මම කැමති නෑ චන්දනගෙ දුව වුණ පළියට නටන්න- දේවංගි වික්‍රමසිංහ




දේවංගි නමින් හඳුන්වනවට වඩා ඇයව බොහෝ දෙනා දන්නෙ නර්තනවේදී චන්දන වික්‍රමසිංහයන්ගේ ආදරණීය දියණිය විදිහට. ඇය වැඩිය කරලියට නොඑන්නෙ ‘තරු දරුවෝ‘ ලේබල් එක තදටම අලවගෙන නැති නිසා. අද නවලිය කවරය හැඩවෙන්නෙ වගේම මේ කොටස වෙන්වෙන්නෙ මේ නිහතමානී සුන්දර යුවතිය වෙනුවෙනුයි.


දේවංගි කොහොමද ඉතින්?


මේ දවස්වල හොඳින් කාලෙ ගෙවෙනවා. මාසෙකට කලින් මම ලංකාවෙන් ආවෙ. ජොබ් එකයි ඩිග්‍රි එකේ වැඩයි කරගෙන ඉන්නවා.


නිවාඩුවටද ලංකාවට ආවෙ?


ඔව්. අප්‍රේල් නිවාඩුවට ආවෙ. නමුත් එන්න සුවිශේෂී හේතු දෙකක් තිබුණා. එකක් අවුරුද්ද. මම අවුරුදු පහක් විතර ඕස්ටේ්‍රලියාවේ ඉන්නෙ. ඒ අවුරුදු පහේම මට අවුරුදු චාරිත්‍ර සමරන්න ලැබුණෙ නෑ. පවුල ගොඩක් මගහැරුණා. අනිත් කාරණේ මගෙ මල්ලිලා දෙන්නගෙ උපන්දිනේ තිබුණෙ අප්‍රේල් 17. ඉතින් අවුරුදු පහක්ම මට එයාලගෙ බර්ත් ඩේ මිස් වුණා. ඒවා සේරම මේ අවුරුද්දෙ කවර් කරගත්තා.


සයිබර් සිකියුරිටි උපාධියක් හදෑරුවෙ ඇයි?


මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ෂඔ කළා. අපේ සයන්ස් ක්ලාස් දෙකේ මම තමයි එකම ගෑනු ළමයා ෂඔ කරපු. සයිබර් තෝරගත්තෙ මේක කවුරුත් වැඩිය තෝරගන්නෙ නැති පැත්තක් නිසා. බොහෝදෙනෙක් නොකළට ක්‍හඉැර ීැජමරසඑහ කියන්නෙ ලෝකෙ ලොකු ඉල්ලුමක් තියෙන ඩිග්‍රි එකක්.


පුංචි කාලෙ මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න කියල අම්මයි තාත්තයි කියල නැද්ද?


කවදාවත් අම්මියි තාත්තියි පොඩි කාලෙ ඉඳන් ඔයා ලොකුවෙලා ඩොක්ටර් කෙනෙක්, ඉංජිනියර් කෙනෙක් වෙන්න කියල බල කළේ නෑ. එයාලා මට ඉඩදුන්නා මම කැමති විෂයන් තෝරගන්න. ඒ හැමදේකටම ඒ දෙන්නා සපෝට් කළා.


මල්ලිලා හම්බෙන්න කලින් දේවංගි අවුරුදු නවයක් තනියම හිටියෙ...


ඔව්. ඒ දෙන්නගෙයි මගෙයි වයස් පරතරය අවුරුදු නවයක්. මල්ලිලා හම්බෙන්න කලින් මම හිටියෙ තාත්තිගෙ මහ ගෙදර. තාත්තිගෙ ඩාන්සින් ගෘප් එකේ ළමයි හිටියෙත් එහේ. ඒ නිසා අවුරුදු නවයක් මම තනියම හිටියත් කවදාවත් තනිකමක් දැනිලා නෑ. මට සෙල්ලම් කරන්න ඕනතරම් අක්කලා අයියලා හිටියා. පාඩම් කළෙත් එයාලා එක්ක. කොටින්ම මට පොඩි කාලෙ කැව්වෙත් තාත්තිගෙ ඩාන්සින් ගෘප් එකේ අක්කලා අයියලා. අපේ ගෙදර අදටත් ඕනම වෙලාවක දහයක් පහළවක් ඉන්නවමයි.


වැඩියෙන්ම ඉන්න කැමති ලංකාවෙද ඕස්ටේ්‍රලියාවෙද?


ලංකාවෙ ඉන්නත් කැමතියි. ඕස්ටේ්‍රලියාවේ ඉන්නත් කැමතියි. ලංකාවෙ ඉන්න කැමති හේතු තමයි මගේ පවුල, නෑදෑයෝ සහ තාත්තිගෙ ඩාන්සින් ගෘප් එක. පවුල කියන දේ මම හරියට අගය කරන කෙනෙක්. ඕස්ටේ්‍රලියාවේ ඉන්නත් කැමතියි මොකද යාළුවෝ ඉන්න නිසා.


තව කොච්චර කාලයක් උපාධිය සම්පූර්ණ කරන්න තියෙනවද?


මම ක්‍හඉැර ීැජමරසඑහ වලින් බැච්ලර්ස් කරල ඉවරයි. තව අලුත් එකක් පටන්ගත්තා. ඒක ඉවර වෙන්න තව අවුරුද්දක් විතර තියෙනවා. 





Previous Post Next Post