වෙන් වෙන්න හේතු අපිට නැහැ - ප්‍රිහාන් මදප්පුලි



 යායට පායනා ගීතය හරහා බොහෝ දෙනෙක්ගේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තු ආදරණීය ගායකයෙක් තමයි ප්‍රිහාන් මදප්පුලි කියන්නේ. මීට අවුරුදු දහතුනකට කලින් ඔහු විසින් ගායනා කරපු ඔය ගීතය නිසා ජනප්‍රිය දක්ෂ ගායක බවට පත් වෙච්චි ඔහු අද වන විට ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පිනියක් වන නතාෂා පෙරේරා සමග ඉතාමත් සුන්දර විවාහ ජීවිතයක් ගත කරනවා.නතාෂා සහ ප්‍රිහාන් කියන්නේ සැමියා සහ බිරිඳ වුණාට නිතර එකට දකින්න ලැබෙන්නේ නැති දෙන්නෙක්.ඒ නිසාම ගොඩක් අය කියන්න පටන් ගත්තා නතාෂයි ප්‍රිහානුයි මේ වෙද්දි මේ කසාද ජීවිතෙන් වෙන්වෙලා ජීවත් වෙනවා කියන දේ. ඉතින් මේ වෙද්දි ඔවුන්ගේ දික්කසාදය පිළිබඳ ලොකුවට ගොඩක් දෙනෙක් අතර කතා බහ කෙරුණා.

ඇත්තටම ඒ සම්බන්ධයෙන් නතාෂා පසුගිය දවස් වල අදහස් පවා එකතු කරලා තිබ්බා. කෙසේ නමුත් ගොඩක් අය මේ විදිහට කටකතා හදන්න පටන් ගන්නෙත් මේ දෙන්නා එකට දකින්න ලැබෙන්නේ නැති නිසයි.ඇත්තටම ඒකට හේතුව ප්‍රිහාන් කිව්වොත් නිවැරදියි. ඇයි දෙන්නම එකට දකින්න නැද්ද කියලා අහපු අවස්ථාවකදී ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“අපි දෙන්නම එකට සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙන්නේ නැහැ.විශේෂෙන් මම ෆොටෝස් වත් මගේ ෆේස්බුක් දාන්නේ නැහැ.ඒකත් එක හේතුවක් ඩිවෝස් කතාව පැතිරෙන්න.පාටි එකට ගියත් මම ඒ මොහොත එන්ජෝයි කරනවා මිසක් පොටෝස් ගන්නේ නෑ ඒ මගේ හැටි.මගේ ෆෝන් එකේ එක ෆොටෝ එකක් හොයාගන්න බෑ මගේ නතාෂාගේයි.නතාෂා බල කරලා ෆොටෝ ගත්තොත් මිසක්.”

ඉතින් ඔහු වැඩිය පේන්න ඉන්න ප්‍රසිද්ධ වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි.ඒ නිසා තමයි එකට ඡායාරූපයක් වත් සමාජ මාධ්‍ය ගිනුමට එකතු කරන්නේ නැත්තේ. ඇත්තටම ඒක නොදන්නා ඒ තමයි ගොඩක් වෙලාවට මේ දෙන්නා පිළිබඳව නොයෙකුත් ආකාරයේ අභූත චෝදනා එල්ල කළේ.නමුත් ප්‍රිහාන් ඔවුන්ගේ ජීවිතය ගැන කිව්වේ මේ වගේ දෙයක්.

“වෙන් වෙන්න හේතු අපිට නැහැ දෙන්න එකට දැක්කෙ නෑ කියලා ඩිවෝස් කියන එක කොහොමද කවුරුත් කියන්නේ.එදා වගේම අපි හොඳින් ජීවත් වෙනවා.පවුල් දෙකක දෙන්නෙක් එක පවුලක් හදාගත්තේ ඝට්ටන නොගැලපෙන ඇතුව නෙවෙයි අදටත් දෙන්නටම දිනුම ඕනේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කැමති නෑ නැමෙන්න. නමුත් දෙන්නගෙම හිත් වෙනස් ආදරණීයයි අපි අපිට ආදරෙයි වෙන් වෙන්න හේතු තිබුනොත් මේ සංසාරික බැඳීම මේ විදිහටම තියෙයි’

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔහු කලකට පසුව පුවත්පතක් සමඟ එකතුවෙලා ආදරණීය බිරිඳ නතාෂා සමග ගත කරන ජීවිතය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.





Previous Post Next Post