මට හරි ආඩම්බරයි මේ වගේ අම්මෙක්ගෙ දරුවෙක් උන එකට - අංජලී




ප්‍රාසාංගික වේදිකාව තුළ ප්‍රේක්ෂකයන්ට නැතුවම බැරි ගායිකාවක් විදියට කේ. සුජීවා හදුන්වා දෙන්න පුලුවන්. ඇය ගායනා කරන ගීත අතර ‘ඉගි මරන තරු රෑන’ ගීතය ප්‍රේක්ෂක කාගේත් ආදරය සහ වින්දනය ලබා දුන් ගීතයක්. ඉතින් මේ ගීතය වගේම තවත් ගීත ගණනාවක්ම ගායනා කරන කේ. සුජීවා සහ ඇගේ ආදරණීය දියණියන් දෙදෙනා ගැන නොදන්න කෙනෙක් නැහැ. අංජලී සහ රෝස් යන දියනියන් දෙදෙනාත් සූජීවාගේ ගායන හැකියාව උපතින්ම ලබාගෙන ඒ හඩ උපයෝගී කරගනිමින් ගීත ගායනා කරන දෙදෙනෙක්. ඉතින් මේ වන විට කේ.සුජීවා සහ ඇගේ දියනියන් දෙදෙනාත් කැටුව ගීතයක් කරලා තිබ්බා.

ඒ ගීතය අපි ප්‍රසිද්ධයි කියල තමයි නම් කරලා තිබුණේ. ඉතින් පසුගියදා කේ.සුජීවා ඇතුළු පවුල ගැන සමාජ මාධ්‍යයේ වීඩියෝවක් හුවමාරු වුණා. මේ ගැන විවිධ විවේචනයන් කේ.සුජීවගේ පවුලට අහන්නට සිදු වුණා. ඉතින් කොහොම වුණත් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී සුජීවගේ ලොකු දුව අංජලී අම්මා ගැන කියලා තිබුණේ මේ විදියටයි.

” මගේ අම්මා ගැන මම මාර විදියට ආඩම්බර වෙනවා. අම්මා නිසා තමයි මම මෙහෙම මොරාල් එකේ ඉන්නේ අම්මගෙන් ලැබුණු හයිය නිසා. මම ඇත්තටම සතුටු වෙනවා මගෙ වගේ අම්මෙක්ගෙ දුවක් වුණ එකට.”





Previous Post Next Post