
සූර්යා... කොහොමද ජීවිතේ?
මම හොඳින් සතුටින් ඉන්නවා. දුකක් ආවත් සතුටින් ඉන්න උත්සාහ කරනවා. කලා කටයුතු, පෞද්ගලික වැඩ කටයුතු කරගෙන ප්‍රේක්ෂක ආදරයත් එක්ක ලස්සනට ජීවිතය ගත කරනවා.
ඔබ විවාහ වුණා කියලා ආරංචියක් පැතිරුණා. ඒ ගැන කතා කරමු?
ඇත්තටම විවාහ වුණා නෙවෙයි. Photo shoot එකක් තමයි කළේ. අනුරාධා එදිරිසිංහ කියන්නේ මගේ හොඳම, ළඟම යාළුවෙක්. අපිට ජූඩ් හේමන්ත ආරාධනා කළා මෙහෙම wedding shoot එකක් කරමු කියලා. ඉතින් අපි දෙන්නා කතා වෙලා ආරාධනාව පිළිගෙන වැඩේ කළා. ඒ photo shoot එක හිතුවටත් වැඩිය viral වුණා.
ඇත්තටම විවාහ වෙන්න අනුරාධා සහ මම අතරේ සම්බන්ධයක් නැහැ. තියෙන්නේ හොඳම යාළුවෝ දෙන්නෙකුගේ සම්බන්ධයක් විතරයි. දුකේදි, සැපේදි හැමදේම කතා කරන්න පුළුවන් යාළුවෝ හරි අල්පයිනෙ. අපිට විශ්වාසවන්තව ඉන්නේ අපේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක්. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් තමයි අනුරාධා කියන්නෙ. අපි ලස්සන photo shoot එකක් කළා. විවාහ වුණේ නැහැ. ඒක photo shoot එකක් විතරයි.
Photo shoot එකට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?
ඇත්තටම අපිට හිතාගන්නත් බැරි තරමට ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ලැබුණා. නෑදෑයන්ගෙන් ගෙදර කට්ටියගෙන් දුරකථන ඇමතුම් පවා ලැබුණා. ඇත්තටම හිතාගන්න බැරි වුණා. Photo shoot එක මුදාහැරපු දවසේ සහ ඊට පහුවදා “ඔයා විවාහ වුණාද? ඇයි අපිට කිව්වේ නැත්තේ?” කියලා දුරකථන ඇමතුම් තුන්සීයක් හාරසීයක් වගේ ආවා. ඉතින් මම පිළිතුරු දුන්නා මේක photo shoot එකක් විතරයි, අපි විවාහ වුණේ නෑ කියලා. ඊට පස්සේ මම සහ අනුරාධා දෙන්නම facebook එකේ post එකක් දැම්මා අපි දෙන්නා විවාහ වුණේ නැහැ, මේක photo shoot එකක් විතරයි කියලා.
මේ Photo shoot එකේ අරමුණ ගැන කතා කළොත්?
ඇත්තටම මේකේ එහෙම ලොකු අරමුණක් නැහැ. “සැලෝන් ජූඩ්” සැලෝන් එකේ බෝඩ්වලට සහ සමාජ මාධ්‍ය පිටුවලට දාගන්න කරපු photo shoot එකක්. ඒ වගේම 88wedding studio facebook page එකෙන් එයාලට මේක කරගන්න ඕනෑකම තිබුණා.
සාමාන්‍යයෙන් නළුවෙක් තවත් නිළියක් එක්ක ටෙලිනාට්‍යයක රංගනයෙන් දායක වුණොත් ඒ දෙදෙනා යුවලක් කරලා විවාහ වෙන තැනටම ඉතින් කටකතාවලින් දේවල් එකතු කරනවනෙ, මේ දෙන්නගේ අතරේ මොනවා හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන් වගේ දේවල්. ඒවාත් ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල තියෙන්න ඇති. සාමාන්‍යයෙන් මම දැන් ටෙලිනාට්‍ය පනහකට වඩා රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක්ම මේ වගේ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
මේ සඳහා සූදානම් වුණු විදිහ ගැනත් කතා කරමු?
මේ photo shoot එක අපිට ලැබුණට පස්සේ මමයි අනුරාධායි කතා වුණා, අපි මේක ලස්සනට කරමු කියලා. මේක වෙනම feeling එකකට කරමු කියලා. මේක ඇත්තම එකක් විදිහට, සැබෑ මනෝභාවයන් සහ හැඟීම් පෙනෙන විදිහට වැඩේ ලස්සනටම කරමු කියලා. ඒ වගේම අපි මේ photo shoot එක කරන අතරේ සංගීත ඛණ්ඩ වාදනය කළා. Photo shoot එක කරන්න කලින් දවසේ අපි කැමති සින්දු තේරුවා. මේ අවස්ථාවට මේ වගේ හැඟීමක් ගමු, ස්වභාවික සතුට, සිනහව පවත්වාගන්නේ කොහොමද? කෘත්‍රිම බවක් නැතුව හැඟීම්, සිනහව, සැහැල්ලුව පවත්වාගන්නේ කොහොමද? වගේ දේවල්වලට අපි අවධානය දුන්නා. ලස්සන සින්දු තෝරලා ඒ සින්දුවල හැඟීමත් එක්ක අපි චරිතයක් කරන්නේ කොහොමද? ඒ වගේම අපි මෙතැනත් සැබෑවක් වගේම රඟපෑවා. අපි කොහොමත් රඟපානකොට චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවනෙ. ඒ වගේම තමයි මේ photo shoot එකටත් wedding shoot එකකදි කරන්න පුළුවන් උපරිම සාධාරණය අපි ඉටුකළා කියලා හිතනවා.
මේ සූර්යාගේ පළවෙනි wedding shoot එකද?
ඇත්තටම මේ මගේ පළවෙනි wedding shoot එක නෙවෙයි. මම අවුරුදු හතරකට විතර කලින් photo shoot කිහිපයක් කළා. ඩිස්නි රාජපක්ෂ ඇතුළු සහෝදර ශිල්පිනියන් කිහිප දෙනෙක් සමඟ photo shoot කළා.
ඇත්තටම අපිට ඔයාගේ විවාහය දැකගන්න හැකි වෙන්නේ කවදාද?
ඒක ඇත්තටම මම දන්නෙත් නැහැ. මම විවාහ වෙන දවස මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට අනිවාර්යෙන්ම කියනවා. විවාහය සිද්ධවෙන දවස කියන්න කලින් විවාහ වෙන්න ගෑනු ළමයෙක් ඕනෑ. බලමු ඉතින් ඉස්සරහට. හොඳ කෙනෙක් හම්බවෙයි. ඊට පස්සේ ඉතින් විවාහ වෙනවා.
සූර්යා විවාහ වෙන්න තෝරාගන්නෙ මොන වගේ සහකාරියක්ද?
ඇත්තටම මට එහෙම කියන්න අමාරුයි. මොකද පෙනුම, හමේ පාට, පවුල් පසුබිම, සමාජ දැනුම, බුද්ධිය, තේරුම් ගැනීම වගේ දේවල් රාශියක් තියෙනවනෙ. ඒ වගේ දේවල් ගැන කලින් තීරණය කරන්න බැහැ. ඒ නිසා මම හිතුවේ මම විවාහ වෙන කෙනා, මගේ සහකාරිය මගේ ඇස් දෙකට දකින්න ඕනෑ, මගේ හදවතට දැනෙන්න ඕනෑ, මම ආශ්‍රය කරන්න ඕනෑ. මොකද කෙනෙක්ව නොදැක අපිට තීරණය කරන්න බැහැ මෙයා මේ විදිහ කියලා. ඉතින් ලස්සන, පෙනුම, බාහිර ස්වරූපයෙන් තීරණය කරන අමාරුයි මගේ සහකාරිය. කොහොම වුණත් මම හිතනවා මගේ ආත්මීය සහකාරිය මට හිමිවේවි කියලා. අපිට කෙටි කාලයයි තියෙන්නේ ජීවත් වෙන්න. අවුරුදු තිහක් ජීවත් වුණානම්, තව අවුරුදු තිහක් ජීවත් වෙන්න තියෙනවානම්, අපේ ජීවිතයේ බාගෙට බාගයක්ම ඒ සහකාරියත් එක්ක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ. ඉතින් මම හිතනවා ලස්සන හදවතක් තියෙන කෙනෙක් ලැබෙයි කියලා.
• මංගලා පවිත්‍රානි
