ආර්ජන්ටිනාව තුළ ගබ්සාව නීතිගත කිරීමේ යෝජනාව පසුගිය දෙසැම්බර් 30 වැනිදා සම්මත කර ඇත .
ඒත් සමගම මෙවැනි තීරණයක් ගත් පළමු විශාලම ලතින් අමෙරිකානු රාජ්‍ය බවට ද ආර්ජන්ටිනාව පත්ව තිබේ.
ආර්ජන්ටිනාවේ බිම් මට්ටමේ ස්ත්‍රීවාදී අරගලයක ප්‍රතිපලයක් ලෙස ගබ්සාව මෙලෙස එරට තුළ නීතිගත කෙරී ඇත. මෙය නීතිගත කිරීමේ ප්‍රීතිය සැමරීම සඳහා ආර්ජන්ටිනාවේ වීදි කොළ වර්ණයෙන් වැසී ගිය අයුරු ද දක්නට ලැබිණි. මෙය සැමරීම සඳහා කොළ වර්ණය යොදාගැනීමට හේතුවූයේ ගබ්සාව නීතිගත කර ගැනීම සඳහා ගෙනගිය අරගලයේ වර්ණය ලෙස“කොළ පැහැය” ඔවුන් භාවිත කිරීමයි. මෙම පුවත දැනගැනීමත් සමඟ ආර්ජන්ටිනාවේ කාන්තාවන් ඉතා සතුටින් මෙම ජයග්‍රාහී මොහොත සැමරූ බවද විදෙස් ආරංචි හෙළි කරයි.
කෙසේවෙතත් මෙම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අරගලය පසුගිය වසර කිහිපය තුළම ලතින් අමෙරිකාව පුරා ක්‍රියාත්මක විය. අනතුරුව අයිතිවාසිකම් සඳහා වූ පුළුල් ජාතික ව්‍යාපාරයක් දක්වා වර්ධනය වූ මෙම ව්‍යාපාරය තුළින් ගබ්සාව නීතිගත කිරීම එහි මූලික දේශපාලන ඉලක්කය බවට පත්කරගනිමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම් සකසා ඇත.
මෙසේ එම රට තුළ ගබ්සාව නීතිගත කිරීම සඳහා ලිබරල්වාදී නායකයෙකු වන ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස්ගේ සහයද හිමිවීම විශේෂත්වයකි. ඔහු ගබ්සා කිරීමේ අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් උද්ඝෝෂණ කර තිබේ. එමෙන්ම ඔහු වෛද්‍ය භාවිතය සඳහා ගංජා වගා කිරීමද නීතිගත කරන ලදි .
මීට පෙර කියුබාව, බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ගයනා ආදී ප්‍රදේශ තුළද මෙම ගබ්සාව නීතිගත කර ඇත.