හර්ෂි රසාංගා පුංචි තිරය හරහා අතිශය ජනප්‍රිය වී තිබෙන මොහොතක වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වුණා. ඔන්න කාලයකට පස්සේ හර්ෂි ලංකාවට ඇවිත්. මේ වන විටත් ඇය ලංකාවට ඇවිත් සති තුනක් පමණ වෙනවා. මේ කතාබහ ඇයත් සමඟ.
තව කොච්චර දවසක් ලංකාවේ ඉන්නවද?
තවම නම් කොච්චර කාලයක් ඉන්නවද කියන එක තීරණය කරලා නැහැ. ටික කාලයක් ලංකාවේ රැඳෙනවා.
ඒ කියන්නේ ආයෙම කලාවට වැඩි ඉඩක් වෙන් කරන්න ද ඉන්නේ?
කලාවට වැඩි ඉඩක් කියන්නේ රංගනයට වඩා සංගීතය පැත්තට වැඩි ඉඩක් වෙන් කරන්න අදහසක් තියෙන්නේ. හැබැයි රංගනය වුණත් හොඳ කට්ටියක් එක්ක කරන්න පුළුවන් ලස්සන වැඩක් ආවොත් කරන්න අදහසක් තියෙනවා. එහෙම නැතුව කලින් වගේ වැඩි ඉඩක් රංගනයට යොමු කරන්න නම් අදහසක් නැහැ.
මේ දිනවල වැඩිපුරම යොදවලා තියෙන්නේ මොනවටද?
මගේ පවුලේ අය එක්ක ගත කරන්න තමයි මම වැඩිපුරම කාලය යොදවලා තියෙන්නේ. මට එයාලා ළඟ හිටිය නැති කාලේ අපරාදේ කියලා හිතුණා.
ලංකාවට ඇවිත් හර්ෂා මුලින්ම සම්බන්ධ වුණු වැඩේ මොකක් ද?
ස්වර්ණාඅභිෂේක අවුරුදු කුමරා කුමරිය තරගයේ විනිශ්චය මණ්ඩලයේ වැඩ කළා. එහෙම නැතුව තවම නම් වැඩ කටයුතු කරන්න භාරගෙන නැහැ.
ඉස්සරහට වැඩි කාලයක් වෙන් වෙන්නේ ගායනයටද?
රංගනයට වගේම ගායනයටත් දක්ෂයිද කියලා මම දන්නේ නෑ. ඒ වුණත් මම පොඩි කාලේ ඉඳන්ම ගායනයට ආසයි. ඒ නිසා එක ස්ටෙප් එකක් තියලා රංගනයෙන් ඉවත් වුණේ ගායනයට එන්න. හැබැයි රංගනයට සමු දුන්නම කියන්න බැහැ. මොකද හොඳ වැඩක් ආවොත් කරනවා.
මොනවද සංගීත පැත්තෙන් එන්න තියෙන අලුත්ම වැඩ?
සින්දු දෙකක් මේ දිනවල කරනවා. එකක් සිතුම් අභිෂේක් එක්ක. ඒ එක්කම ලහිරු පෙරේරා එක්ක තව සින්දුවක් කරනවා.
නැඟී එන නිළිය සම්මානය ලැබුණත් එක්කම විදෙස්ගත වීම ගැන අද මොකද හිතෙන්නේ?
මට ඒ සම්මානය ලැබුණේ මම ක්ෂේත්‍රයෙන් අයින් වුණු අවුරුද්දෙමයි. ළමා නිළියක් විදිහට පටන් ගෙන මම මේ ක්ෂේත්‍රයේ අවුරුදු 12ක් රඟපෑවා. ඒ අවුරුදු 12ම මට ලැබුණු චරිතවලට මම පුළුවන් උපරිමය කළා. මගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න ඕන කියලා යම් යම් වුවමනාවන් නිසා ලංකාවෙන් යන්න වුණා. ඒ වෙනකොට මම කලාව වෙනුවෙන් කළ දේට මාව අගය කළා වගේ හැඟීමක් මට ඇති වුණේ. ඒක අදටත් මම හරිම සතුටුයි සහ නිහතමානිවම ආඩම්බර වෙනවා.
ඇත්තටම හර්ෂි කියන්නේ මොනවගේ කෙනෙක්ද?
හර්ෂි කියන්නේ ගොඩක් සංවේදී චරිතයක්. මිනිසුන්ට ගොඩක් එකතුයි. ඒ වගේම හරි ආදරෙන් ඉන්න කැමති කෙනෙක්. ප්‍රශ්නවලට රණ්ඩුවලට කැපිලි කෙටිලිවලට මම හරිම අකමැති කෙනෙක්. හැබැයි ගෙදර අය නම් කියන්නේ මම නපුරුයි කියලා. ඒත් මම එහෙම නැහැ. මම හරිම හොඳ කෙනෙක්.
ආදරය කියන දේ හර්ෂි දකින්නේ කොහොමද?
ජිවිතේ දී ආදරේ කියන දේ එක එක විදිහට අපිට ලැබෙනවා. පවුලෙන් ලැබෙන ආදරේට වඩා පෙම්වතාගෙන් සැමියාගෙන් යහළුවන්ගෙන් ලැබෙන ආදරේ වෙනස්. හැබැයි ඒ ලැබෙන හැම ආදරයක්ම හරිම සුන්දරයි. ආදරේ සුන්දරත්වය ඇතුළේ තියෙන්නේ ලොකු දුකක්. කොච්චර සතුටු වුණත් අවසානයේ දුකක් විතරයි. මම ආදරේට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ නිසා ආදරේ කියන්නේ සුන්දර ලස්සන දෙයක්. මේ ජීවිතයේ මට මගේ
හිත රිදුණු තැන් ගොඩක් තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට ආවේ පුංචිම කාලෙම. එතකොට මට පොඩි කාලේ ඉඳන් කටකතා ගොසිප්වලට මුහුණ දෙන්න වුණා. ඒ කාලේ මගේ හිත රිදුණා. ඇයි මට මෙහෙම කරන්නේ කියලා මම වැටුණු තැන් තිබ්බා. හැබැයි ඒ දේවල් වෙන්න වෙන්න මම ගොඩක් ශක්තිමත් වුණා. අද වෙද්දී මට හැදෙන ගොසිප් මම දන්නේ නැහැ. මොකද මට කිවුවේ ඒවා ගැන බලන්න යන්න එපා කියලා. ඒ නිසා මම දැන් කමෙන්ට්ස් කියවනවා අඩුයි. ඒ නිසා දැන් මගේ හිත රිදෙන්නේ නැහැ. මගේ මූණටම ඇවිල්ලා බැන්නත් මගේ හිත රිදෙන්නේ නැහැ. මගේ හොඳ කියන ඒවාවත් මම ලොකුවට ගන්නේ නැහැ. මට දෙයක් කිවුවොත් මගේ හදාගන්න දෙයක් නම් ඒ දේ අහලා මම හදා ගන්නවා.
ඔබට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ට මොනවද කියන්න තියෙන්නේ?
මට ආදරේ කරන අයට කියන්න ඕනේ ඒ අය මට බැන්නා මම ලංකාවෙන් යද්දී. අදටත් මට ආදරේ කරන අය බණිනවා. ඔන්න දැන් මම ආයෙමත් ආවා. ටික කාලයක් මම ලංකාවේ ඉන්නවා. ඒ නිසා බණින්න එපා මට. මට පුළුවන් විදිහට කලාව පැත්තෙන් ලස්සන වැඩ ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම තමයි මම පෞද්ගලිකව මගේ බලාපොරොත්තු බෙදා ගන්න අකමැතියි. මට තියෙන එකම බලාපොරොත්තුව තමයි පවුලේ අය එක්ක හිනාවෙලා සතුටින් ජීවත් වෙන එක.