මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන “අකුරට යන වෙලාවේ” නාට්‍යයයේ සංගීත ගුරුවරියට බොහෝ ප්‍රේක්ෂකයින් කැමතියි. ඒ චරිතය තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක් වන තිලිණි පෙරේරා. මේ ඇය සමඟ කළ කතාබහකි.
තිලිණි මොකද වෙන්නේ මේ දවස්වල
මේ කාලයේ මගේ එක නාට්‍යය නිර්මාණයක්ම පමණයි විකාශය වෙන්නේ. ඒ හිරු නාලිකාවේ යන “අකුරට යන වෙලාවේ” නාට්‍යය. ඒ නාට්‍යයේ මම රඟන චරිතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එහි මගේ චරිතය වෙන්නේ සංගීත ගුරුවරියගේ චරිතය. නාට්‍යය තුළ හිනාවෙලා ඉන්න ආදරණියම චරිතය සංගීත ගුරුවරිය. ඒ චරිතයට හැමෝම වගේ ආදරේ කරනවා
රංගන ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
කාලය නම් හරියටම කියන්න බැහැ. මම මේ රංගන ක්ෂේත්‍රයට එන්නේ පාසල් යන කාලයේ. ඊට පස්සේ කාලයක් රංගනයෙන් දායක වෙලා ටික කාලයක් නිහඬව ඉඳලා ආයේ රඟපාන්න ගත්තා. ඒ නිසා නිශ්චිතවම කාලයක් කියන්න බැහැ.
ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත් ද?
කොහෙත්ම නැහැ. මේ දවස් ගත්තත් මගේ එක ටෙලි නාට්‍යයයි විකාශය වෙන්නේ. ඒ නිසා තවම මට මගේ රංගන පරාසය පෙන්වන්න හැකි හොඳ නිර්මාණ ලැබුණේ නැහැ.
රංගනයේදී සිමාවන් පනවාගෙන තියෙනවද?
එහෙම නැහැ. පිටපත කියවලා බලලා චරිතය හොඳයි නම් සහ ඒ චරිතය තුළ මට දෙයක් කරන්න තියෙනවා සහ ප්‍රේක්ෂකයාට ඒ චරිතය තුළින් දෙයක් දෙන්න තියෙනවා නම් මම ඒ චරිතය භාර ගන්නවා.
සිනමාවට සම්බන්ධ වෙලා තියෙනවද?
සිනමා නිර්මාණ කිහියපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ වෙද්දී සිනමා නිර්මාණ දෙකකට දායක වෙලා තියෙනවා. එකක් තිරගත වුණා. ඒ සුබා තෙරණියෝ චිත්‍රපටය. ඒ එක්කම ශ්‍රී සිද්ධා චිත්‍රපටය එන්න තියෙනවා.
පෞද්ගලික ජිවිතේ ගැන කතා කළොත්?
මම විවාහකයි. අපිට අවුරුදු දෙකක පුංචි දියණියක් ඉන්නවා. ඒ භූමිකාවත් ගෙදර තියෙනවා.
කොහොමද හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය?
එයා මාව තෝරා ගත්තේ මම රංගන ශිල්පිනියක් කියලා දැනගෙන. නමුත් මේක කවදාවත් අත හරින්න බැරි දෙයක් නිසා, දැන් මගේ කටයුතු නිදහසේ කරගෙන යන්න ඉඩ දීලා තියෙනවා. දැන් නම් ප්‍රශ්නයක් නැහැ.
පුංචි කාලේ ඉඳන්ම ආස කළේ නිළියක් වෙන්නද?
ඔව්. ඒ හීනය තමයි මට තිබ්බේ.
ආපස්සට හැරිලා බලද්දී ජිවිතේ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ ?
තෘප්තිමත් වෙන්න නම් බැහැ. ඒ එක්කම මට ලැබුණු චරිත මට කර ගන්න බැරි වුණු අවස්ථා තිබ්බා. ඒ ගැන ලොකු දුකක් තියෙනවා. මට ඕනේ දේ මට ඕනේ විදියට තවම කර ගන්න බැරි වුණානේ. පෞද්ගලික ජිවිතේ යම් යම් බාධා දේවල් නොතිබුණා නම් රංගන ක්ෂේත්‍රයේ මීට වඩා ගමනක් යන්න තිබුණා කියලා හිතෙනවා. මම මගේ උපරිමය තවම කරලා නැහැ.
තිලිණි ප්‍රේක්ෂකයින් අතරට ගිය නාට්‍යය මොකක් ද?
දෙරණ නාලිකාවේ විකාශය වුණු මුතුකුඩ නාට්‍යයේ මුතුකුඩ මැණිකේ චරිතය.
ඉදිරියට භාර ගත්ත නිර්මාණ තියෙනවද?
ඔව්. නිර්මාණ කිහිපයක්ම තියෙනවා. කොටස් 15 කරලා චැනල්වලට දීපු නිර්මාණ තියෙනවා. ඒ අතර මට ප්‍රධාන චරිතයක් ලැබුණු නාට්‍යයක අධ්‍යක්ෂවරයා (ඩෑනි ඩබ්ලිව් පතිරණ) නැති වුණා. ඒක මට ලොකු පාඩුවක්. මම කැපවීමෙන් කරපු චරිතයක්.
අනාගත බලාපොරොත්තු මොනවද?
ඉදිරියටත් හොඳ නිර්මාණවලින් ප්‍රේක්ෂකයින් අතරට එන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම රූපලාවණ්‍යය පැත්තෙන් යම් කිසි ගමනක් යන්නත් ඕනේ. ඒ දේවල් මම හදාරලා තියෙනවා.
හැමදාම මගේ එක්ක හිටියා වගේ මා එක්ක හැමදාම ඉන්න. මගේ නිර්මාණවල හොඳ නරක මට කියන්න. සමාජ මාධ්‍යය ජාලාවලින් ලබා දෙන ආදරේටත් ගොඩක් ස්තුතියි කියලා තමයි කියන්න තියෙන්නේ.
අනුෂා රණසිංහ