ වගේම ‘දිවිතුරා’ ටෙලි නාට්‍යයේ කාව්‍යා ගයන ගීත සියල්ලම ගායනා කළෙත් මං. ‘දිවිතුරා’ කියන්නෙත් රියැලිටි වැඩසටහනක් සම්බන්ධ ටෙලි නිර්මාණයක්. ඒකත් ගොඩක් ජනප්‍රිය වුණා. සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ යොහානිගේ රුවට ගැයෙන ගීත සියල්ලම මගේ. මේ දිනවල සියත නාළිකාවේ විකාශය වන සංසාරේ ටෙලි නිර්මාණයේ තේමා ගීතය ගායනා කරන්න ලැබුණු අවස්ථාවත් විශේෂයි. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ සත් වර්ෂාහි තේමා ගීතය ගයන්නෙත් මං. පසුගියදා තිරගත වුණු විලන් සිනමාපටයේ ගීත ගායනය හරහා චිත්‍රපට පසුබිම් ගීත ගායනයට යොමුවීමේ අවස්ථාවත් ලැබුණා.”


පසුගිය දා ලක්ෂ විස්ස ඉක්මවූ ප්‍රේක්ෂක ආදරයක් දිනාදුන් දුම්බර මැණිකා මියුසික් වීඩියෝව සඳහා දායක වීමට ලැබුණු අවස්ථාව ගැන පවනි සිහිපත් කළේ ස්තුතිපූර්වක හැඟීමකිනි.


“මගේම ගීතයක් විදිහට මුලින්ම කළේ කිරි කෝඩු හීනය කියන ගීතය. ඒකෙ මියුසික් වීඩියෝ එකේ හිටියෙත් මම. ඒ හරහා පවනි පෙරේරා කියන ගායන ශිල්පිනියගේ රුව මිනිසුන් අතරට ගියා. ඊට පස්සෙ තමයි ළය පුරා රිදුමක් ද ආදරේ කියන ගීතය කළේ. ඊටත් පස්සෙ තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට සැලකිය හැකි මේ දුම්බර මැණිකා කියන ගීතයට අවස්ථාව ලැබුණේ. දුම්බර මැණිකා මුල් ගායනය ඩිල්ෂාන් මධුරංග. ඔහුගේ ගීතය හිතුව තරම්ම ප්‍රේක්ෂකයන් අතරට ගියේ නැති නිසා ගීතය නිෂ්පාදනය කරපු දෙසවන ප්‍රඩක්ෂන් එකට ඕන කරල තිබුණා ඒක ෆීමේල් හඬකින් කරන්න. මට මේ අවස්ථාව ලැබෙන්නේ ළය පුරා ගීතය ලිව්ව ශිල්පා නානායක්කාර අක්කාගේ මාර්ගයෙන්. ඇය ගීත රචිකාවියක් වගේම ලෙක්චර් කෙනෙක්. ඇය තමයි මාව යෝජනා කරල තිබුණේ. මගේ හඬට ඔවුන් කැමති වුණා. මුල් ගායකයාගේ සම්පූර්ණ කැමැත්ත ඇතුවයි ඒක කළේ. ඒත් එක්කම මුල් ගීතයත් නැවත ප්‍රේක්ෂකයන් අතරට ගියා. දෙසවන ප්‍රඩක්ෂන් එකේ කසුන් මධුශංකත් මතක් කරන්න ඕන. කැළුම් දිසානායකගේ පද රචනයට සංගීතය මුසු කරල තිබුණේ අශේන් චක්‍රවර්තී. සංගීත සංයෝජනය ඉවෝ මල්ලිගේ. යූටියුබ් එකේ වගේම හැම ටීවී චැනල් එකකම වගේ දුම්බර මැණිකා ෆීමේල් වර්ෂන් එක විකාශය වුණා. ඒ නිසා පවනි පෙරේරා කියන චරිතය හඬින් වගේම රුවෙනුත් ප්‍රේක්ෂකයන් හඳුනගත්තා. ඒත් එක්කම ගොඩක් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. මේ වෙද්දි ලක්ෂ විස්ස ඉක්මවා ගිහින් තියෙනවා. ලොකු සතුටක් දැනෙනවා.”


කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවෙන් සිටින පවනී මේ තාක් ආ දුර තෘප්තිමත් සිතින් සිහිපත් කරන අතරම මෙවන් සාර්ථක ගමනකට අඩිතාලම වැටුණු තම පාසල් මවුවරුන් සිහිපත් කරන්නත් අමතක කළේ නැහැ.


“අද මං යම් තැනක ඉන්නවා නම් ඒ මට අකුරු කළ ගුරුවරුන් සහ මට සෙවණ දුන් පාසල් මවුවරුන්ට පින් සිදු වෙන්න. පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලය, දෙහිවල ප්‍රෙෂ්බිටීයන් ජාතික පාසල වගේම නුගේගොඩ සමුද්‍රදේවි පාසල් මාතාවත් ආදරෙන් සිහිපත් කළ යුතුයි. සාමාන්‍ය පෙළට නර්තන අංශය තෝරාගනිද්දි සංස්කෘතික අමාත්‍යාංශයේ පසිඳු පහලබැද්දෙගම සර්ගෙ ජන ගී කණ්ඩායමේ සාමාජිකාවක් විදිහටත් කටයුතු කළා. උසස් පෙළට කළේ වාණිජ විෂයන්. ඒ අතරේ එෆ්.එම් චැනල් එකක ප්‍රසන්ටර් කෙනෙක් විදිහටත් කටයුතු කළා. පසිඳු සර් වගේම අපේ අම්මත් නිතරම කිව්වෙ ඔයාට දක්ෂතාව තියෙන්නෙ ගායනය පැත්තට. ඒ නිසා පැත්තෙන් ඉදිරියට යන්න කියලා. ඒ නිසාම මං ආයෙම මියුසික් කරන්න පටන් ගැනීමත් එක්ක තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණේ. මේ දවස්වල අවසන් විභාගයට මුහුණ දෙමින් ඉන්න නිසා ප්‍රසංගවලට සහභාගි වෙනව අඩුයි. විශාරද විභාගයට සූදානම් කිරීම වගේම මං වොයිස් ට්‍රේනිං සඳහා පන්තිත් පවත්වනවා.”


හදවතට දැනෙන හඬක් මෙන්ම නෙතට පියකරු රුවක් හිමි මේ පුංචි කෙල්ලගේ ආදරණීය අත්දැකීම් ගැන විමසන්නට අපි අමතක කළේ නැහැ.


“මේ වගේ වයසකදි ඕනෑම කෙනෙකුට ආදරය ගැන අත්දැකීමක් නැතිවෙන්නෙ කලාතුරකින්. මටත් ඒ අත්දැකීම තියෙනවා. ඇත්තම කතාව නම් මම ආදරවන්තියක් නොවෙයි.


නාමලී ගමගේ




Previous Post Next Post