අපි දෙන්නම බබෙක්ට ගොඩක් ආසයි -මාෂි සිරිවර්ධන



පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළදගත්ත ජනප්‍රියම යුවලක්. ඉතින් පුබුදු චතුරංග ගැනනම් අමුතුවෙන් හදුන්වා දෙන්නට අවශ්‍ය නෑ. ඉතින් පුබුදුගේ බිරිද මාෂි 2016 වසරේ ITN අවුරුදු කුමරිය වුණු සුරූපිනියක්. ඉතින් පුබුදු කියන්නේ සිනමාවට අමුතු හැඩයක් ගෙන දෙන රංගන ශිල්පියෙක්.පුබුදු සහ මාෂි එක්ව නිර්මාණ තුල රංගනය කරලා තියෙනවා. මාෂි පුබුදු චතුරංගට කැමති වෙන්නේ ඔහුගේ ඇති නිහතමානී ගති ගුණ වලට. ඉතින් පසුගිය දා ඔවුන් දෙදෙනා පස්වන විවාහ සංවත්සරය සමරලා තිබුණා. එන්න එන්නම සතුටින් ජීවත් වෙන පුබුදු සහ මාෂි ඔවුන්ගේ ආදරණීය කැදැල්ලෙ අත්දැකීම් මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” ඉස්කෝලේ යනකාලේ මගෙන් ගොඩක් පිරිමි ළමයි යාලුවෙන්න ඇහුවා. නමුත් මම එයාලා එක්ක යාලු වුනේ නෑ. මගේ පළමු ආදරේ තමයි පුබුදු අයියා. මම හිතනවා මගේ තෝරාගැනීම නිවැරදියි කියලා. පුබුදු අයියටනම් මට කලින් ආදර සබදතා කීපයක් තිබිලා තියෙනවා. අපි යාලු වෙලා ඉන්න කාලේ ආදරේ කලාට විවාහ වුනාම ඒ ආදරේ තව තවත් වැඩි වුණා.

පුබුදි අයියා ගෙදරදි මට උයන්න උදව් කරනවා. ගෙවල් අස් කරන්නත් හැමදේටම උදව් කරනවා. එයා අපේ තාත්ති වගේ. අපි දෙන්නා යාලුවෝ වගේ. සහයෝගයෙන් වැඩ කරනවා. මමයි පුබුදු අයියයි බබාලට ආසයි. මෙහෙම නිදහසේ සැහැල්ලුවෙන් ඉන්නවා. සුදුසු කාලෙදි ඒ දේත් ලැබෙයි. මම වයසින් මුහුකුරා ගිය කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තේ එයාට මට වඩා අත්දැකීම් තියෙන නිසා.”





Previous Post Next Post