ලයිෆ් එකට හානි පමුණුවන්නෙ නැති දික්කසාද ජීවිතය ගැන ගයත්‍රි කිව්ව කතාව



අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.


ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.ඉන් එහා ගයත්‍රිත් චන්නත් ඒ කෝන්තර ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් වග බලාගත්තා.රසිකයින් අත ප්‍රශ්නෝත්තර බොහෝමයක් තිබුණා වුණත් ඒ සුහදතාවයෙන් වෙන්වීම ප්‍රශ්නයක් කරගන්න එපා කියලත් ඔවුන් ඉල්ලීමක් කරලා තිබුණා.ඒ අතරතුර දී චන්න-ගයත්‍රි යුවළගේ දියණියන් දෙදෙනාගේ විශේෂ අවස්ථාවලත් ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණා.ඔවුන් දෙදෙනාගේ දික්කසාද ප්‍රවෘත්තිය ඒ සමයේ වඩා වැඩි කතාබහට ලක්වුණා වුණත්, ඒ ගැන මාධ්‍ය ඉදිරියේ බොරු බේගල් ඇද බාන්න ඒ දේනනට ම වුවමනා වුණේ නැහැ.ඒ වෙනුවට වෙන් වුණත් දරුවන් වෙනුවෙන් එකට ඉන්න වුවමනාය කියන තැන ඒ දෙන්නම හිටියා. 


මේ ඒ ගැන ගයත්‍රි කිව්ව කතාව,


‘චන්න අයියයි මායි ඉතින් අපේ දරුවන්ගේ වැඩ කටයුතුවලදී එකට ඉන්නවා. අපේ දරුවෝ කවදහරි කසාද බැඳලා යනකන් අපි ඒ ගොල්ලන්ගේ දෙමව්පියන් හැටියට අපි හැමදේටම ඉන්න ඕනි. අපි දෙන්නා එක ගෙදරක හිටියේ. මම ඇවිත් අවුරුද්දයි. මම එක ගෙදරක රෙන්ට් එකකට ගියා, එයා එක ගෙදරකට ගියා. එයාගේ ලයිෆ් එකට මම කිසිම වෙලාවක හානියක් කරන් නෑ. මටත් එහෙම නෑ. අපේ ලයිෆ් හරි බිසීනේ. ඒ නිසා ප්‍රශ්න ඇතිකරගන්න කාලයක් නෑ. දරුවෝ ඉන්නවා කියන දෙමව්පියෝ හොඳට හිතන්න ඕනි.’ 


ආදරේ ගැන චන්න කාලෙකට කලින් කියපු කතාවක් මේ.


‘ගයත්‍රි හොයපු ආදරේ මගෙන් ලැබෙන්න නැතුව ඇති. ඒක නිසා වෙන්න ඇති එයාට මාව එපා වෙන්න ඇත්තෙ. එතකොට මම හොයපු ආදරේ ගයත්‍රිගෙන් ලැබෙන්න නැතුව ඇති. හැබැයි කාලයත් එක්කම ඔවුන් මේක තේරුම් ගත්තා. පොඩි කාලෙකට හිත් රිදීම් ආවත් දැන් ඒ දෙන්නා සතුටින් ඉන්නෙ. මගේ ලොකු දූ මට කියනවා තාත්ති හැමදාම ඔහොම ඉන්න බෑ.. තාත්ති තව කෙනෙක් බඳින්න. මගෙ අදහසක් නෑ මගෙ දුවලා දෙන්නට තව දුවලා හෝ දරුවො එකතු කරන්න මගෙ ජීවිතේ. මගෙ ජීවිතේ ඒ දෙන්නා එච්චරයි. මගෙ දුවලගෙ තාත්තා නළුවෙක් නෙවෙයිනෙ ඒගොල්ලන්ට. ඒගොල්ලො මගෙ රසිකාවියන් නෙවෙයි කොටින්ම… ‘




Previous Post Next Post