කවදාවත් කසාදය දුක් කසාදයක් කරගන්න එපා - පියුමි බොතේජු

 


ඇය අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ඉතා ප්‍රසිද්ධ කලා ශිල්පිනියක්... නම කියූ සැනින් කවුරුත් හඳුනන ඇය පියුමි බොතේජු... ලංකාවේ කාන්තාවන්ට සංස්තෘතිය පැත්තෙන් ගොඩක් සීමාවල් තියනවා කිව්වොත් හරි... කොහොම වුණත් දැන් වෙද්දී ලෝකය ඊට වඩා වෙනස් වෙලා....

කවුරු කොහොම කිව්වත් කාන්තාවකටත් ස්වාධීනව නැගී සිටින්න පුළුවන් වෙන්න ඕන... කසාදයක් කියන්නේ කාන්තාවකට දුක් විදින ඕන හේතුවක් නෙවෙයි කියලා තමයි පියුමි නම් කියන්නේ...කොහොම වුණත් පිරිමියෙක් තමගේ ගමනට සීමවක් දානවා නම්, ඒක කාන්තාවකට ඉස්සරහට යන්න බාධාවක්.. තමගේ ළඟ තියන හැකියාවලින් ප්‍රයෝජන ගන්න කාන්තාවකට පුළුවන් වෙන්න ඕන.. ඒත් කසාදය නිසා ඒවා සීමා වෙනවා නම් ඒක ගැන දෙපාරක් හිතන්නම වෙනවා....

කවුරුහරි ගැහැනියකට පිරිමියෙක් කසාදය නිසා දේවල් නවත්තන්න කියනවා නම් ඒකෙන් තමගේ ගමන නවත්තන්න එපා කියලා තමයි ඇය පුන පුන මේ කියන්නේ..ඇයත් කාලයක් ඒ වගේ දුක් වින්දාලු.. ඒත් කසාදය කියන බැඳීම නිසා නිදසහ නැතිකරගන්න එපා කියන එක තමයි පියුමි නම් මේ විදිහට කියන්නේ....ස්වාධීන කාන්තාවක්ට සමාජයෙන් එල්ලවෙන චෝදනා මොනවගේ වුණත් ඒවට නොසැලී ඉදිරියට යන්න කියලත් ඇය කියනවා.. නීරස පවුල් ජීවිතයක් ඇතුලේ දුක් කසාදයක් ගෙවනවාට වඩා දික් කසාද වෙන එක හොඳයි කියලා තමයි ඇය නම් යූටියුබ් සාකච්ඡාවකට එකතු වෙලා කියලා තිබුණේ..




Previous Post Next Post