
මේ දවස්වල මොකද වෙන්නේ?
මම රඟපෑ ජානු සහ සිකුරු ඇවිත් නාට්‍යය දෙකම මේ වෙද්දී විකාශය වෙලා අවසන්. ඒ නිසා මේ කාලය තුළ නම් රංගනය පැත්තෙන් මුකුත්ම වෙන්නේ නැහැ. පොඩ්ඩක් නිදහසේ ඉන්න කාලයක්. හැබැයි සුපුරුදු විදියට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යනවා.
කොහොමද හිමේන් නළුවෙක් වෙන්නේ?
තාම මම රංගන ක්ෂේත්‍රයේ ගමන පටන් ගත්තා විතරයි. මම හැමතැනකම කියන දෙයක් තමයි මම තාමත් ආධුනික රංගන ශිල්පියෙක් කියන එක. මම මේ ක්ෂේත්‍රයට ආවේ සංගීත සහ නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත්. ලංකාවේ තියෙන පිළිගත් සන්නාමවලට මම නිරූපණ කටයුතු කරලා තියෙනවා. දවසක් මම ස්වාධින රූපවාහිනී සේවයට සින්දු කියන්න ගියා. එතැනින් තමයි මම රංගනයට එන්නේ. ඩිල්ෂාන් අමරසිංහ කියන අධ්‍යක්ෂවරයාගේ ලංවී නාට්‍යය හරහා. මට හදිසියක් නැහැ. මේ ගමන හිමින් යනවා.
වැඩි කැමැත්තක් තියෙන්නේ සංගීතයටද රංගනයට ද?
එහෙම විශේෂත්වයක් නැහැ. අංශ දෙකටම කැමතියි. මම සංගීතය හරහා රංගනයට ආව කෙනෙක්. ඒ නිසා මේ අංශ දෙකම සමබරව කරගෙන යනවා.
හිමේන් පාසල් ගියේ කොහෙද?
මම ඉගෙන ගත්තේ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන්. ඊට පස්සේ මම ෆවුන්ඩේෂන් කොර්ස් එක කළා NSBM සරසවියෙන්. ඒ එක්කම ඉන්ටර්නැෂනල් මැනේජ්මන්ට් උපාධියත් මම NSBM සරසවියෙන් ලබා ගත්තා.
පවුලේ ඉන්නේ කවුද?
අම්මා තාත්තා සහ නංගි. නංගි නොයෙලි ජයසේකර. එයා MAS එකේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්.
කලාවට එද්දී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
මගේ අම්මාගේ අම්මා මිස් ශ්‍රීලන්කන් කෙනෙක්. එයාගේ නම කරුණා ලියනගේ. ඒ එක්කම මගේ අම්මගේ අයියලා දෙන්නෙක් ඉන්නවා සුමේධ ලියනගේ සහ වජිර ලියනගේ. සුමේධ ලියනගේ කියන්නේ දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයෙක්. මිල්ල සොයා චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වන්නේත් ඔහු. ඒ වගේම මගේ අම්ම හර්ෂනී ජයසේකර. ඇයත් චිත්‍රපටවල රඟපාලා තියෙනවා වගේම මොඩ්ලින් කළා. ඒ එක්කම මගේ දෙවැනි මාමත් රඟපෑම් කරලා තියෙනවා. ඒ නිසා කලාවට එද්දී පවුලෙන් මට ලැබුණේ හොඳ ආශීර්වාදයක්.
මේ කාලයේ මොකද වෙන්නේ?
ඇත්තම කිව්වොත් මම එළියේ ඉන්නේ. මම සෑහෙන ආසයි චැරිටි වැඩ කරන්න. හැබැයි මගේ එක පුරුද්දක් තියෙනවා මම කරන හැම දෙයක්ම සමාජ මාධ්‍යයට දාන්නේ නැහැ. ඒ එක්කම මගේ අලුත්ම මියුසික් වැඩ ටිකක් කරගෙන යනවා. බුද්ධශ්‍රී කියන සංගීත නිෂ්පාදකවරයා එක්ක. එයා එංගලන්තේ ඉඳන් ඇවිත් ඉන්නේ. එයා එක්ක මම අලුත් නිර්මාණ ටිකක් කරගෙන යනවා.
චරිතයක් කරන්න කලින් මොනවද හිතන්නේ?
මම ඇත්තටම සෑහෙන තේරීම් කරන කෙනෙක්. සමහර වෙලාවට මාව නිතරම දකින්න නොලැබෙන්නේත් ඒ නිසා. මම වැඩ කරන රේට් එකක් තියෙනවා. ඒ එක්කම මම ව්‍යාපාර කිහිපයක් කරනවා. හෝමාගම ඔප්නා නමින් ෂොපින් කම්ප්ලේක්ස් එකක් තියෙනවා. Opna Clothing කියන්නේ හෝමාගම තියෙන පරණම ක්ලෝතින් ෂොප් එක. අපේ තාත්තා කරගෙන ගිය ව්‍යාපාර දැන් මම කරන්නේ. ඒ එක්කම BMD සර්විස් ස්ටේෂන් එක තියෙනවා. ඒ දේවල් කරන ගමන් මම කලාව කරන්නේ ආදරෙන්. ඒ නිසා හොඳ වැඩක් ආවොත් මම භාර ගෙන කරනවා.
කලාව තුළ දී ලැබෙන ප්‍රේක්ෂක ආදරේ දැනෙන්නේ කොහොමද?
මෙහෙමයි. මම මෙතෙක් කරලා තියෙන්නේ නිර්මාණ කිහිපයක් වුණත් මට දැනෙනවා ප්‍රේක්ෂක ආදරේ. ඒ ආදරේට මම හැමදාම ආදරෙයි. මට කවදාවත් තරහකරුවන් නැහැ. මම බොහොම සරලව ජිවත් වෙන කෙනෙක්. එකම දේ තමයි මම මොන තරම් දේවල් ජීවිතේට ළඟා කර ගත්තත් එදා හිටිය හිමේන් මේලක ජයසේකරම තමයි.
