වෛද්‍ය වෘත්තියට මම කැපවෙලා හිටියත් ජීවත් වෙන්න සංගීතයත් එක්ක– ප්‍රදීප් රංගන



පෙම් සිහිනය කියන ගීතය අහන සැනින්ම ඕනිම කෙනෙක්ට මතක් වෙන ඒ සුන්දර ගායකයා තමයි ප්‍රදීප් රංගන කියන්නේ.රියලිටි තරගාවලියක් හරහා ප්‍රේක්ෂකයන්ව දැන හඳුන ගන්නා ඔහු අද වන විට සංගීත ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන කටහඬකට උරුමකම් කියන කලාකරුවෙක්.


මේ දවස් වල ප්‍රදීප් සිරස වොයිස් කීඩ්ස් කියන වැඩසටහනේ  විනිසුරුවරයෙක් විදිහට වැඩ කටයුතු කරනවා.පුංචි දරුවොත් එක්ක වැඩ කටයුතු කරන නිසාම තරග විනිශ්චයකට වඩා එහා ගිය වගකීම් සම්භාරයක් ඔහු ඉෂ්ට කරනවා.


සංගීතය ගැන කතා කරාට පස්සේ සංගීතය ප්‍රදීප්ගේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තිබුණත් ඔහු වෘත්තිකයෙක් විදිහට වැඩ කටයුතු කරද්දී වෛද්‍යවරයෙක් විදිහට තමයි සේවය කරන්නේ.ඉතින් වෛද්‍ය වෘත්තිය ඒවගේම සංගීතය කියන මේ දෙකම  සම වරව කරගන්නේ කොහොමද කියලා අහපු අවස්ථාවකදී ඔහු කියල තිබ්බේ මෙන්න මේ විදිහේ සුන්දර කතාවක්.


“කොවිඩ් කාලයට වඩා යම් නිදහස් බවක් තියෙනවා. ඒ කාලේ වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩල පුදුම විදිහට කාර්යබහුල වුණා. ජීවිත අවදානමවත් නොතකා ඒ කාලේ අපි හැමෝම වැඩ කළා. ඒ කාලෙත් මම මගේ සංගීත වැඩවලින් මිදුණේ නැහැ. කවදාවත් මට සංගීතයෙන් මිදෙන්න බැහැ. යම් හේතු මත ඒ බව සමාජයට පේන්නේ නැති වෙන්න ඇති. වෛද්‍ය වෘත්තියට මම කැපවෙලා ඉන්නවා. නමුත් ජීවත් වෙන්නේ සංගීතය එක්ක.”




Previous Post Next Post