මම වයිෆ්ගෙ කැමතිම නැති දේ තමයි කන කනවට - දුලාජ් ජයතිලක

 



මේ දවස් වල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි පුර කතා බහ කරන මාතෘකාවක් තමයි වස්ති. ඉතින් වස්ති කියන්නේ යූ ටියුබ් එක ඔවුන් සතු කරගත් ප්‍රේක්ෂකයා සතුටු කරවන දෙන්නෙක්. මේ විදියට තමන්ගේ යූ ටියුබ් නාලිකාවට හරි වෙනස්ම නමක් වන වස්ති විදියට නම දා ගත්ත ඒ දෙන්නා තමයි අනුෂ්ක උදාන සහ දුලාජ් කියන්නේ.

ඉතින් මේ දවස් වල වස්තිලා ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නට යොමු වෙලා තියෙන්නේ අනුෂ්ක අලුතින් ගත්ත ගේත් එක්ක. ඒක කෝටි ගානක් වටින නිවසක්. ඉතින් හම්බ කරන මුදල් ටිකෙන් ටික ඉතිරි කරලා තමයි අනුෂ්ක මේ නිවස මිලදීගෙන තියෙන්නේ.

ප්‍රේක්ෂකයන් රසවින්දනයට පත් කරවමින් ප්‍රසංග තුළ වගේම යූ ටියුබ් තුළ කැපී පෙනෙන චරිතයන් දෙදෙනෙක් තමයි වස්තිලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔවුන්ගේ අලුත් බිස්නස් එක ගැනත් මේ වන විට හැමෝම කතා වෙනවා. ඒ ඔවුන්ගේ නමින් කරගෙන යන රෙස්ටුරන්ට් එක. අනුෂ්ක උදාන විවාහ වෙලා නෑ නමුත් දුලාජ් මේ වන විට විවාහ ජීවිතයක් ගත කරනවා. ඉතින් අනුෂ්ක දුලාජ් කියනවට වඩා වස්ති විදියට ජනප්‍රිය වෙලා ඉන්න ඔවුන් දෙදෙනා සහභාගි වුණු එක්තරා රූපවාහිනි වැඩ සටහනකදී දුලාජ් බිරිද ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මට කෙල්ලන්ගෙ පෙන්නන්න බැරි දෙයක් තමයි කන කන එකට. මම කැමතිම නෑ කන කනවට. මම අලුතින් ගෙදරක් හදන ගමන් ඉන්නේ. ඒ ගෙදරට යනකොටවත් කන කන්නැතුව හිටියොත් හොදයි.”

මේ විදියටයි වස්තිලාගේ දුලාජ් ඔහුගේ බිරිද ගැන කියලා තිබුණේ.





Previous Post Next Post