අභිශේක් අයිශ් දික්කසාද වෙලා?



අයිශ්වර්යා රායි සහ අභිශේක් බච්චන් කියන්නේ බොලිවුඩ් සිනමාවේ නිතර කතා බහට ලක්වන ආදරණීය අඹු-සැමි යුවළක්. ඔවුන් දෙදෙනා පසුගිය දිනවලත්  බොහෝ දෙනාගේ අවධානයට ලක් වී සිටියා. ඒ අයිශ්වර්යා රායි සිය උපන්දින සැමරුමේදී පවුලේ අයත් සමඟ ලබා ගත් ඡායාරූපයේ අභිශේක් බච්චන් නොසිටීම නිසයි. ඒත් සමඟම ඔවුන් දික්කසාද වීමට සූදානමක් ඇති බවටද ඔවුන්ගේ ඇතැම් රසිකයන් පවසා තිබුණා. නමුත් මේ දෙදෙනාගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ලබාගත් ඡායාරූපයක් පසුගිය විසිවැනිදා අභිශේක් බච්චන් සමාජ මාධ්‍යට මුදාහැරීමත් සමඟ මේ කතාබහ තවත් වැඩි වුණා. ඉන්දියාවේ සමාජ මාධ්‍ය පවා කැලඹීමට ලක් කළ ඒ සිදුවීම ගැන මෙවර හදගැස්මෙන් අප කතා කරන්නට සිතුවා. අයිශ්වර්යා රායිගේ සහ අභිශේක් බච්චන්ගේ විවාහ ජීවිතය


අභිශේක් බච්චන් කියන්නේ බොලිවුඩ් කලාවට සම්බන්ධ බොහොම වැදගත් පවුලක වැදගත් තරුණයෙක්. ඒ නිසාම ඔහු අයිශ්වර්යා  රායි පිළිබඳව බොහෝ ආඩම්බර වන ස්වාමියෙක්. ඒ වගේම ප්‍රසිද්ධියේ තම බිරිය වන අයිශ්වර්යා රායි ඔහු අගය කරනවා. ලෝක ප්‍රකට රූ රැජිනක් වූ අයිශ්වර්යා රායි වැනි තරුණියක් සමඟ විවාහ වෙන්න ලැබීම තමන් ලද භාග්‍යයක් ලෙස අභිශේක් බච්චන් පවසන වීඩියෝවක්  පසුගිය කාලයේ සමාජ මාධ්‍ය පුරා පැතිර ගියා. ඒ නිසාම අභිශේක් බච්චන් කෙරෙහි රසිකන් තුළ තිබූ ආදරය ගෞරවය තවත් ඉහළ ගියා. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අභිශේක් බච්චන් සහ අයිශ්වර්යා රායි මේ වන විට සිය විවාහ දිවියේ දාහත් වැනි සංවත්සරය සමරමින් සිටිනවා.


අභිශේක් බච්චන් සහ අයිශ්වර්යා රායි දික්කසාද වෙන්න සූදානමක්


අයිශ්වර්යා රායි අභිශේක්  බච්චන් දික්කසාද වීමට සූදානමක් ඇති බවට මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනා මත පළකර තිබුණා. ඒ අභිශේක් බච්චන්ගේ පවුලෙන් පැමිණි විරෝධයක් නිසා අයිශ්වර්යා රායි තම දියණිය වන ආරධ්‍යා සමඟ අභිශේක් බච්චන්ගෙන් වෙන්ව ජීවත්වීම නිසයි. මේ මතය තව දුරටත් සනාථ වූයේ  පසුගිය නොවැම්බර් මාසයට යෙදී තිබුණු අයිශ්වර්යා රායිගේ පනස් වැනි ජන්ම දිනයේදී ඇගේ මව, පියා සහ දියණිය වන ආරධ්‍යා පමණක් සහභාගි වූ ඡායාරූපයක් සමාජ මාධ්‍යයන්ගේ පළකර තිබීම නිසයි.


ඇත්තටම ඔවුන් දික්කසාද වේවිද?


බොහෝ දෙනා අභිශේක් බච්චන් සහ අයිශ්වර්යා රායි වෙන්ව ජීවත්වන බව පැවැසුවත්, පසුගිය විසි වැනිදාට යෙදී තිබුණු සිය දාහත්වැනි විවාහ සංවත්සරය දා අයිශ්වර්යා රායි, අභිශේක් බච්චන් සහ ආරධ්‍යා සමඟ එක්ව ගත් ඡායාරූපයක් අභිශේක් බච්චන් සමාජ මාධ්‍ය තුළින් මුදාහැර තිබුණා. ඒත් සමඟම ඔවුන්ගේ දික්කසාදය පිළිබඳව සොයමින් සිටි රසිකයන් එය බොරුවක් බවට තේරුම් ගත්තා. කෙසේ නමුත් මේ ඡායාරූපය බොලිවුඩ් රසිකයන් තුළ ආන්‍ෙදා්ලනයක් ඇති කළ ඡායාරූපයක් වුණා. අයිශ්වර්යාගේ උරහිස ආරධ්‍යා තම මුහුණ තබාගෙන සිටින අතර ඒ දෙස බලා සිනාසෙන අභිශේක් බච්චන්ගේ සෙල්ෆියක් මෙලෙස බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. මෙම ඡායාරූපයේ විශේෂත්වය වුණේ අභිශේක්ගේ


මූණේ ලොකු සිනාවක් තිබීමයි. ඒ නිසාම මේ දිනවල බොලිවුඩ් කතා අතර ඉහළින්ම තිබෙන්නේ මේ අභිශේක් බච්චන් සහ අයිශ්වර්යා රායිගේ දික්කසාදය බොරුවක්ය යන පුවතයි. අභිශේක් සහ අයිශ්වර්යා සමාජ මාධ්‍යවලට එක් කර තිබුණු ඒ ඡායාරූපයට රසිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර තවමත් ලැබෙන බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර ඔවුන්ට “සුබ විවාහ සංවත්සරයක්” යැයි සිය රසිකයන්ගෙන් ගලා එන ප්‍රතිචාරවලින් නම්  අඩුවක් නැති බව එහි වැඩිදුරටත් දක්වා තිබුණා.


කොහොම නමුත් අයිශ්වර්යා රායි සහ අභිශේක් බච්චන් කියන්නේ බොහෝ රසිකයන්ගේ ආදරය ලබන බොලිවුඩ් සිනමාවේ නොමැකෙන, ජනප්‍රිය තරු දෙකක්. ඉතින් මේ ලස්සන පවුලේ ඉදිරි අනාගතයට සුබ පැතුම් එක් කරන වගේම අභිශේක් බච්චන්ගේ සහ අයිශ්වර්යා රායිගේ විවාහ දිවියට මෙලෙස  සුබ පැතුම් එක් කරන්නට හදගැස්ම අපිත් අමතක කළේ නැහැ.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post