බොලිවුඩයේ උත්කර්ෂවත් රැයේදී ඒ දෙන්නාම පුදුම වෙලා

 


ඒ දෙන්නා නම් ඇත්තටම ගොඩක් ගැලපෙන යුවලක් කියලා කියන්නේ මෙන්න මේ නිසා වෙන්න ඇති..හැකියාවෙන් වගේම දක්ෂතාවයෙනුත් ඒ දෙන්නා ගොඩක් ඉදිරියෙන් ඉන්න තරු යුවලක්.. මේ ආලියා බාත් සහ රන්වී‍ර් කපූර්.. මේ දෙන්නාට පසුගිය දවසක තිබුණ සම්මාන රාත්‍රියක් ගොඩක් විශේෂී වුණා..


බොලිවුඩ් සිනමාවේ සම්මාන මංගල්‍යයය වන ‘ෆිල්ම් ෆෙයාර්‘ මෙවර සම්මාන උලෙළ සුපුරුදු ලෙසම මෙවරත්, ගුජරාට් ප්‍රාන්තයේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණේ, පෙරේදා රාත්‍රීයේදීයි..එහිදී හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්‍ර වෙද්දී ඔහුගේ බිරිය ආලියා භාත් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තා..


‘ඇනිමල්‘ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානය දිනා ගනු ලැබූ අතර, ආලියා භාත් හොඳම නිළියගේ සම්මානය දිනා ගනු ලැබුවේ ‘රොකී ඕර් රානි කී කහානි‘ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්..මෙවර සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය ලෙස ‘12th Fail‘ තේරී ඇති අතර, හොඳම සහාය නළුවා ලෙස විකී කෞෂාල් සහ හොඳම සහාය නිළිය ලෙස ශබානා ආස්මි සම්මාන දිනා ගත්තා..




Previous Post Next Post