පියෙකුගේ සෙවන සැදූ ජැක්සන් මාමා ගැන සිනෙති එක්කළ සංවේදී සටහන

 


ඇය අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්...ඇය ජැක්සන් පවුලත් එක්ක ගොඩක් සමීප චරිතයක්... ඉතින් මේ මහා කලාකරුවාගේ වියෝව ඇයටත් දැනෙනවා ඇති...කොහොම වුණත් සිනෙති ඒ ගැන සංවේදී සටහනක් ඇගේ මුහුණු පොතේ තබා තිබුණා....

"රැයක් දවාලක් නොබලා අපි වෙනුවෙන් ආදරය දී වැරදි වෙන තැන් වල පුංචි තරවටු එක්ක අවවාද දීලා හරි මාර්ගයේ ගමන් යන්නට පාර පෙන්නුවේ ඔබයි...ජීවිතෙ ලස්සනම දවසේ පෝරුවට නගින කොට අප්පච්චී කෙනෙක් වුනේ ඔබයි...

මහ ගොඩක් දැනුම පිරුණු ඔබ සමීපයෙම වැඩෙන කොට සාහිත්‍ය කලාව සිනමාව වගෙම ජීවිතේද ඉගැන්නුවේ ඔබයි...අප්පච්චී කෙනෙක් නැති අඩුව නොදැනෙන්න අප්පච්චී සුවඳින් අපේ මුළු ජීවිතේම සුවඳවත් කලේ ඔබයි...කුණාටු පිරුණු ඍතුවලත් වසන්තයෙත් අපේ ජීවිතවල සෙත් කවිය වූයේ ඔබයි...ඔබ නැති අඩුව පිරුණු හිස්තැන හැමදාම හිස් වී පවතීවි. හදවතේ ගැඹුරුම තැන්වල මතක වී ඔබ අප සමඟම ජීවත් වේවී..."




Previous Post Next Post