එදා මං කැමරාවක් දැක්කම පැනලා දිව්වා -අඛිල ධනුද්දර




මේ දිනවල තිරගත වන මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රීවික්‍රම’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන හෙළයේ අවසන් රජු ලෙස විරුදාවලිය ලත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතයට ජීවය දෙන යොවුන් රංගන ශිල්පි අඛිල ධනුද්ධර සිය චරිතය පිළිබඳවත් ඔහුගේ රංගන දිවිය මෙන්ම නිවේදකයකු, නර්තන ශිල්පියකු වශයෙන් ද කලා ලොවේ පියමනින ආකාරය පිළිබඳවත් අදහස් දැක්වීමේ අරමුණින් සරසවිය හා මෙසේ සම්මුඛ විය.


මේ දිනවල තිරගත වන ඔබ රංගනයෙන් දායක වූ "ශ්‍රී වික්‍රම" චිත්‍රපටය ගැන හඳුන්වා දුන්නොත්...?


"ශ්‍රී වික්‍රම" කියන්නේ ඉතිහාසයේ අපි දන්නා මාතෘකාවක්. ඇහැළේපොළ අධිකාරම්, කැප්පෙටිපොළ වීරයෝ වගේ අය ගැන අපි කුඩා කාලයේ ඉඳන්ම දන්නවා. ශ්‍රී වික්‍රම කියන්නේ ඒ වීරයන්ගේ ප්‍රතිවීරයා බවට පත්වුණු කෙනෙක්.අප විසින්ම දුෂ්ට යැයි කිව්වට ශ්‍රී වික්‍රමගේ පැත්තෙන් ගත්තොත් ඔහුව කවුරුවත් හරියට දැක්කේ නැහැ වගේ එකක් තියෙනවා. ඇත්තෙන්ම ඒ මනුස්සයා මොනවා කරන්නද...? පෙර සිරිතට අනුව රජකම් කරද්දී අපට හිතෙන දේවල් කරන්නත් බැහැ. ශ්‍රී වික්‍රමගේ පැත්තෙන් ඒ චරිතය දිහා බලන්න පෙලැඹවීමක් මෙහිදී කෙරෙනවා. එයයි මෙතැන තියෙන වටිනාකම. මේ කතාව 1790 ගණන්වල ඉඳන් 1818 උඩරට කැරැල්ල දක්වා දිවයනවා. මීට වසර 08කට පෙර කරපු අත්හදාබැලීමකින් කළ උත්සහයක් කිව්වත් හරි. අපේ ඉතිහාසය ඉගෙන ගැනීමට අවශ්‍ය කරුණු ඇතුළත් නිසා මේ චිත්‍රපටය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් සිසුන්ට නැරඹීමට නිර්දේශ කරලත් තියෙනවා .....ඒක හරිම වටින දෙයක්.මේ නිර්මාණය තුළින් අධ්‍යාපනික මෙන්ම ශාස්ත්‍රීය වටිනාකමක් ලබාදී තිබීමත් අගය කළයුතුයි.


"ශ්‍රී වික්‍රම" සඳහා ඔබට ඇරයුම් ලැබුණේ කොහොමද ....? මෙහි අධ්‍යක්ෂ මොහාන් නියාස් මහතා මගේ පියාණන්ට කතා කරලා තමයි මුලින්ම මාව ගන්න අවසරය ගත්තේ. මම කොහොමත් ඉතිහාස චරිත භාරගන්න කැමැතියි. ඒ තුළ ලොකු කියැවීමක් තියෙනවා. ඒ චරිතය තුළ ජීවත් වෙන්න මම උත්සහ කරනවා. අප ඉගෙනගත් ඉතිහාසයේ කරුණු ඇතුළත් චරිතයක්නේ මේක. එයට හැඟීම් පමණක් එකතු කරන්න පුළුවන්


ඔබේ පවුලේ ආභාසයත් රංගනයට බලපෑවද...? අපේ ගෙදර කිසිම කලා කටයුත්තකට සහභාගි නොවූ කෙනා මමයි. නළුවෙක් වෙන්න මම කොහෙත්ම හිතාගෙන හිටියේ නැහැ. මම විප්ලවීය තරුණයෙක් විදිහටයි හිටියේ. මම සම්ප්‍රදායට අභියෝග කරන චරිතයක් විදිහටයි හැදුණේ. හැබැයි මම වැඩියෙන්ම අධ්‍යයනය කරන නළුවා මගේ අප්පච්චි. අපේ පවුල කලා පවුලක් තමයි. මගේ හීනය තිබ්බේත් තියෙන්නේත් ව්‍යාපාරික ලෝකයටයි. ව්‍යාපාරික ලෝකයේ අප්පච්චිගේ ආභාසයකුත් මට නොතිබුණාම නෙවෙයි. කැමැරාවක් දැක්කහම පැනලා දුවන චරිතයක් විදිහටයි මම හිටියේ.


"ශ්‍රී වික්‍රම" යනු අපේ ඉතිහාසයේ සුවිශේෂ කාලපරාසයක්. ඉතිහාස සිදුවීම් හා අධ්‍යයනයන් ඔබේ රංගනයට කොතෙක්දුරට ඉවහල් වුණාද...?


ශ්‍රී වික්‍රම චරිතය පාසල් අධ්‍යාපනය තුළින් අපි ඉගෙනගෙන තියෙනවා. පොත්පත් තුළින් විශාල ලෙස අධ්‍යයනය කිරීමක් කළා. මීට අවුරුදු 08කට කලින් ශ්‍රී වික්‍රම වෙනුවෙන් මට අහුවෙන ඕනේම දෙයක් බලනවා. පරිශීලනය කරනවා. ඉතිහාසයේ චරිතයක් ලැබුණාම මට ඒ වෙනුවෙන් මැරෙනකල් සාක්ෂි ලැබේවි. ඒ තුළින් අදාළ චරිතය ගැන දැනුම වැඩිදියුණු වෙනවා...අද ඒ චරිතය මම කළානම් බොහෝදුරට මීට වඩා වෙනස් විදිහට කරන්න තිබ්බා...මොකද මේ වනතෙක් අවුරුදු 08ක් තිස්සේ මට අලුත්ම අත්දැකීම් සම්භාරයක් ලබාගන්න අවස්ථාව තිබ්බ නිසා.


මෙහි අධ්‍යක්ෂවරයා ගැන යමක් කිව්වොත්...?


අධ්‍යක්ෂ මොහාන් නියාස් මහතා නිර්මාණය වෙනුවෙන් විශාල කැපවීමක් කළා. ජනනාත් ඔබේසේකර මහතා "නෙරපපු රජ ශ්‍රී වික්‍රම" නමින් ලියූ ග්‍රන්ථයේ ශ්‍රී වික්‍රම චරිතය හරියටම ලියැවිලා තියෙනවා. එයිනුත් කියැවෙන්නේ අපි සුද්දාගේ වාර්තාවල හිටියා කියන දේයි. ඒ වාර්තා අරන් ඔප්පු කරලා තියෙනවා. ඉංග්‍රීසි ඇහැකින් තමයි අපි ශ්‍රී වික්‍රම දිහා බලලා තියෙන්නේ. අධ්‍යක්ෂවරයා සොයාගත් කරුණු පැහැදිලි කිරීමට ඒවා බොහෝ ඉවහල් වුණා. මෙම කරුණු සොයාගත් අධ්‍යක්ෂවරයාට වෙනමම දැක්මක් තිබුණා. මොහාන් නියාස් මහතා සෑහෙන්න මහන්සියක් ගත්තා ඔහුට අවශ්‍ය චරිත ගන්න. අපටත් ඔහු විශාල දැනුමක් දීලා අපව පෝෂණය කළා.මේක තනිකරම "ඩිරෙක්ටර් කට්" (Director Cut) ම තමයි. අධ්‍යක්ෂවරයාගේ පර්යේෂණ (Research) අගයන්න ඕන ඇත්තෙන්ම. චිත්‍රපටය බලද්දී හැමදාම දන්න ශ්‍රී වික්‍රම වෙනත් ඇහැකින් දකින්න පුළුවන්. ඒ සඳහා සියලු ගෞරවය අධ්‍යක්ෂ මොහාන් නියාස් මහතාට ලැබෙන්න ඕන.


සෙසු රංගන ශිල්පීන් ඔබේ චරිතය පෝෂණයට කොතරම්දුරට බලපෑවාද...? ඔවුන් ඔවුන්ගේ රංගන කාර්යය හරියටම කළා. මෙහිදී විශේෂයෙන් ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා මතක් කළ යුතුයි. ශ්‍රියන්ත අන්කල් මෙහි පිළිමතලාවේ අධිකාරම් හෙවත් මගේ භාරකරු. ඔහුගේ ඕනකමටයි මාව රජකරවන්නේ. ඒ චරිතය තුළ තියෙන්නේ පියෙක් දරුවෙක්ව රජ පුටුවට ගෙනියන ආදරයක්. අපි දෙදෙනා අතර තිබුණේ පියා සහ දරුවා අතර බැඳීමයි. ශ්‍රියන්ත අන්කල් එක්ක වැඩ කිරීමත් මට බොහෝ වැදගත් වුණා. ඔහුයි මායි පිය පුතු බැඳීමකින් තමයි වැඩකළේ.... 80 දශකයේ පවා මගේ අප්පච්චි හා ශ්‍රියන්ත අන්කල් එකට රඟපෑවා "පළිඟු මැණිකේ " ටෙලිනාට්‍යයේ . ඒ කාලයේ ඔහුගේත් මගේ අප්පච්චිගේත් මුල්ම කාලය. ඒවාත් මට මතක් වුණා. ශ්‍රී වික්‍රම චිත්‍රපටයේදී ශ්‍රියන්ත අන්කල් මට පියෙක්ම වුණා කිව්වොත් හරි. සමහර දේවල් මට පුතෙක්ට වගේ කියා දුන්නා. ඔහු කියූ එක් වදනක් මට තදින්ම කාවැදුණා. ඒ තමයි "පෙරමුණ ගන්නෝ පෙරටම යන්නෙ...පස්සට යන්නෝ පස් යට යන්නෝ.." කියන කියමන... ඊට අමතරව ශ්‍යාම් ප්‍රනාන්දු අයියා, රොෂාන් පිලපිටිය අයියා, බුද්ධදාස විතානාරච්චි අන්කල් වගේ පිරිස මගේ චරිතය පෝෂණයට මනා සහයක් ලබාදුන්නා . මේ චිත්‍රපටයේ වැඩකිරීමම විශ්වවිද්‍යාලයක අවුරුද්දක් ඉගෙනගත්තා හා සමානයි.


මීට පෙරත් ඔබ ඓතිහාසික කතා පාදක කරගත් නිර්මාණ රැසකටම දායක වුණා මට මතකයි...?


ඔව්, ශ්‍රී වික්‍රම මෙන්ම ධාතුසේන වන මම 06 වැනි පරාක්‍රමබාහු ද වෙමි. "සී රජ" ටෙලිනාට්‍යයේ ධාතුසේන ලෙසත් "දස්කොන්" ටෙලිනාට්‍යයේ නරේන්ද්‍රසිංහ ලෙසත් "සිරි පැරකුම්" චිත්‍රපටයේ 06 වැනි පරාක්‍රමබාහු ලෙසත් "ගුත්තිල" චිත්‍රපටයේ මූසිල ලෙසත් ඓතිහාසික සිනමා, ටෙලි නිර්මාණ කිහිපයකටම මම සම්බන්ධ වුණා.


"ශ්‍රී වික්‍රම" දර්ශන තලයේ සිටියදී ඔබ ලබාගත් අත්දැකීම් කවරාකාරද ....?


අපි එහිදී දර්ශනතලයේ හිටියේ කලා අධ්‍යක්ෂවරයා නිර්මාණය කළ පසුතලවලනේ. මහනුවර සහ ගම්පහ ප්‍රදේශවල මෙහි රූගතකිරීම් කළා. චිත්‍රපටයක් කරද්දී යන රවුමක් තියෙනවානේ. ඒක හරිම වින්දනීයයි. මෙහිදීත් අපි මාස 02ක් විතර එකට හිටියා. පවුලක් විදිහට ගතකරලා වෙන්වෙද්දී තියෙන අමාරුව තමයි ලොකුම වේදනාව වෙන්නේ. මෙහිදී චරිතයට අධ්‍යයනය තුළින් ලබාගත් කරුණුත් බාහිරව එකතු කරගත් දේවලුත් සොයා යනවා. සමහර අවස්ථාවලදී මේ දේවල් සමහරුන්ට වදයක් වුණු අවස්ථාත් තිබුණා . ඒත් මම ඒවා ගණන්ගත්තේ නැහැ . කුඩාකාලයේ ඉඳන්ම ජොලියේ ඉන්නයි අපි පුරුදු වුණේ.


පාසල් වේදිකාව ඔබේ දක්ෂතාවන්ට තෝතැන්නක් වුණාද....?


මට කොහොමත් රඟපෑමට ඉස්සර ඉඳන්ම ආසාවක් තිබ්බේ නැහැ . කැමරාවක් ගෙදරට එනවා දකිද්දී මම පැනලා දුවනවා.


මුල්ම රංගන අත්දැකීම මොනවගේද....? රොමේෂ් සුගතපාලගේ "දිගු දෑස"'මියුසික් වීඩියෝවේ තමයි මුලින්ම රඟපෑවේ. ඒක බොහෝ ජනප්‍රිය වුණා වගේම බොහෝ පිරිසක් නරඹා තිබුණා . දෙවැන්න "සිරි පැරකුම්" චිත්‍රපටය. මෙරට සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ත් ඒකනේ.


"සිරි පැරකුම්" වලදී සෝමරත්න දිසානායකයන් ඔබව අධ්‍යක්ෂණය කරන්නේ...කොහොමද ඒ අත්දැකීම...?


ඔව්, සෝමරත්න දිසානායක මහතා දරුවන්ගෙන් වැඩගන්න හොඳට දන්නවා. මම ලොකු දරුවෙක් කියා ඔහුට වෙනසක් නැහැ. ඇත්තෙන්ම මාව සිනමාවට බිහිකිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය යුවළටයි. සෝමරත්න දිසානායක මහතා එක්ක වැඩකරන්න බැරිනම් ඒක අවුලක්. ඔහුට ළමයිනුත් අවුලක් නැහැ . සත්තුත් අවුලක් නැහැ මේ දෙපිරිසම ඔහු මනාව හසුරවනවා. "සිංහබාහු"හි මගේ රංගනයටත් පූර්ණ ගෞරවය ඔහුට ලැබිය යුතුයි.එතුමාගේ ගුරුහරුකම් මට තාත්තා කෙනෙක් දෙන ගුරුහරුකම් වගේ.....


"අඛිල ධනුද්ධර" නමැති නිවේදකයා ගැන කිව්වොත්...?


මම වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. "සිරි පැරකුම්" චිත්‍රපටයත් එක්ක ප්‍රචාරක කටයුතුවලදී කතාබහ කරන්න සිද්ධ වුණා. ඒත් සමඟ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 05 සඳහා ආරාධනා ලැබුණා . අවුරුදු 04ක් සීසන් 04ක් බිහිකළා. එහිදී විනිශ්චය මණ්ඩලය ළමුන්ට (තරඟකරුවන්ට) දෙන අවවාද මම හොඳීන් අහගෙන හිටියා. මම එයින් සෑහෙන්න දියුණුවක් ලැබුවා. ඒක විශාල අධ්‍යයනයක් වගේම වින්දනයක් . මම අදටත් සංගීතය ගැන ඉගෙනගන්නවා. දෙරණ නාලිකාවේ ප්‍රධානීන් මාව තේරුම් ගත්තා . දෙරණ නාලිකාවට ඒ ගෞරවය ලැබිය යුතුයි .


ඔබ තුළ සිටින නර්තන ශිල්පියා ගැන සිහිකළොත් ...?


නටනවා තියා ඉස්සර උඩ පනින්නෙවත් නැහැ මම. හිරු මෙගා ස්ටාර් සීසන් 01 සඳහා මට ආරාධනාවක් ලැබුණා. ඒ වෙද්දී හිරු ට්ධතඤඥද ජ්ඪතථ ඒඹචපඤ හි ජනප්‍රියම නළුවා වුණේ මම. එහිදී ජනප්‍රිය නළුවාට ආරාධනා කළා මෙගා ස්ටාර් සඳහා. එහෙමයි ඒකට සම්බන්ධ වෙන්නේ.. එහිදී මම, උමාරියා, යුරේනි, පැතුම් රුක්ෂාන් වගේ අපි කට්ටිය එක කණ්ඩායමක් විදිහට ඉදිරිපත් කිරීම් කළේ. ඉන්පසුව "රිදී රැයක්" වගේ වැඩසටහන්වලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා


නර්තන තරඟ විනිසුරුවරයෙක් ලෙසත් ඔබ සිටියා නේද....?


ඔව්. නර්තන තරඟවලින්ම තමයි ඉදිරියට ආවේ. විනිශ්චය මණ්ඩල ඇහැ කියන්නේ වෙනම ඇහැක්.. රියැලිටි තරඟ ගැන ඊට පෙර අධ්‍යයනයක් මට තිබුණු නිසා මෙහි ව්‍යුහය හදාගන්නේ කොහොමද කියලා මම දැනුම්වත් වෙලා හිටියේ...


මෝස්තර නිරූපණ ශිල්පයට ඔබේ කැමැත්ත කොහොමද ..?


මෝස්තර නිරූපණයට මට ආරාධනා නම් එනවා. ඇඳුම් නිර්මාණයේදී සන්නාමවරයෙක් විදිහට වැඩකරලත් තියෙනවා. එතැනදී ඇත්තටම අපේ ඇඟට තියලා අන්ඳවන එකනේ කරන්නේ. මම සාමාන්‍යයෙන් මෝස්තර කරන්නේ නැහැ. හැමෝටම මම කියන්නේත් මම කොණ්ඩය, රැවුල කපන්නේ නැහැ , නානවා විතරයි කියලා..ඒක තමයි මගේ ෆැෂන් එක වෙන්නේ...


ඔබ වඩාත් ඇලුම් කරන්නේ අඛිල ධනුද්ධර නමැති රංගන ශිල්පියාට ද...? නර්තන, නිවේදන ශිල්පියාට ද....?


නළුවා කියන එකට මගේ වැඩි කැමැත්තක් තියෙනවා. අඛිල ධනුද්ධර කියන හැම එකක්ම කරන මිනිහාට මම ආදරෙයි...මම මා ආසා කරන මිනිහෙක්ව හදනවා කියලා හිතාගෙන ඉන්නේ..තව අවුරුදු 10කින් ඉන්න අඛිල ධනුද්ධර කියන මිනිහාට මම කැමැතියි.


ගායන ශිල්පියෙක් ලෙස ඔබට ඉස්මතුවෙන්න අදහසක් නැද්ද....? ගායන ශිල්පියෙක් වෙන්න ඕනකමක් මට නැහැ. සින්දුවලට කැමැතියි. සංගීතයට මාරම කැමැතියි. ඒක වෙනමම රැකියාවක් කියලයි මට හිතෙන්නේ . අපේ ගෙදර ගායන ශිල්පි ශිල්පිනියෝ ඉන්නවා. ගායනය කියන්නේ වචන තාලයට කියන එක නෙවෙයි. නැටුමට ඇඟ හදන්න ඕන වගේම ගායනයටත් උගුර හදන්න ඕන. හපන් පැදුරේ ඉඳන් අක්කාගේත් හුරුබුහුටියේ මල්ලිගේත් කටහඬ හදන එක මම දැක්කා. මම ඉතින් ආසවටයි ගායනය කරන්නේ.


වේදිකාව තුළ ඔබ සක්‍රිය මට්ටමක නැති බවක් පේනවා ...?


මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ "මහා සුපින" වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කළා. එහි සාරංග දිසාසේකර ප්‍රධාන වුණේ. ඔහු සමඟ අනෙක් චරිතය කළේ මම. ඒ චරිතය වීරයා ද ප්‍රතිවීරයා ද කියා මිනිස්සුන්ට හොයාගන්න බැහැ. දුෂ්ටයාට ප්‍රේක්ෂකයා ආදරය කළා එතැනදී. මූසිලට, ශ්‍රී වික්‍රමට වගේ. ඇතුගල සර්ගේ වැඩවලට මම කැමැතියි. "මහා සුපින" දර්ශන වාර 03යි කළේ. නෙළුම්පොකුණ රඟහලේ දෙවරයි, අනුරාධපුරයේ එක්වරයි.මේ සඳහා අතිරේක නළුනිළිකැල ඇතුළු 160ක පමණ ප්‍රමාණයක් ඕන වුණා..කොහොම නමුත් ඊටපස්සේ "මහා සුපින" කෙරුණේ නැහැ. ඇතුගල සර් රට ගියානේ...


අපේ සිනමාව අද වනවිට අන්තර්ජාතික මට්ටමේ සම්මානයන්ට පාත්‍රවෙනවා. ඒ පිළිබඳ තෘප්තිමත් විය හැකිද...? අන්තර්ජාතික සම්මාන නම් අපට හැමදාම ලැබුණානේ. සිනමාවට මුදල් එන්නත් ඕන. සල්ලි හම්බකරන සිනමාවකුත් අපට තියෙන්න ඕන. "කදිර දිව්‍යරාජ, ගුත්තිල,ගජමෑන්, ගින්දරී" චිත්‍රපට ආදායම් වාර්තා ලැබුවා. චිත්‍රපට මිනිස්සු බලනවා. මිනිස්සු සිනමාවට ආදරෙයි. අපට අන්තර්ජාතික මට්ටමින් කතා කරන්න සංජීව පුෂ්පකුමාර , ජගත් මනුවර්ණ, විසාකේස චන්ද්‍රසේකරම්ලා ඉන්නවා . මේක දියුණු වෙන්න නම් අපි ඔවුන්ව අගය කළ යුතුයි. හම්බකරන චිත්‍රපට හැදෙන්නත් ඕන. එතැනදී අපි උඩට එන ගමනට සමාජ මාධ්‍යයෙනුත් සහයක් අවශ්‍යයි, ඒ අපේ කලාව අගය කරලා. සමාජ මාධ්‍යයේ සිනමාව පෝෂණයට උදවු අවශ්‍යයි. පිටරටවලනම් ටඪතථ ජ්චඪප සම්මාන වගේ තමන්ගේ තරු උස්සලා තියෙන සම්මාන උළෙල තියෙනවා. ඉස්සර අපේත් ඒ දේවල් තිබ්බා. දැන්මම අපිත් හරියි කියලා සිතන්න හොඳ නෑ.


ලේඛන කලාවට ඔබේ නැඹුරුව කෙසේද...?


මම හැමදාම ලියනවා තමයි. කලාකරුවා ලිවිය යුතුමයි කියලා අදහසක් නම් මම දන්නේ නැහැ....අපි අපේ භාෂාව හදාගන්නවා. චිත්‍රපටයක් ලියන්න දැන්මම වුවමනාවක් මට නැහැ....ඒත් හැමදාම ලියන කෙටිකතාවල ඒ දේවල් තියෙනවා..චිත්‍රපට නිෂ්පාදනයට මම කැමැතියි.අක්කාත් ලියනවා. මල්ලි අධ්‍යක්ෂණයට එකතුවේවි. අප්පච්චිත් ජීවිත ච්ඪපඥජබධප කෙනෙක්. ඉස්සරහට බලමු. තව අවුරුදු 10කින් ඉන්න අඛිල ධනුද්ධරට මම හරිම ආසයි.


ඉදිරි නිර්මාණ ගැන සඳහන් කළොත්...? චිත්‍රපට 04ක් දැනට භාරගෙන ඉන්නේ. ලබන වසරේ ඒවගේ වැඩ ආරම්භ කරාවි. නර්තන , ගායන ප්‍රසංගවල වැඩ කිහිපයක් තිබෙනවා. "රිදී රැයක්" පුහුණුවීමුත් සිදුකෙරෙනවා.




 

Previous Post Next Post