
කොහොමද අංජලී ජීවිතෙ?
ඉතාම කාර්යබහුල කාලයක් ගත වෙන්නේ. හැබැයි ගත කරන හැම මොහොතක්ම සතුටින් සැහැල්ලුවෙන් ගත කරනවා.
මේ දවස්වල මොකද වෙන්නෙ?
වැඩි දවසක් ගත වෙන්නේ ටෙලි නාට්‍ය රූපගත කිරීම් එක්ක.
අංජලීව වැඩිපුරම ප්‍රේක්ෂකයින් අතරට අරන් ගිය නිර්මාණය සහ චරිතෙ මොකක් ද?
එහෙම වැඩියෙන්ම ප්‍රේකෂකයින් අතරට අරන් ගිය නිර්මාණය කියලා විශේෂයක් නැහැ. සිකුරු ඇවිත් එකේ අංජලි, ජුරාලියා එකේ ජුරාලියා විදිහට වගේම සී යූ නාට්‍යයයේ මාෂි විදිහට ප්‍රේක්ෂකයින් අතරට මාව අරන් ගියා.
අංජලි කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ?
මම කලාවට මුලින්ම එන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා. ඒ එක්කම මම බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදිහට කළා. 2023 වසරේ හිරු අවුරුදු කුමරිය විදිහට ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා කෝලම්කුට්ටම නාට්‍යයේ වත්සලා විදිහට රඟපාන්න. ඒ පටන් ගත්ත ගමන තමයි මේ දිගටම එන්නේ.
කරන්න ආසාවෙන් ඉන්න මෙතෙක් නොලැබුණු චරිත තියෙනවද?
මේ වෙද්දී කරලා තියෙන චරිත අතරේ අහිංසක චරිත වගේම ටිකක් නපුරු චරිත කරලා තියෙනවා. මම කැමතියි ඊටත් වඩා වෙනස් වූ චරිත කරන්න.
සිනමාවෙන් අංජලී ව දකින්න ලැබෙයි ද?
අනිවාර්යයෙන්ම ඉදිරියේදී මාව සිනමාවෙන් දකින්න ලැබෙයි.
රංගන ශිල්පිනියක් වීම ගැන අද මොකද හිතෙන්නෙ?
ඇත්තටම සතුටක් තියෙන්නේ. මම දකින්නේ රංගන ශිල්පිනියක් වීම ලෝකයේ තියෙන අමාරුම රැකියාවක් වගේම සුන්දරම රැකියාවක්. ඒ වගේම හරිම ගෞරවාන්විත රැකියාවක්. කලාව තුළින් සමාජයට හොඳ විදිහේ බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා මම රංගන ශිල්පිනියක් වීම ගැන අතිශය තෘප්තිමත්.
මේ වෙද්දි රංගනය ද ඔබේ වෘත්තිය?
ඔව්. මේ වෙද්දී මම කලාව කරන්නේ වෘත්තිය විදිහට. හැබැයි ඒ අතරතුර මම මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා.
ජනප්‍රියත්වය කියනදේ දැනෙන්නෙ කොහොමද?
ඒක ගැන මට දැනෙන්නේ සතුටක්. මඟ තොටේ හෝ කොහේදී හෝ අපිව හඳුනගෙන ළඟට ඇවිත් කතා කරද්දී ලොකු සතුටක් ලබනවා. ඒ වගේම ඒ අය අපි ඉන්න නිර්මාණ දිහා බලන කෝණය අනුව සහ අපි කරන චරිතේ අනුව එකිනෙකට වෙනස් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මම නිහතමානිව භාර ගන්න කෙනෙක්.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මා තාත්තා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ දෙන්නා නැත්නම් අද මට මේ තැනට එන්න බැහැ. ඒ අයගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මම නිදහසේ කලාව කරගෙන යන්නේ.
චරිතයක් භාර ගන්න කලින් මොන වගේ දේවල් ද බලන්නේ?
මම මොන චරිතය කළත් අවසානයේ මේ සමාජයේ ජීවත් වෙන්න ඕනේ අංජලී ජයසිංහ විදිහට නිසා මම චරිතයක් භාර ගන්න කලින් ඒ චරිතය මට කොයි තාක් දුරට ගැළපෙනවද සහ ඒ චරිතයට මට කොයි තරම් දුරට සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එක මම බලනවා. ඒ වගේම මම කරන චරිත නිසා මම කැමති නැහැ මගේ පවුලේ අය හෝ කවුරුන් හෝ අපහසුතාවට පත් වෙනවට. ඒ නිසා තෝරා බේරා ගත් හොඳ නිර්මාණ තුළින් මාව ඉදිරියටත් ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබෙයි.
රංගනයේදී සීමාවන් තියෙනවද?
අනිවාර්යයෙන්ම. රංගනයේ දී මම විසින් මටම පනවා ගත් සීමාවන් තියෙනවා. ඒ සීමා ඇතුළේ තමයි මම චරිත භාර ගන්නේ.
සිකුරු ඇවිත් නාට්‍යයේ අංජලීට වගේම සැබෑ ජිවිතේ අංජලීට විවාහ යෝජනා එනවා වැඩියි කියන්නේ ඇත්තද?
ඒ අංජලීට නම් සියයකට වැඩි යෝජනා නාට්‍යයට අනුව බලලා තියෙනවා. නමුත් ඇත්ත ජීවිතේ නම් ඒ තරම් ආදර යෝජනා ඇවිත් නැහැ.
අංජලී සැබෑ ජීවිතේ මොනවගේ කෙනෙක් ද?
මගේ ජීවිතේ නිශ්ශබ්දව සතුටින් කාලය ගත කරන්න කැමතිහිතේ ප්‍රශ්න අඩුවෙන් නිදහසේ ඉන්න කැමති කෙනෙක්.
ෆැෂන්වලට තියෙන කැමැත්ත කොහොමද?
මම ෆැෂන් කරන්න කැමති කෙනෙක්. ඒ නිසා මට ගැළපෙන ෆැෂන් කරන්න උත්සාහ කරනවා.
