පෙතිවලට වඩා ඒක ගොඩක් වටිනවා - එන්න එන්න ලස්සන වෙන නිල්මිණි ඒ ගැන කියන කතාව

 



අපි කවුරුත් කැමතියි ලස්සනට ඉන්න..ස්වාභාවික ලස්සන පවත්වාගන්න ඕනම කෙනෙක් මහන්සි වෙන්න ඕන.. ඇයත් ඒ වගේ කෙනෙක්.. ඇගේ රූපය ගැන වගේම ඇගේ ලස්සන පවත්වාගන්නා ආකාරය ගැන නිල්මිණි ගොඩක් මහන්සි වෙනවා..


ඉතින් තවමත් එදා වගේම සුරූපී නිල්මිණි තෙන්නකෝන් මෙන්න මේ වගේ අපූරු සටහනක් ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා..මෙන්න බලන්නකෝ තවමත් සුරූපී ඇය මේ ඔබට මොනවාද කියන්නේ කියලා..


"උදෑසනක ආරම්භය,හැබැයි හතට ඉස්සෙල්ලා.. පහුගිය දවස්වල උණ හැදිලා හිටියා මම හැමදාම පුරුද්දක් හැටියට උදේ අව්වට යනවා ඒ විටමින් ඩී ඕන නිසා,පෙති බොනවට වැඩිය ස්වභාවිකවම උදේ අව්ව අපිට ගොඩක් වටිනවා,මම අසනීප වුණත් මම ස්වභාවිකව ගන්න විටමින් ඩී,මට ලොකු ප්‍රයෝජනයක් වුණා.. ඒ තමයි අපේ රටේ තියෙන වාසනාව.. කාර්යබහුල ජීවිතයක් ගත කරන මට තනියම හැම දෙයක්ම කරන්න ඕනා.. මම විතරක් නෙමේ ඔබ හැමෝම අපි මතක තියාගන්න ඕන කරුණක් තියෙනවා, අපිට වගකීමක් තියෙනවා අපි කරන හැම වැඩකම හැම තත්පරයකම අපි ගන්න හුස්ම පවා ,අපි ජීවිතය කරන හැම වැඩක්ම,ඒ කරන හැම තත්පරයම ඒ කරන වැඩේ ගැන හිතන්න නැතිනම් ටික වෙලාවක් යනකොට අපිට අපි කරපු වැඩේ අමතක වෙන්න පුළුවන් උදාහරණයකට, අපි කෑම කනකොට වෙනත් වූ කල්පනාවල්වලට යන්නැතුව ඒ හැම මොහොතක්ම හිතෙන් හිතන්න එය භාවනාවක් වගේ කරන්න හැමෝටම ආදරය නිසයි මෙහෙම ලිව්වේ මගේ ආදරණියන් හැමෝටම.."



Previous Post Next Post