
ඔයාලා දන්නවා මේ කියන්නෙ පියුමාලි එදිරිසිංහ ගැනයි කියලා. Sri Lanka Latest News
මේ දවස්වල පියුමාලි ගොඩක් බිසී කියලා ආරංචියි?
ඔව්, ගොඩක් බිසී තමයි. ආලවන්ති, පාට කුරුල්ලෝ ෂූටිං අතරට ෆිල්ම් එකක ෂූටිනුත් වැටුණා. ඒ හින්දා නිවාඩුවක් තිබුණෙම නැහැ.
ෆිල්ම්වලටත් ඔයාට ආරාධනා එනවද?
මේ මගේ දෙවැනි ෆිල්ම් එක. මුලින්ම රඟපෑවේ ‘මීරා’ කියලා ෆිල්ම් එකක. ඒක තව මාස දෙකකින් විතර තිරගත වේවි. මේ දවස්වල ෂූටිං තියෙන්නේ මොහාන් නියාස්ගේ ‘වර්ෂා’ ෆිල්ම් එකේ.
බලාගෙන යනකොට ඔයා හරි ලකී?
මටත් හිතෙනවා මම හරි ලකී කියලා.
නිළියක් වෙන්න හීන දැක්කේ කොයි කාලෙ ඉඳන්ද?
නිළියක් වෙන්න ඕනෙ කියලා හීනයක් මගේ ජීවිතේ තිබුණෙ නැහැ. ඒක අහම්බයක්.
ජාතික රූපවාහිනියේ රූ රැජින තරගෙට ඔබ ආවේ නිළි වරම් ගන්න නෙවෙයිද?
එහෙම හීනයක් එතැන තිබුණෙ නැහැ. පළමු තැන ගන්න හැඟීමක්වත් හිතේ තිබුණේ නැහැ. ඒ වාගේ තරගයකට ගිහින් ටීම් වර්ක් එකක් විදියට වැඩ කරන්න ලොකු ආශාවක් තිබුණා. ඒ නිසයි තරගෙට ඉදිරිපත් වුණේ. අනෙක එතකොට මම ඉගෙනගන්නවා. මගේ වයස අවුරුදු දහඅටයි. ටෙලිවල රඟපාන්න ආරාධනා ඒ කාලේ ආවත් මම ඉගෙනගන්න ඕනේ නිසා ඒවා භාරගත්තේ නැහැ.
රඟපාන්න හිතක් ආවේ කොහොමද එතකොට?
අනේ මන්දා. ඒකට හරියටම හේතු කියන්නත් බැහැ. කොහොම හරි මං ටෙලි රංගනයට ආවා.
පාට කුරුල්ලෝ එකේ මේන් ඇක්ටර් සජිත ඇන්තනී නිසාද තිර පිටපත භාරගත්තේ?
සජිත අයියා එක්ක පළමු ටෙලිය රඟපාන්න ලැබුණු එක සතුටක්. ඒත් රංගනයට ආව හේතුව ඒක නෙවෙයි. ටෙලි නාට්‍යවලට එන්න කලින් මම ටීවී කොමර්ෂල්වල හිටියා. එහෙම දැකලා තමයි පාට කුරුල්ලෝ ප්‍රඩියුසර් චාමර සමරවික්‍රම නිම්නාවිගේ චරිතයට මට කතා කළේ. මුලින්ම මම බැහැමයි කිව්වා. ඉන් පස්සේ කිහිප වතාවක්ම කතා කළා. අනෙක නාට්‍යය ඩිරෙක්ට් කරන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියලා දැනගත්තාම හිතට ආශාවක් ආවා ටෙලිය භාරගන්න. මොකද මම ‘නාඩගම්කාරයෝ’ බැලුවේ ගොඩක් ආශාවකිනුයි. ඒ වගේම මං කලාවට ආදරෙයි. ඉතින් ඔය කියන හැම කාරණයක් එක්කම නිළියක් වෙන්න ආශාව අහම්බෙන් හිතට දැනුණා.
දැන් ඔයා ඉන්නේ චරිත හඹායන පිපාසෙන්?
හඹා යන්නේ නැහැ. මට චරිතවලට ආරාධනා ලැබෙනවා. ඒ වගේම මේ ෆීල්ඩ් එකට හරි ආසයි. දිගටම ෂූටිං වැටුණත් මහන්සියක් දැනුණත් ගෙදර ඉන්න දවසට ‘අදත් ෂූටිං තිබුණා නම්’ කියලා හිතෙන තරමට සෙට් එකේ ගෙවෙන ජීවිතේට ආසයි.
පෙම් චරිත රඟපානකොට ඔයා හරි හැඟීම්බරයි?
ඒක එහෙම වෙන්න එපැයි. නැත්නම් කොහොමද ලැබෙන චරිතෙට සාධාරණයක් කරන්නේ?
බුවිනියි දිනක්ෂියි ඒ ගැන ටිකක් අවුලෙන්ලු ඉන්නේ?
අම්මෝ ඒක නම් අමූලික බොරු. බුවිනි අක්කයි දිනක්ෂි අක්කයි මාත් එක්ක හරිම යාළුයි. අපි හැමෝම එකම පවුලේ අය විදියටයි ආශ්‍රය කරන්නේ. ඒ හින්දා සජිත අයියයි සාරංග අයියයි එක්ක මොන තාලෙට පෙම් ජවනිකා රඟපෑවත් ඒක එයාලා අවුලක් කරගන්නේ නැහැ.
හිට් වේගන එනකොටම මැරි කරන්න හදිසි වුණේ ඇයි?
මම තවම මැරි කරලා නැහැ. එන්ගේජ් වුණා විතරයි තවම. තව ටිකක් මෙහෙම ඉන්නයි කල්පනාව.
පසුගිය දවස්වල සෝෂල් මීඩියාවල ලස්සන ෆොටෝ ෂූට් එකක් ගියානේ?
ඕවා ඔක්කොම බොරු. කවුරු හරි ආශාවට කරන දේවල්. ඕවා ගනන් ගන්න හොඳ නැහැ. කවුරු හරි ඒකෙන් සතුටු වෙනවා නම් එච්චරයි.
අයේෂ්ටත් රඟපාන්න චාන්ස් එක අරන් දුන්නා?
මම නැහැ ඕවට. ආලවන්ති එකේ කට්ටිය තමයි එයා රට ඉඳලා ඇවිදින් මාව බලන්න සෙට් එකට ආව වෙලාවක ඔය අදහස දැම්මේ.
නරක නැහැ නේද ඒ අදහස. එයාටත් රඟපාන්න පුළුවන්?
එහෙම තමයි හිතන්නේ. ලංකාවේ ඉන්නකල් එයාගේ දායකත්වය ආලවන්තිට ලැබේවි.
මැරි කරලා රට ගියාම රංගනයට සමුදෙනවද?
මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි තරමට රංගනයට හිත ගිහින් ඉවරයි. ඒත් ඉතින් මම ඉන්න ඕනෙ එයා ළඟ. එයා හොඳ ලයිෆ් පාට්නර් කෙනෙක්. අයේෂ් මට දෙන ආදරයට ආරක්ෂාවට මගේ සතුට වෙනුවෙන් කැමැති දේ කරන්න මට දුන්න නිදහසට මම එයාට තෑන්ක් කරනවා. ඒ වගේම ගරු කරනවා.
අනාගත හීන ඉලක්ක එහෙම තියෙනවද?
එහෙම ඉලක්ක හීන නැහැ. හෙට දවස ගැන ලොකු සීන් හිතට අරන් නැහැ. සරලව සුන්දරව ජීවිතේට මුහුණ දෙනවා.
මල්මි කෞෂල්‍යා
