සංගීත සංදර්ශනයකට සහභාගී වෙන්න ගිය සඳුන් පෙරේරාට අනතුර වෙන්න හේතු වුණේ මේකයි

 


ජනප්‍රිය ගායක සඳුන් පෙරේරා පසුගියදා රිය අනතුරකට මුහුන පෑවා.ආරංචි විදිහට නම් ඒක දරුණු අනතුරක්ලු.දෙනියාය ප්‍රදේශයේ සංගීත සංදර්ශනයකට සහභාගී වීමට යන අතරතුරයි මේ අනතුර වෙලා තිබුනේ.ඒ වෙලාවේ තිබුන වැහිබර කාලගුනයත් එක්ක වාහනය ලිස්සා ගිහින් තමයි මේ අනතුර වෙලා තිබෙන්නේ.ඉතින් මේ අනතුර සම්බන්ධව ඔහු අදහස් දක්වා තිබුනා.


"ඇත්තටම අනතුර සිදුවුනේ රෑ 12.30ට විතර.ඒ වෙලාවට ඒ පැත්තේ සාමාන්‍යයෙන් මිනිස්සු යනවා අඩුයි.හැබැයි අනතුර සිදු වෙලා විනාඩි 5ක් යන්නත් කලින් ඒ අවට හිටිය කට්ටියයි,පාරේ ගියපු තව වාහන දෙක තුනක අය ඇවිල්ලා අපට උදව් කලා. මම හිතන්නේ ඒ අයත් ශෝ එක බලන්න යන අය වෙන්න ඇති.හොස්පිටල් එකට කතා කරලා මාව ත්‍රීවිල් එකක හොස්පිටල් එකට එක්කන් ගියා.ටිකක් දරුණු අනතුරක් වුනත් වාසනාවකට පුංචි තුවාලයකින් බේරෙන්න පුලුවන් වුනා."





Previous Post Next Post