මගේ පුතා දැන් පෙර පාසල් යනවා, උදේට අපේ ගෙදර පුංචි යුද්ධයක් වගේ -තාරුකා වන්නිආරච්චී



කාලයක් කලා නිර්මාණ වලින් දැක ගන්නට නොහැකි වුණු ඇය මේ වන විටනම් සතියේ දින පහේම පුංචි තිරය හරහා බලාගන්නට පුලුවන්. ප්‍රේක්ෂකයන්ගේත් කලා කරුවන්ගේත් කා අතරත් නිහතමානී තරුවක් වන ඇය සුරූපි රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චී. ඉතින් ඇයටම අනන්‍ය වූ හැඩයක් සහ සුරූපි බවක් තියෙන තාරුකා රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යය දෙකක් මේ දිනවල අපිට දැක ගන්න පුලුවන්.

හිරු නාලිකාවේ ‘අකුරට යන වෙලාවේ’ ටෙලිනාට්‍යයේ සහ දෙරණ නාලිකාවේ විකාශය වෙන ‘අපි එක රෑනේ’ ටෙලිනාට්‍යයේ. ඒවගේම ඇය නිහඩ සෙවනැලි චිත්‍රපටයේ ත් රංගනයෙන් දායක වුනා. ඉතින් මේ වන විට විවාහ වෙලා පුංචි පුතෙක් ඉන්න තාරුකා ඇගේ ගෙදර සැමියා සහ දරුවා සමගින් ගෙවන ජීවිතය ගැන මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මගේ පුතා දැන් පෙර පාසල් යනවා. එයා ගැන බලන්න ඕන. උදේට කවන්න ඕන ඉස්කෝලෙ ගිහින් දාන්න ඕන. ඒ අතරෙ සැමියගෙ වැඩත් කරන්න ඕන. උදේට ඉතින් පුංචි යුද්ධයක් වගේ අපේ ගෙදර. මට ගොඩක් වෙලාවට මගේ සහයට අම්මා ඉන්නවා. හස්බන්ඩ් එයාගේ වෘත්තීය බිස්නස් වැඩ කරනවා වගේම මගේ වෘත්තීය රංගන ක්ශේෂ්ත්‍රය ගැනත් හොදට අවබෝධයක් තියෙනවා.’’





Previous Post Next Post