විවිධ චරිතවලින් ප්‍රේක්ෂක සිත් වසඟ කරගත් අඩෙසුවා එටෝමි වෙලින්ටන්

gossiplanka image 2
1920 වැනි බොහෝ ඈත කලකට විහිදෙන නයිජීරියානු චිත්‍රපට නිෂ්පාදනය තුළ විවිධ කාලසීමාවලදී බොහෝ නවක නළු නිළියන් ප්‍රේක්ෂක ආකර්ශනය ලැබ ගත්හ. ඒසා විශාල කාලපරාසයක් ගෙවමින් අද වනවිට ක්ෂේත්‍රයේ රැඳී සිටින දක්ෂ රංගන ශිල්පිනියකි‍. ඇය අඩෙසුවා එටෝමි වෙලින්ටන්. ඇය වර්ෂ 2014 අප්‍රේල් මස 14 වැනි දින චිත්‍රපට ජීවිතයට පිවිසියාය. ඒ “නොකින් ඔන් හෙවන්ස් ඩෝර්” චිත්‍රපටයෙනි. එතැන් සිට ඇය චිත්‍රපට කිහිපයකම රඟපා ඇති අතර සම්මාන රාශියක්ද ද ලබා ඇත. අඩෙසුවා සම්මාන රැසකට නම් කර ඇති අතර නොලිවුඩ් රින්වෙටඩ් සම්මානය, සිටි පීපල් එන්ටර්ටේන්මන්ට් සම්මානය, එලෝයි සම්මානය සහ අප්‍රිකා මැජික් නරඹන්නන්ගේ තේරීම් සම්මානය ඇතුළුව බොහොමයක් දිනා ඇත. ඇයගේ වටිනාකම ඩොලර් මිලියන 1 ක් පමණ යැයි ගණන් බලා ඇත.


ඇයට අවශ්‍ය රංගන කුසලතා ඈ සතු බව විචාරකයින්ට එටෝමි ඔප්පු කළේ Brave හි Layo ලෙස සහ Gidi Up Season2 හි Sharon ලෙස අතිවිශිෂ්ට රංගනයක නියැළෙමිනි.


ඇය විවිධ වූ චරිත වලින් ප්‍රේක්ෂක සිත් වසඟ කරගත් ශිල්පිනියකි. 2015 අගෝස්තු මාසයේදී, ඇය MTV හි HIV/AIDS අධ්‍යාපනික විනෝදාස්වාද මාලාවක් වන Shuga 4හි ෂීලා ලෙස රංගනයට එක්වූවාය. 2015 ඔක්තෝම්බර් මාසයේදී, ඇය 2016 පෙබරවාරි මාසයේ තිරගත වූ Special Crimes Unit: Las Gidi Cops නම් අපරාධ සහ විමර්ශන නාට්‍ය මාලාවකට රංගනයෙන් එක්වූවාය. ඇය චිත්තවේගීය වශයෙන් ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කරන දක්ෂ නිළියකි.


ගිනිකොනදිග නයිජීරියාවේ ඉමෝ හි ඔවරිහි දී


1988 පෙබරවාරි මස 22 වැනිදා උපත ලද එටෝමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූවාය. ඕ ඉතා ඉක්මනින්ම රංගනය තුළින් තමාව ලෝකයා හමුවට ගෙන ගියාය. ඇය වයස අවුරුදු 7 දී පාසල් නාට්‍ය සමාජයකට සම්බන්ධ වූවාය. පසුව ඇය The City College වෙතින් භෞතික නාට්‍ය, සංගීත නාට්‍ය සහ රංගන කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තාය. ඒ එංගලන්තයේ කො⁣වෙන්ට්‍රි හිදීය. පසුව ඇය වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය හා රංගනය පිළිබඳ උපාධියක්ද ලබා ගත්තාය.


වේදිකාවේ මුල් රංගන ආභාසය ලබා ගනිමින් එටෝමි කලින් කලට වේදිකාව හා සිනමා ලෝකයන් ඉතා විශිෂ්ට ලෙස තරණය කළාය. ඇය වේදිකාවට පිවිසියේ 2004 දී The Crucible සමඟිනි. 2008 සහ 2009 දී ඇය වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ උපාධියක් හදාරමින් සිටියදී අරීනා රඟහල සඳහා නාට්‍ය තුනක රඟපෑවාය. 2009 දී ඇගේ අධ්‍යයන කටයුතු අවසන් වූ පසු, ඇඩෙසුවා එටෝමි පළමු පන්තියේ ගෞරව උපාධියක් සහ හොඳම රංගනය සඳහා ෆෝර්සයිට් රඟහල සම්මානයක් ලබා ගත්තාය.


සිනමාවේ සහ වේදිකාවේ සෑම නව රංගනයක් සමඟම, එටෝමි ක්ෂේත්‍රයේ නරඹන්නන් සහ විචාරකයින්ගේ සිත් දිනා ගන්නට සමත්වූවාය. 2015 නොවැම්බර් මාසයේදී ප්‍රමුඛ මාධ්‍යවේදිනියක්, චිත්‍රපට විචාරක, උත්සව රසිකයෙක් සහ චිත්‍රපට සම්මාන ජූරි සභික – Shuaib Husseni ඇයව “The New Princess Of The Silver Screen” ලෙස නම් කළාය. ‘The Arbitration’, ‘The Wedding Party’ I & II, ‘Falling’, ‘Date Night’ සහ ‘Up North’ යන චිත්‍රපට සඳහා ඇය ලැබූ සම්මාන ඇගේ රංගන ජීවිතයේ ජයග්‍රහණයන් සංකේතවත් කරයි.


2016 වසර එටෝමිගේ ජීවිතයේ තවත් සුවිශේෂී කාලවකවානුවක් විය. ඒ ඇය රඟපෑ ” Couple Of Day” චිත්‍රපටය සඳහා එක් දිනක් ඇතුළත නයිජීරියාවේ සිනමාශාලාවල වැඩිම ප්‍රවේශපත්‍ර අලෙවි වූ චිත්‍රපටය ලෙස බොක්ස් ඔෆිස් වාර්තා තැබීමයි. ඒ සමඟම 2015 ආදර නාට්‍ය චිත්‍රපටයක් වන Falling හි ඇයගේ චරිතය වෙනුවෙන් 2016 Africa Magic Viewers Choice Awards හි නාට්‍යයක හොඳම නිළිය සඳහා වන සම්මානය ඈ දිනා ගත්තාය.


2016 ජූනි මාසයේදී රූපවාහිනියෙන් ආරම්භ වූ Yemisi Wada හි අපරාධ මාලාවක් වන LasGidi Cops හි රහසිගත පොලිස් නිලධාරිනියක් වන Amaka Obiora ගේ භූමිකාවට Etomi දායක වූවාය.ඇය Vogue හි ගෝලීය සුපිරි තරු 14 දෙනාගේ ලැයිස්තුවට ද ඇතුළත් විණි. ඇය දක්ෂ නිළියක් පමණක් නොව විශිෂ්ට ගායිකාවක් ද වන්නීය. 2022 පෙබරවාරි මාසයේදී ඇය ඇගේ පළමු ගීතය වන ‘So Natural’ නිකුත් කළාය. 2023 ඔක්තෝම්බර් මාසයේදී, ඇය ජෙමීමා ඔසුන්ඩේ සමඟ ආරම්භ කරන ලද ඇගේ රූපලාවණ්‍ය සන්නාමය වන සනා බියුටි දියත් කළාය.


ඇය තම අධිෂ්ඨානය පසුපස හඹා යන ධෛර්යවන්ත කාන්තාවකි. තම උපාධිය අවසන් කිරීමෙන් පසු ඇය නයිජීරියාවේ ඇගේ රංගන ජීවිතය පවත්වාගෙන යාම සඳහා එක්සත් රාජධානියේ විශාල සුපිරි වෙළෙඳසලක විලාසිතා අංශයේ සේවය කළාය.


ගායනය, නැටුම්, ගිටාරය වාදනය කිරීම සහ පිහිනීම එටෝමිගේ විනෝදාංශයි.

gossiplanka image 1
Previous Post Next Post