ඇගේ වැඩ වගේම තමයි හඬත්. ඒ වගේම කරන වැඩේ හරියටම කරල පාඩුවේ පැත්තකටවෙලා නිෂ්ශබ්දව ඉන්න චරිතයක්. හැබැයි ඒ වැඩේ ගැන රටම කතා වෙනව. ගොඩක් දෙනෙක් බැහැයි කියල හිතන අභියෝග ඇය කිසිම පැකිලීමක් නැතිව භාරගන්නව. ඒ විතරක් නෙමෙයි, චරිතයට හොඳ සාධාරණයකුත් කරනව. කලා ක්ෂේත්රයේ එහෙම වැඩ කරන අය හරි අඩුයි. ඉතිං එහෙම කෙනෙක් එක්ක කාලෙකට පස්සෙ කතාකරන්න ලැබුණාම අපිත් අපේ ප්‍රශ්නාවලිය ඩිරෙක්ට්ම අහල දැම්මා. කිසිම පැකිලීමක් නැතිව ඇයත් හරිම සරලව ඩිරෙක්ට්ම උත්තර දුන්නා. මේ චමත්කා ලක්මිණී සමග අප කළ කතාබහයි.
චමත්කා, කාලෙකට පස්සෙ ටෙලියකින් දකින්න ලැබෙනව?
චමත්කාව කොහොමත් කාලෙකට පස්සෙ තමයි දකින්න ලැබෙන්නෙ.
‘සිටුවර පුවත’ හි ඩොක්ටර් මාෂි ගැන රසිකයො මොකද කියන්නෙ?
ඇත්තටම හොඳයි. සිටුවර පුවතේ කතාවත් එක්ක මේක ෆිල්ම් මූඩ් එකෙන් කරපු වැඩක්. චමත්කා, මරු. ඔයා මේ වැඩේ ඉන්නව වගේ කමෙන්ට්ස් තමයි ලැබෙන්නෙ. චමිල් අයියගෙ වැඩක් නිසා මමත් හරි ආසාවෙන් කළා. රොෂාන් අයියත් ඉන්නව.
ඇයි කාලෙන් කාලෙට වැඩ භාරගන්නෙ?
ඇත්තම කතාව කිව්වොත් මට ගලාගෙන එන තරම් වැඩ මට්ටමක් නැහැ. බොහොම සීමිත පිරිසකගෙන් මට වැඩ ටිකක් එන්නෙ. ඒ නිසා බොහොම ගුණාත්මක බවකින් යුක්ත වැඩ ටිකක් තමයි මම කරන්නෙ. ඒ වගේම මම දැඩිව විශ්වාස කරනව, අධ්යක්ෂවරයා හෝ තිර රචකයා මාව විශ්වාස කරල චරිතයක් භාර දෙන්නෙ ඒක ඇතුළෙ මගෙ මොකක් හරි කොලිටි එකක් රීඩ් කරන නිසා වෙන්න ඇති. ඒ අය හිතනව මේක චමත්කා කළොත් සංවරයකින් කරයි කියන එක. මම ඒකට හරි කැමතියි.
චමත්කා භාරදෙන වැඩේ හරියට කරනව?
මම දැඩිව විශ්වාස කරනව මට දෙන වැඩේ සියයට දාහක් එතැනට දීල එන්නෙ කියන එක. ඕන තැනක, ඕන සෙට් එකක ඩිරෙක්ටර් කෙනෙක් දන්නව චමත්කා වැඩ කරන්න ගත්තම කොහොමද කරන්නෙ කියල. ප්‍රඩක්ෂන් එක ඇතුළෙ දෙන සපෝට් එක වගේම ප්‍රඩක්ෂන් එකෙන් පස්සෙ දෙන සපෝට් එක කොහොමද කියන්න මාත් එක්ක මෙතුවක් වැඩකරපු හැම ප්‍රඩක්ෂන් එකක්ම දන්නව.
ඔබ කොහොමද ඩොක්ටර් මාෂිව දකින්නෙ?
මාෂි කියන්නෙ බොහොම ෆැෂනබල්, පොසිටිව් තින්ක් එකක් තියෙන, යං ජෙනරේෂන් කෙල්ලෙක්. එයා හැදිල තියෙන්නෙ වෙන රටක. ලංකාවට එන්නෙ තාත්තගෙ හොස්පිටල් එකේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න. විශේෂයෙන්ම ඇය ඕපන් මයින්ඩඩ් තින්කින් කැපෑසිටි එකක ඉන්න කෙල්ලෙක්. ඒක ගොඩක් වෙලාවට මටත් තියෙනව. මම හිතනව, මම විශ්වාස කරනව මගේ තින්කින් කැපෑසිටි එක මගේ ජෙනරේෂන් එකේ අයට වඩා ටිකක් වෙනස් කියන එක. ඒ වගේ මගේ රියැලිටි එකේ පොඩි කෑල්ලක් තියෙන කැරැක්ටර් එකක් තමයි ඩොක්ටර් මාෂි කියන්නෙ.
මේ නිසාද පිටපත දුටු මොහොතෙම කැමැත්ත දෙන්නෙ?
මේ පිටපතට කැමැත්ත දෙන්න ප්‍රධාන හේතුව වෙන්නෙ චමිල් පතිරණ. චමිල් අයිය කියන්නෙ මගේ මුල් අදියරේදි මට මුණගැහුන ඉතා හොඳ ඩිරෙක්ටර් කෙනෙක්. ඔහු තමයි මගේ විවාහයට පවා අත්සන් කරල තියෙන්නෙ. ‘සිටුවර පුවතට’ මට කතාකරපු එකට ඔහුට බොහොම ස්තූතියි. ඒ වැඩේ භාරගන්න හේතුව, සිටුවර පුවත වෙන්න කලින් එකක් චමිල් පතිරණ, එකක් රොෂාන් රවින්ද්‍ර, අනෙක් එක තමයි සිටුවර පුවත කියන්නෙ.
රොෂාන් රවීද්‍ර සමග වැඩකරන්න ලැබීම මොන වගේ අත්දැකීමක්ද?
මේ ඉන්ඩස්ටි්ර එක ඇතුළෙ ලොකු ස්පීඩ් එකකින් යන්න ඕන කියල දෙයක් මට නැහැ. නමුත් මේ මේ අධ්යක්ෂවරු, මේ මේ නළුනිළියො එක්ක රඟපාන්න ඕන කියන ටාගට් එකක මම ඉන්නව. මගේ වාසනාවේ හැටියට ඉදිරියේදී එහෙම අවස්ථා ලැබෙයි, සමහරවිට නොලැබී යන්නත් පුළුවන්. මම ඒකටත් හිත හදාගෙන ඉවරයි. රොෂාන් අයිය කියන්නෙ මගේ ටාගට් ලිස්ට් එකේ උඩම තිබුණ පොයින්ට් එක. මට එයා එක්ක වැඩකරන්න ලැබීම ගැන හරිම සතුටුයි. මෙතුවක් කලක් මම කළ වැඩත් එක්ක බලනකොට ඩොක්ටර් මාෂි කියන කැරැක්ටර් එකේ මට ප්ලේ කරන්න තියෙන සීන්ස් ගාණ අඩුයි. මම තවත් කැමතියි ඩොක්ටර් මාෂි කියන කැරැක්ටර් එක තව ඩිවලොප්වෙලා තියෙනවනම්, මොකද රොෂාන් අයිය, උාදාරි අක්ක එක්ක වැඩකරනව කියන එක වාව් එක්ස්පීරියන්ස් එකක්.
මේ වන විට චමත්කාගෙ වෘත්තිය?
මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක්. මම හරි ආඩම්බරයෙන් කියනව මම රංගන ශිල්පිනියක් කියල. මම දන්නව මම රංගන ශිල්පිනියක් විදිහට ජීවත් වෙනව, වැඩකරනව කියන එක. මට දවසගානෙ වැඩ නැතිවෙන්න පුළුවන්. නමුත් එදිනෙදා කාලා බීල ඉන්න මට ගෙදර තියෙනව. එහෙම ප්‍රශ්න නැහැ.
මම සෝෂල් මීඩියාවලත් නැහැ. මම කැමතියි මම කරන ආර්ට් වැඩක් ඇතුළෙ චමත්කා ලක්මිණිගෙ ආර්ට් කෑල්ලක් තියෙනව නේද කියන දෙයින් වැඩකරන්න.
මේතාක් මුණගැහුන අධ්‍යක්ෂවරුන්ගෙන් චමත්කාට ලැබුණෙ මොන වගේ ප්රතිචාරයක්ද?
මම දැඩිව විශ්වාස කරනව මේතාක් මට මුණගැහුන බොහෝ අධ්යක්ෂවරු සියයට දාහක් මම ගොඩදාල තියෙනව වගේම ඒ බව ඔප්පු කරල තියෙනව. අඩුම තරමින් නොමිනේෂන් එකක් හරි අරගෙන මම ඒක සහතික කරල තියෙනව. මෙතුවක් මට මුණගැහුණ හැම අධ්‍යක්ෂවරයෙක්ම මම කරපු වැඩවලින් මාව ජජ් කරන්නෙ නැතුව මගේ ඇක්ටිං කැපෑසිටි එක ජජ් කරල මට වැඩ භාරදීපු අය. ඔවුන්ට මම හැමදාම රෙස්පෙක්ට් කරනව. ඒ කරපු වැඩවලින් මමත් ගොඩ ගියා, ඔවුනුත් ගොඩ ගියා. ඒ වගේම ආර්ට් ඉන්ඩස්ටි්ර එකට අපි යමක් කළා කියන හැඟීම මට තියෙනව.
චරිතයක් තුළ ජීවත්වීම පහසු දෙයක් නෙමෙයි?
ඔව්, ඒක හරි අමාරු වැඩක්. සමහර චරිත කරල ගෙදර ආවට පස්සෙ දවස් දෙකක්වත් නිදාගන්න ඕන. අඩුම දවස් දෙකක්වත් සයිකොලොජිස්ට් ඩොක්ටර් කෙනෙක් එක්ක කතාකරන්න ඕන. සාමාන්‍යයෙන් වෙන රටවල නළු නිළියන්ට සයික්ඇක්ටි්රස්ට් ඩොක්ටර් කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්නව. මොකද සාමාන්‍ය ජීවිතයේ ජීවත්වෙන මනුස්සයකුට වඩා අපි ලොකු වෙහෙසක් දරණව. ඒක ඩුවල් පර්සනල්ටි එකක් වගේ දෙයක් අපි කරන්නෙ. සාමාන්‍ය මනුස්සයකුට වඩා චරිත අපි අපේ ඔළුවට දාගන්නව. ඒවායින් අපේ බ්‍රේන් ඩැමේජ් එකක් වෙනව. ඒක සයිකොලොජිකලි වෙන දෙයක්. නමුත් කවදාවත් අපි ටී්රට්මන්ට් එකකට යන්නෙ නැහැ. ඒ ඩිප්රස් එකේම ඊළඟ චරිතෙටත් අපි යනව. ආදරණීය නළු නිළියන්ගෙන්, සහෝදරයන්ගෙන් මම ඉන්නව, රෂ් එකේ, පිම්මෙ වැඩකරන්න කිසි ප්‍රශ්නයක් නැහැ, නමුත් තමන්ගෙ මෙන්ටලිටි එක ගැන හිතන්න. එහෙම නොවුණොත් ඊළඟ කැරැක්ටර් එක ෆේල් වෙනව.
ඔබට ලැබෙන්නෙ සමාජයේ කතාබහට ලක්වන චරිත.
මේවා භාරගන්න බයක් දැනුණෙ නැද්ද?
ඒ ගැන මගේ යාළුවොත් එක්කත් ළඟදි කතා කළා. මගේ රංගන ජීවිතය තුළ බයක් හිතිල භාරගත්තත එකම තීරණය වගේම දරුණුම තීරණයත් ‘හුස්ම’. මේ ඉන්ඩස්ටි්ර එක තුළ ඊට එහා මට ගන්න දරුණු තීරණයක් නැහැ. ඉතිං මම තවත් මොනවටද බය වෙන්නෙ.
අද වන විට ඒ තීරණය ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නෙ?
අද වන විට ඒ තීරණය ගැන මට ගොඩක් සතුටුයි. දිලිසි දිලිසි සම්මාන දෙකක් තියෙනව ගෙදර.
මේක සම්මානනීය චරිතයක් වෙයි කියල අදහසක් හරි තිබුණද?
මේ චරිතය සම්මානනීය වෙයි කියල දෙයක් මම හිතුවෙ නැහැ. මම දන්නෙ රඟපාන්න විතරයි. ක්ෂේත්රය ගැන අදහසක් තිබුණෙ නැහැ. හැබැයි යටිහිතේ කොනක කෑල්ලක් තිබුණ මේ වැඩේදි යම් කිසි පුද්ගලයෙක් කුමන හෝ අගැයීමට ලක්විය යුතුයි කියල. අඩුම තරමින් ටෙක්නිකල් පැත්තෙන් හරි. ඒක මට නැතිව මං එක්ක වැඩකරපු දස්සට, සුදේශ් අයියට හෝ කාටමහරි ලැබෙනවා නම් මම හරි කැමතියි.
සිනමාව සහ පුංචි තිරයෙන් චමත්කාගේ වැඩි කැමැත්ත?
ටෙලි නාට්‍ය කියන කැටගරි එකේ වැඩ කරන්න මම ටිකක් අදිමදි කරනව. මගේ වැඩි කැමැත්ත සහ ආදරය තියෙන්නෙ පුළුල් තිරයට. ලබන අවුරුද්දෙ තිරගත වීමට නියමිතව චිත්‍රපට දෙකක් තියෙනව. ටෙලි නාට්‍ය කියන කන්සෙප්ට් එකේ මම වැඩකරන්න කැමති බොහොම ෂෝට් පීරියඩ්ස් වලට. මොකද කැරැක්ටර් එකක් මට දිගු කාලයක් කරගෙන යන්න අමාරුයි. ඒක මගේ මානසික නිදහසට ලොක-ු ප්‍රශ්නයක්. සිටුවර පුවත තමයි මෙතෙක් කලක් මම කරපු වැඩවලින් වැඩිම එපිසෝඩ් ගණනත් තියෙන ටෙලි නාට්‍යය වෙන්නෙ. අනෙක් හැම එකකම තිබුණෙ එපිසෝඩ් දහයයි දොළහයි.
මිනි සීරිස් තුළ චමත්කා හරි ජනප්‍රියයි?
මිනි සීරිස් තුළත් මම කැමති ෆිල්ම් මූඩ් එකේ මොකද අපි නෙට්ෆ්ලික්ස් බැලුවොත්, වෙබ් එකක් බැලුවොත් ගොඩක් වෙලාවට බලන්න තියෙන්නෙ පොඩි පොඩි සීරිස්. ඉන්දියාව තනිකර මිනිසීරිස් ගහනව දැන්. හැබැයි ඒක එයාල සීසන් හය හත වෙනතුරු ඇදගෙන යන්නෙ නැහැ. උපරිම තුනයි. ලෝකය අපිඩේට් වෙද්දි අපි මිනිස්සුන්ගෙ රසාස්වාදයත් අප්ඩේට් කරන්න ඕන. මොකද මිනිස්සුන්ට බැහැ වරු ගණන් ෆෝන් එකකට, ලැප් එකකට, ටීවී එකකට කාලය වැය කරන්න. ඒ වැයකරන කාලය බොහොම පොඩිනම් ඒ ිකාලය තුළ උපරිම හොඳ නිර්මාණයක් තියෙන්න ඕන බලන්න.
හියුමන් එරස් තුළ ඔබ දැනෙන යමක් කළා?
හියුමන් එරස් සඳහා එවෝඩ් එක ලැබෙද්දි මට දැනුණෙ මම ලංකාවේ මෙතෙක් කලක් ටෙලි ඩ්‍රාමා කළ නළු නිළියන්ට තිබුණ බැරියර් එකක් කඩල දුන්න ටීවී එකේත් රඟපාන්න. ෆිල්ම් ඉන්ඩස්ටි්ර එකේ මගේ ජෙනරේෂන් එකට ඒක කරල දුන්න ‘හුස්ම’ හරහා. අදටත් සුපුන් අයියටයි, දස්සටයි තෑන්ස් කරනව ඒ වෙනුවෙන්. මම හිතනව මම තමයි පිළිවෙළින් ඒ බැරියර් එක කඩල දුන්නෙ, බය නැතිව වැඩ කරන්න මෙන්න මම දුන්න බැට්න් එක ඕගොල්ලන්ට මම ස්ටෙප් එකක් ගත්ත කියන පණිවිඩත් එක්ක.
ඇයි මෙහෙම බැරියර්ස් කඩාගෙන යන්නෙ?
අපේ ජෙනරේෂන් එක හරි දඩ ජෙනරේෂන් එකක්. මම මෙහෙම සංවරව හිටියට මගේ ජෙනරේෂන් එක හයිපර් වයිබ් එකේ තියෙන එකක්. ඒ ජෙනරේෂන් එක ඇතුළෙ අපි බලන්න ඕනෙ අපේ හයිප් එක මොන විදිහටද යූස් කරන්නෙ කියල. මොකද මම දකිනව අපේ ජෙනරේෂන් එකේ මේ ඉන්ඩස්ටි්ර එක තුළම ඩ්‍රග්ස් ගහල විනාශ වෙන ඒවා. කාලබීල විනාශ වෙන ඒවා. හැබැයි මම කැමතියි මගේ හයිප් එක වැඩ අස්සෙන් එළියට දාන්න. ඒක මම ලබන ආත්ම තෘප්තියක්. අපේ වචනෙන් කියනවනම් මම කැමතියි වැඩක් ආතල් එකේ කරල එන්න. ලල් එකේ කරල එන්න.
එහෙම කරපු වැඩක් නැවත රස විඳිනකොට දැනෙන ෆීලින් එක මොන වගේද?
ඒක මට කියන්න තේරෙන්නෙ නැහැ. හැබැයි මම කළ වැඩක් ආයෙත් මම බලනවාමයි. ඒ බැලිල්ල ඇතුළෙ සමහර වෙලාවට මට හිතිල තියෙනව අනේ මගේ ජීවිතය ඇතුළෙ මේ වගේ තැන් තිබිල නේද කියල. සමහර වෙලාවට මේ දේවල් බලද්දි මට මාව දැනෙන අවස්ථා තියෙනව. සියයට සියයක් මගේ රඟපෑම හරිද කියන්න මම දන්නෙ නැහැ. මම එහෙම ටෙක්නිකල් පැත්ත දන්න මනුස්සයෙක් නෙමෙයි. සමහර චරිත තියෙනව අපරාදෙ මීට වඩා කරන්න තිබුණ නේද කියල හිතෙන ඒවත්. නමුත් සමස්ත වැඩ ඇතුළෙ හැම දේකින්ම මම සතුටු වෙනව.
බැරියර්ස් කඩාගෙන ගිහින් මඩ කාපු අවස්ථාත් ඕනෑ තරම් ඇති?
අපොයි ඔව්. මම මුලින්ම මඩ කන්න පුරුදු වුණේ ‘ගිණියම් රෑ’ සෝන්ග් එකෙන්නෙ. ඉන් පස්සෙ හුස්ම, සරුංගල් ඔය වගේ හැම එකකින්ම බැණුමක් අහනව. හැබැයි ඒ බැණුම ඇහුවට අදටත් ගොඩක් වෙලාවට චමත්කාව මතක ගිණියම් රෑ කියල, හුස්ම චමත්කා කියල. මම ඉන්ඩස්ටි්ර එකක් ඇතුළෙ. ඒ අනෙක් ආටිස්ට්ලට නිදහසේ වැඩ කරන්න. නැතිව මගේ පර්සනල් ලයිෆ් එකේ බැරියර් එකක් කැඩුවෙ නැහැ.
ලංකාව දාල නොයන්න හේතුව?
මම ලංකාව දාල යන්නෙ නැතිව මේ ඉන්නෙ මගේ පරම්පරාවෙ කවුරුවත් ලංකාවෙ නැතිව. ඒ ඉන්නෙ මම මේකට ආදරේ හින්දා, ලව් හින්දා. මට යන්න බෑ කොහේවත්. ගියත් ඉන්න බැහැ මාසෙකට වැඩිය. මට පොඩි පෙරේතකමක් තියෙනව ලංකාව කියන රටට. මම කරන ඉන්ඩස්ටි්රඑක මේක. මගේ පැත්තෙන් මටද, පවුලටද, රටටද මේ කියන හැමදේම හිතල තමයි වැඩ කරන්නෙ.
ඔබේ ජෙනරේෂන් එකේ අය මුණගැහුනම මොකද කියන්නෙ?
මට දැන් බබෙකුත් ඉන්න නිසා මගේ ජෙනරේෂන් එකේ අයට සාපේක්ෂව මම ටිකක් සංවරයි. දරුව, මහත්තය නිසා කන්ට්‍රෝල් කරන්න දේවල් ටිකක් තියෙනව මගේ පරිසරය වටේ.
කැමරාව ඉදිරියේදි?
කැමරාව ඉදිරියේදි නම් මේ චමත්කා කිසිම දේකට බයක් නැහැ. සාමාන්‍ය ජීවිතයේදී නම් කළුවරටත් බයයි. වැඩක් කරනවනම් මට හිතට දැනෙන්නත් ඕන, බරට දැනෙන්නත් ඕන.
මහේෂ් එදිරිසිංහ