ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ගැන ශෙරිල් කියු දේ

 


මේ දිනවල ලෝක කුසලාන තරඟාවලියේ උණුසුම ලෝකය පුරාම පැතිර ගිහිල්ලනේ තියෙන්නේ. ඉතින් මේ ලෝක කුසලාන උණුසුම ශෙරිල්ටත් දැනිලා. ශෙරිල් කොහොමත් ක්‍රිකට්වලට දක්වන්නේ දැඩි කැමැත්තක්. ඔන්න එයා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ගැන මෙහෙම කතාවක් කියලා තිබුනා. මොකද දසුන්ට පසුගිය දිනවල සමාජ ජාලා තුලින් එල්ල වුණේ දැඩි චෝදනාත්මක අදහස්. මෙන්න මේ ගැන තමයි ශෙරිල් යූටියුබ් වැඩසටහනකදි කියලා තිබුනේ.


"පව් අනේ දසුන්...බනිනවා අනේ මාර විදිහට. අපේ ගෙදර මැච් එකක් බලන්න ඉඳගත්තත් අපේ තාත්තා එහෙම බනිනවා දැකලා තියෙනවා නම්.. ලකුණු ගහන්නේ නැති වෙනකොට බනිනවා.. මම එයාලට කියනවා ඔයාලා ගහන්නකො එතනට ගිහින් කියලා. පව් ඉතිං දසුන්... එයා පාඩුවේ වැඩේ කරගෙන ඉන්නවා. වැඩිය අනිත් අය වගේ දඟලන්නේ නෑ. බොරු සෝබන නැහැ.කණ්ඩායම කවුරුත් බාර ගන්නෙ නැති වෙලාවේ එයා බාරගත්තනේ. මිනිස්සු මොනවා කිවුවත් එයා එයාගේ පාඩුවේ වැඩේ කරගෙන යනවා. බැනුම් අහගෙන හරි කරගෙන යනවනේ ඉතිං මම එයාට සුබ පතනවා.




Previous Post Next Post