මේ නිෂ්පාදනයට අතගැසුවේ ලාභ බලාගෙන නෙවෙයි- වසන්ති ගුණරත්න





සිහිල් සුළං රැලි ගත දැවටෙයි, ගතේ විඩාබර ගතිය නිවාලයි. සුසුම් පවන් රැලි ඈතට ඇදී යන්න දි ඇය ඉඩ දී බලා හිඳී. ජීවිතය බලාපොරොත්තු පොදි බැඳගෙන ක්ෂේත්‍රයේ ගමන අරඹයි. මිහිරි කන්කලු නාද රටාවන් ඇයටත් හොරෙන්ම සුවපත් කරයි. පෙර දිනක ඇසූ ගීතාවලියක් මෙන්ම අතීතය වර්තමානය අනාගතය යන ත්‍රිත්වය ම ඇයට ස්පර්ශ කරන්නට ලැබෙයිද. ඒ ඇගේ මුල්ම කලාවේ පිවිසුම් දොරටු වන ඊව්ඹ් සවනට මධූ සංගීත වැඩසටහානේ නිවේදිකාව වීමෙනි. මේ හරහා ලංකාවේ සිටින ප්‍රසිද්ධ අප්‍රසිද්ධ සියලු දෙනාම ඇයව හඳුනා ගැනීමේ භාග්‍යය ලැබේ. කටු පිරුණු මං මාවත ඇය හෙළි පෙහෙළි කර ගත්තේ ඒ අයුරිනි. ඉන් අනතුරුව ඇය වෙළෙඳ දැන්වීම් නිරූපණ ක්ෂේත්‍රයට යොමු විය. ඇගේ පළමු රංගන දායකත්වය ලබා දෙන්නේ කිරි නිෂ්පාදනයක් සදහා වූ වෙළෙඳ දැන්වීමක ටයි. මේ හරහා ඇගේ ගමන වෙනත්ම දිසාවකට පාර කපා ගත්තාය. එකල වෙළඳ දැන්වීම් කුමාරිකාව වූ ඇය කාගේත් සිත් ගත් සුරූපිනී රංගන ශිල්පිනියයි. නිවේදිකාවක් රංගන ශිල්පිනියක් පසු නිෂ්පාදිකාවක් බවට අද වන විට පත්වීමට අවස්ථාව ලැබිණි. ඇය මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘අනිච්චාවත සංඛාරා’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදිකාව වන වසන්ති ගුණරත්නයි.


 


සිනමාවේ ගමන ආරම්භ වන්නේ කොහොමද ?


මගේ ජීවිතේ මම ගොඩක් දේවල් කැප කරලා මහන්සි වෙලා තමයි අද මේ ස්ථානයට එන්න මග සොයාගන්නේ. ඒ හරහා සිනමාවට පිවිසීමේ දොරටුව මට ඇරලා දෙන්නේ ක්ෂේත්‍රයේ දීමක් හඳුනාගත්ත වේශ නිරූපණ ශිල්පී සරත් රණවීරයි. ඔහු මට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක රෝයි ද සිල්වා මහත්මයා හඳුන්වලා දෙනවා. ඒ හරහා මගේ මුල්ම සිනමා පටය වන්නේ දවල් මිගෙල් රෑ දැනියල් 2 යි. ඒ ගමනත් සමඟ මට චිත්‍රපට හතරකට විතර රඟපාන්න අවස්ථාව ලැබුණා. ක්ලීන් අවුට්, නොම්බර එකේ චණ්ඩියා, අම්මාවරුනේ ඒ සිනමාපට එකතුවයි. මේ සිනමාපට ටිකත් සමඟම මම පොඩි විවේකයක් ගත්තා මගේ වෙනත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම උදෙසා. ඒත් ඉඩ ලද හැම විටකම මම සිනමාව වෙනුවෙන් කැපවුණා.


 


මේ වන විට ඔබේ නිර්මාණ දායකත්වය ගැන කතා කළොත් ?


මම මේ වන විට වන විට වෙළඳ දැන්වීම් තිහකට වැඩිය ප්‍රමාණයකට ප්‍රධාන පෙළේ රංගන දායකත්වය දීලා තියෙනවා. සිනමා හතරකටත්, ටෙලි නාට්‍ය 15කටත් සම්බන්ධ වීමට මට අවස්ථාව උදා වුණා. මේවට අමතරව විකාශය නොවුණු ටෙලි නාට්‍යය තවම තියෙනවා.


විශේෂයෙන් ඒ කාලයේ මෙගා රැල්ලේ ආරම්භයත් සමඟ සිරස රූපවාහිනී නාලිකාව ගෙනා වසුදා ටෙලි නාට්‍යයේ රෝහිණී ට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ පුදුම ජන ආදරයක්. ඒ ටෙලිනාට්‍ය ආගමනය මම ලැබූ හොඳම ප්‍රතිචාරය ලෙස මම අදටත් ඉහළින්ම ඉන්නවා.


කලා ක්ෂේත්‍රයට කෙටි කලත් සමුදුන් ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඇයි ?


ජීවිතයේ එක එක්කෙනාගේ අරමුණු තියෙනවා. ඒ අරමුණු කොතනද දී කොහේ දී ඉස්මතු වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. මගේ තරුණ කාලයත් සමඟ මට කරගත යුතු සියලු දේවල් ම කරගන්නට අවස්ථාව උදා වුණා මේ කෙටි කාලසීමාව තුළදී. තරුණිය මවක් විමත් එක්තරා සන්ධිස්ථානයක ඇරැඹුමක් වෙනවා. 2003 නිමි ඇඳුම් ව්‍යාපාරයත් සමඟ මගේ ව්‍යාපාරය පුළුල් කර ගැනීමට මට අවස්ථාව හිමිවෙනවා. ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආයතන සඳහා මගේ නිමි ඇඳුම් අලෙවිය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වුණා. තරුණවිය මැදි වියට එළැඹීමත් සමඟ ජීවිතයේ ගොඩක් ගැඹුරින් සිතන්නට මට අවස්ථාව උදා වෙනවා. ඉන්පසුව මම ලෝක වසංගතයක් සමඟ ඇති වී ගෙන ආ ව්‍යාපාර කඩාවැටීම අවදානමකට ලක්වෙනවා. 2018දී ව්‍යාපාර පසෙකින් තබා දරුවන් නිසා එංගලන්තය බලා යනවා. දෙදරු මවගේ භූමිකාවත් සමඟ තමයි ඊළඟට කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු නැවත ඇරඹෙන්නේ.


 


නැවත කලා ක්ෂේත්‍රයට පිවිසෙනවා නේද?


මම කලා ක්ෂේත්‍රයෙන් සදහටම ගිහින් හිටයේ නෑ. නමුත් ජීවිතයේ යම් යම් තීරණ තීන්දු ගන්නකොට දෙපාරක් තුන් පාරක් හිතන්නැතිව අවස්ථාවට උචිත විදිහට තීරණය ගත යුතුයි. මේ නිහඬ වෙලා හිටපු කාලසීමාව තුළදීම මම හොද අධ්‍යක්ෂකවරයෙක් හෙව්වා. එහි ප්‍රතිඵලයක් හැටියට මුහුණු පොත හරහා සුරංග ලක්මාල් නමැති තරුණ අධ්‍යක්ෂකවරයා මම හඳුනා ගන්නවා. ඉන්පසු අනිච්චාවත සංඛාරා දෙවැනි කොටසේ නිෂ්පාදකවරියක් ලෙස මාත් එක්ක වැඩ කරන්නට පුළුවන්ද කියලා සුරංග ලක්මාල් මගෙන් ආහනවා අහනවා. ඒ වෙන විට ඔහුගේ එම ටෙලි නාට්‍යය විකාශය වෙන මම ඒවා බලමින් සිටියේ. ඒත් කොටස් 17 ක් යනකම් පමණයි ටෙලිනාට්‍යය විකාශය වීම සිදු වුණේ. සුරංග මගෙන් ඉල්ලීමක් කළා මේ අතරමඟදී නිෂ්පාදනය කරලා ඉවර වූ ටෙලි නාට්‍යයක් තියෙනවා ඒක භාර අරගෙන වැඩ කරන්න කැමතිද කියලා. පසුව මට සුරංග එවු කට්ස් ටිකක් සහ ගීතවලින් මම නිගමනයට ආවා මේ නිෂ්පාදනයට මම හවුල් වෙනවා කියලා. ඒ තරම් එහි මිහිරියාව මම වින්දා. මේ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ගේ කතාවක් කියලා මට තේරුණා.කාලයකට පස්සේ හොඳ කතාවක් එළියට දාන්න මට නිෂ්පාදකවරියක් හැටියට අවස්ථාවක් උදා වුණා. මුලින්ම මම කියන්න ඕනෙ ලාභය බලාගෙන මම නිෂ්පාදකවරියක් ලෙස මෙයට අත ගැසුවේ නැහෑ.


 


කොටස් 17ක් විකාශය වූ ටෙලි නාට්‍යයේ අවසානය ?


අපි සියලුම දේවල් රැගෙන එන්නෙත් නැහැ රැගෙන යන්නෙත් නැහැ. ඒ නිසා තමයි අනිච්ඡාවත සංඛාරා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ජීවිතයේ ගැඹුරෙන් බලන්න පුළුවන් හොඳ තේමාවක්. තමන්ගේ දරුවාගේ දිශානතිය කියා දෙන්නත් පුළුවන් වෙනවා. මේ මිහිපිට සිදුවෙන සිදුවීම් සිද්ධි දාමයන් තුළින්. මේ ටෙලි නාට්‍යය පීරියඩ් එකක්. මම මෙගා රැල්ලේ නිෂ්පාදනවලට අත ගහන්නේ නැහැ. සුරංග මෙහි නිෂ්පාදන කටයුතු දැනුම්වත් කළ නිසා තමයි මම අත ගැසුවේ. අනිච්චාවත සංඛාරා කොටස් හැටකින් නිමාවට පත්වෙනවා. මෙලොව පරලොව දෙකේදීම සුගතිගාමී ජීවිතයක් ලබන්න නම් මේ නාට්‍යය බලන්නම වෙනවා.


 


ඔබේ අවසාන නාට්‍යයද මෙගා නාට්‍යයක් ඇයි ඔබ මෙගා නාට්‍යයට අකමැති කියන්නේ?


අපි ඉස්සරලාම මිනිසුන්ගේ රසය හඳුනා ගත යුතුයි. රසය හඳුනා නොගෙන නිර්මාණ කිරීම නිර්මාණකරුවාගේ යුතුකම නොවේ කියලයි මම හිතන්නේ. මගේ අවසාන නාට්‍යය මෙගා නාට්‍යයක් තමයි. නමුත් ඒ කාලසීමාව තුළදී මෙගා නාට්‍ය ප්‍රේක්ෂකයාට එපා කියන තැනට වැටිලා තිබුණේ නැහැ. ඔවුන් ආදරයෙන් වැලඳ ගත්තා ඒ චරිත. ඒත් අද ඒ දේ වෙනස්. එයට හරියන දේ දිය යුතුයි කියලා මම අධ්‍යක්ෂවරයාත් එක්ක කතා කළේ. සමාජගත කළ යුතු පණිවිඩය නිරවුල් වෙනවා නම් ඕනෑම නිර්මාණයක් සාර්ථකයි කියලයි මම දකින්නේ. ප්‍රේක්ෂකයාට හොඳ නිර්මාණ දායාද කළ රූපවාහිනිය මගේ නිර්මාණය බාරදෙන ප්‍රේක්ෂකයාට හිතන්න යමක් ඉතුරු කළා. වේදනාවට වැඩිය සිනාසීම වැදගත් නේද කියලයි මම දකින්නේ. කොටස් 500ක් 600 කරලා මිනිසුන්ගේ මනස විකෘති කරන මුදල මත නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු බිහිවීම වැඩක් නැහැ. මුදලින් මට ලාභ නැති වෙන්න පුළුවන් නමුත් මම සමාජයට හරවත් දෙයක් දුන්නා කියලා කණ්ඩායමක් හැටියට සතුට භුක්ති විඳීන්න පුළුවන් දවසක.එයයි වටින්නේ.


500ක් 600ක් මෙගා නාට්‍ය කරනවට වැඩිය කොටස් පනහක්, හැටක් කරපුවාම සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙන ආකාරයට නිර්මාණ දහයක් දොළහක් කරන්න පුළුවන්.


අධ්‍යක්ෂකවරයාගේ සහ නිෂ්පාදකවරයාගේ අවශ්‍යතාව මත ද නළු නිළියන් තෝරා ගැනීම සිදු කළේ ?


අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය පරිදි ඔහු නිර්මාණය කළ චරිත තමයි මෙහි රංගනයෙන් දායක වෙන්නේ. නිෂ්පාදකවරිය හැටියට මම අතරමැදින් චරිත ඇතුළු කරන්නවත් අරයා, මෙයා දාන්න කියලා නැහැ. මම දකින විදිහට තිරපිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා හැටියට ඒ චරිත තුළ ඔහු ජීවත්වීම නිසා කිසිවකුට ප්‍රශ්න මතුවුණේ නැහැ තෝරාගැනීමේදී. එක එක චරිතවලට ආදේශ චරිත ඉල්ලුවේ නැති නිසා කුඩා සිදුරු නැහැ. අනිච්චාවත සංඛාරා තුළ. ප්‍රධාන චරිත නිරූපණය කරන චින්තක වාස් සහ උමයංගනා ගේ චරිතයන් ලස්සන චරිත දෙකක් නොවේ. එහි තියෙන්නෙ කතාවක්. අධ්‍යක්ෂකවරයා තෝරා ගැනීමෙන් පසු එහි ජීවය ලැබුණේ. ඒ දෙදෙනා වෙනස් කරත් සියලු දෙනාටම අනිච්චාවත සංඛාරා යයි නිෂ්පාදකවරයාට කියන එකයි මට දැනුනෙ. තව දෙයක් තමයි අධ්‍යක්ෂකවරයාට විතරක් නෙවෙයි නිෂ්පාදකවරයාටත් චරිත යෙදවීමට අවස්ථාව තියෙනවා. නමුත් සුදුසු චරිතයට සුදුස්සා ලබාගැනීම තෝරා දීම පමණයි මමත් කරන්නේ. මේ පිටපතේ ජීවත්වෙන සියලුම චරිත ඉතාම වගකීමෙන් තම තමන්ගේ කාර්යන් ඉටු කළා කියලා මට කියන්න පුළුවන් .


 


නිෂ්පාදකවරියට අනිච්ඡාවත සංඛාරා අභියෝගයක් වුණේ නැද්ද ?


අම්මයි තාත්තයි දුවල දෙන්නයි ද එක්ව ගොඩනැගෙන මේ කතාව. අපි සියලු දෙනාටම අභියෝගයක් වුණා. එහි යොදන නමේ ඉඳන්ම. ඒ අපි සියලු දෙනාගෙන්ම එක් එක්කෙනා ප්‍රශ්න කරන්නට ගත්තා ඇයි ඒ වගේ නමක් යොදලා තියෙන්නේ.නමේ ඉඳංම රසක් ගෙනා අනිච්චාවත සංඛාරා තමයි දැන් සියලු දෙනාම වැලඳ ගෙන සිටින්නේ. මේ නාට්‍යයේ ඇඩ්වර්ටයිසින් කරනකොට මගේ පින්තූරයක් දාලා සියලු දෙනාම හිතුවේ මම මැරිලා කියලයි. මිනිස්සු සියලු දෙනාම හිතාගෙන ඉන්නේ මේ වචනය මරණය හා සම්බන්ධය දෙයක් කියලයි. ගොඩක් දෙනෙක් මෙහි නම වෙනස් කරන්න කියලා අධ්‍යක්ෂකවරයාට ද සඳහන් කරලා තිබුණා. අධ්‍යක්ෂකවරයා එහිදී කියා සිටියේ ඒකම තමයි තියෙන අභියෝගය ඒ අභියෝගය අපි ජය ගන්නවා කියන එක තමයි සඳහන් කළේ.මේ කතාවේ සාරාංශය මට කියනකොට සුරංග ඒ සියල්ල සුරංගගේ පුතාගේ ලැබුණු සත්‍ය කතාවක්. ඔහුගේ පන්තියේ සිදු වෙච්ච සිදුවීමක් නිසා මෙහි සාරාංශගත ය නිවැරදි නිසා මට හරිම සතුටක් දැනුණා.


 


මරණය හා සම්බන්ධ ව ග්‍රාමීය පරිසරය සහ නාගරික පරිසරය යන දෙක නිෂ්පාදකවරයකු ගේ කෝණයෙන් බැලුවොත් මොනවද හිතෙන්නේ ?


නාගරික කොළඹ පරිසරයේ මේ දේ දකින්නට නැහැ. කොළඹ පරිසරය තුළ අවමංගල්‍ය අධිපතිවරු, උපාධිධාරීන් දක්වා සිටිනවා. නාගරික පරිසරය තුළ නිල ඇඳුමකුත් සමඟ අවමංගල අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය විශාල වෙනසක් දක්නට පුළුවන්. අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ඉන්නවා ආචාර්ය උපාධිය දක්වාම තියෙනවා. අනිච්චාවත සංඛාරා කියන වචනය මිහිපිට ජීවත් වන සියලුම දෙනාට තමයි වැදගත් වෙන්නේ. ග්‍රාමීය පරිසරයට මේ යනකොට හරිම පහත් ලෙස සලකන වෘත්තියක් බවට පත් වෙලා තියෙන්නේ. අවසානයේ අපි සියලු දෙනාට යන තැන පහත් කොට සලකනවා නම් තවත් සමාජයේ මිනිසුන් සමාජගත කරන්නේ මොකද්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. හැමෝටම කරන්න බැරි දෙයක් කරන මිනිස්සු ගෞරව ලෙස සැලකීම තමයි වැදගත් වෙන්නේ.ඉන්නකන් 18 සෙල්ලම් සියල්ලම දාපු අපි අවසානයේ ලස්සන කරලා ගෙදරට ගේන්නෙත් ඔව්න්මයි නේද. මම හිතන විදියට මේ ටෙලි නාට්‍යය තුළ අනිච්චාවත සංඛාරා නාමය ගැළපීමත්. අවමංගල්‍ය අධ්‍යක්ෂවරු කියන නාමය ඔවුන්ට හිමි වීමත් ඉතාම වැදගත් කියලයි මම නම් සලකන්න. අපේ සියලු දෙනාම ඉන්නකම් නොකරපු සත්කාර අවසානයේ මිනියට කරනවා නේද. මේ පවුල්වල දරුවන් සමාජගත විමේදී සමාජයෙන් කොන් කිරීම හරිම අසාධාරණයක් ලෙස දකින්න පුළුවන්. ග්‍රාමීය පරිසරයේ ජීවත්වන මිනිසුන් ගතානුගතික සිරිත්වලින් ඈත් නොවෙන තෙක් එයින් පීඩාවට පත් වන්නේ අහිංසක දරුවන් පමණයි.


 


නිකිණි වැස්ස සිනමා පටයේ අන්තර්ගතය නේද මේ කියාපාන්නේ කියලා ප්‍රේක්ෂකයාට ප්‍රශ්නයක් මතු වුණා නේද ?


නිකිණි වැස්ස සිනමාපටය නරඹපු අය හිතන්න ඇති. නමුත් ඊට හාත්පසින්ම වෙනස් සැබෑ සිද්ධි මාලාවක් ගොනු කර ගත්ත කතාවක් මේක. මම නිෂ්පාදකවරියක් හැටියට කොපි තිර පිටපත් කරන්න කවදාකවත් බලාපොරොත්තුවක් නෑ. එහෙම නම් මම මේකට අත ගහන්නෙත් නැහැ. මෙහි පළමු දෙවන කොටස් ප්‍රේක්ෂකයාට තියා කිසි කෙනෙකුට තේරුම් ගන්න බැරි ගතියක් තිබුණා. මෙහි ඇතුළත සහ පිටත කතා දෙකක් ප්‍රතිනිරූපණය වෙනවා. මෙහි අන්තර්ගතය අමුවෙන් දෙන්න කිසිසේත්ම බලාපොරොත්තුවක් වුණේ නැහැ. ඒක ප්‍රේක්ෂකයාට විඳීන්න විදලා තේරුම් ගන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. චරිත ගත්තත් කතා කරනවා අඩුයි. ප්‍රේක්ෂකයාට චරිතය හිතන්න දීලයි තියෙන්නේ. මෙහි කතාවේ ස්වභාවය තේරුම් ගන්න නම් කොටස් 5ක් වත් එක දිගට ගලා යන විදියට නැරඹිය යුතු වෙනවා.ඕනෑම කෙනකුට හිතන්න අයිතියක් තියෙනවා. සමානව ද්‍ යන කතා තේමාවක් ඕනම තැනක ලෝකේ තියෙන්න පුළුවන්. පොත කියවන් නැතුව කවදාක්වත් පිටකවරය බලලා එහි සියල්ල තීරණය කරන්න බැහැ. මේ කතාව මුල ඉඳලා බලන්න වෙනවා අවසානය දක්වා. එවිට ඒ සියල්ලන්ටම සියලු ප්‍රශ්නයන්ට උත්තර සියලු දෙනාටම ලැබෙයි කියල මම හිතනවා.


 


නිෂ්පාදිකාව ගේ භූමිකාව ට එහා ගොස් රංගනයෙහි ද ඔබ යෙදෙනවා නේද?


මම වසුදායින් පස්සේ නැවත රංගනයට පිවිසෙනවා. මම මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කටයුතු අවසන් කරන්න හිතාගෙන හිටියේ මැයි, ජුනි මාසය නමුත් පොඩි පොඩි කාලසීමාවන් පරාජයන් නිසා එය වෙනස් වුණා. ඒ නිසා තමයි මටත් රංගනයේ යෙදෙන්නට ලැබුණේ. ඒ වගේම රූපවාහිනිය නිර්මාණ බාර නොගත්ත කාල කාලසීමාවත් තිබුණා. මේක මට ලැබුණ වාසනාවක් කියලයි මම සලකන්නේ. අපි දෙගොල්ලොම අභියෝගයත් අරගෙන තමයි මේ ටෙලි නාට්‍යය භාරගැනීම හා භාර දීම සිදු කළේ. කෙසේවෙතත් කොටස් දහයක් විතර යනකොට නැවත ප්‍රේක්ෂකයන් රූපවාහිනිය කරා ළඟා වන බවක් අපිට දැනුණා.


 


මේ ආකාරයට නිෂ්පාදිකාවක් ලෙස දිගටම රැඳී සිටින බලාපොරොත්තුවක් තියෙනවා ?


ජීවිතයේ මිනිසුන්ගේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ බලාපොරොත්තු වුණු එකක් තමයි මේ මගේ ඉෂ්ට වුණේ. මම ප්‍රේක්ෂකයාට සාධාරණයක් කරන්නට නම් මෙහි රැඳී සිටිය යුතුයි. ඒ නිසා මගේ ගමන ටිකක් හිමීට වෙන්න පුළුවන්.නමුත් මට පුළුවන් හැකි සැම අයුරින්ම අවබෝධයෙන් මම නිෂ්පාදනයට දායකත්වය ලබා දෙනවා. මගේ හිනේ තියෙන සිහිනයක් තමයි කවදා හෝ හෝ සිනමාපටයක නිෂ්පාදනයෙන් දායක වීම. පිටපත් රාශියක් ලැබිලා තියෙනවා. එයින් තෝරා ගැනීම තුළින් තමයි ඉදිරියේද එය තීරණය වෙන්නේ. මට කිසිවකුගෙන් යමක් ගන්න දේවල් නෑ මට අවශ්‍ය සමාජයට හොඳ දෙයක් දෙන්න පමණයි. මගේ දරුවන් ඇතුළු සියලු දෙනාම මට මෙහි පිටුපස සිට හොඳ හයියක් ලබා දෙනවා මගේ ගමන, ඔබේ ගමනට ද ඉතාම සරලව දිවි පෙවත ගෙවමින් ජීවත් වීම තමයි මගේ බලාපොරොත්තුව අනිච්ඡාවත සංඛාරා කියල තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.




Previous Post Next Post