මේ අවුරුද්දේ අපිත් හරියට මහන්සි වුණා - රැෆෙල්ලා ප්‍රනාන්දු



 අවුරුද්ද පටන් ගන්නකොටම අපේ රටේ celebrities ලා අතර කතාබහ වෙන Laungh එකක් තමයි RFCC කියන්නේ. ඔන්න මේ අවුරුද්දේ හා හා පුරා කියලා RFCC 2025 කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. මේ රාත්‍රියේ එතැනට ආපු කලාකරුවන්ට වගේම ආරාධිතයන්ටද එදින සුවිශේෂී රාත්‍රියක් බවට පත්වුණා. ඉතිං අපි රැෆෙල්ලා ප්‍රනාන්දු සමඟ පුංචි සංවාදයක යෙදුණේ RFCC 2025 අභියෝගය ජයගත්තු ආකාරය ගැනය.

RFCC 2025 Laungh එකට ආපු celebrities ලාගෙන් ලැබුණ ප්‍රතිචාර?


මම හිතන්නේ 13 වැනි අවුරුද්ද තමයි හොඳම අවුරුද්ද. කලාකරුවන් වගේම ආපු ආරාධිතයන් සියල්ලම පාහේ කිව්වේ දැකපු හොඳම කලෙක්ෂන් එක කියලා. මම හිතුවේ නැහැ එච්චර හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා. මේ අවුරුද්දේ අපිත් හරියට මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබුණ කියලත් හිතනවා.



මෙවර ජාත්‍යන්තරයට වැඩි ඉඩක් වෙන් කළානේද?


මේ සැරේ ඉන්ටර්නැෂනල් ටච් වෙත ආටිස්ලා හතරක් හිටියා. දකුණු ඉන්දියාවෙන් තුන්දෙනෙක්. එක් කෙනෙක් ජැක්ලීන්. ඊට පස්සේ උර්මිලා මාකෝන්සර්. ඇය අනූව දශකයේ හිටපු දක්ෂතම නිළියක්. ආස්නා ගිල් කියන්නේ දැනට ජනප්‍රිය ගායිකාවක්. ඔය අතරේ ජාත්‍යන්තරය සමඟ වැඩකරන A.K.D. මට ඕනෑ වුණේ ඉන්ටර්නැෂනල් එක ටච් කරන ගමන් බි්‍රජ් එකක් හදාගන්න. හැබැයි වැඩි ඉඩක් ඉන්ටර්නැෂනල් එකට දීලා මේක ඉන්ටර්නැෂනල් වැඩක් කියලා අදහසක් දෙන්න වුවමනාවක් තිබ්බෙත් නෑ. මට පැහැදිලිවම ඕනෑවුණේ කොලඹරේෂන් එකක් කරන්න.


RFCC 2025 ට මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල වගේ ප්‍රවීණයන්වත් සම්බන්ධ කරගන්න හිතුවේ ඇයි ?


ඇත්තටම මම හරි ආසාවෙන් හිටියා මහේන්ද්‍ර අයියා, සරත් අයියා, චන්න සර් එක්ක වැඩකරන්න. අපි ගිය අවුරුද්දෙත් ආසාවෙන් හිටියා ඔවුන් සමඟ වැඩකරන්න ඕනෑ කියලා. හැබැයි මේ සැරේ අපිට ඒක කරන්න පුළුවන් වුණා. ඒකත් අපිට ඕනෑවුණේ සිනමැටික් ෆීල් එකෙන් පිංතූර කරන්න. අපේ ලංකාවේ ෆිල්ම් හැදුවට සිනමැටික් ෆීල් එකෙන් තියෙන පිංතූර හරි අඩුයි.


මෙදා පාර තරහා වුණ නළු නිළියොත් ඉන්නවාද?


ඕක ඉතිං හැමදාම අඩුවැඩි වශයෙන් වෙනවා. සමහර කට්ටියගේ අප්‍රසාදය පළවුණා. නැත්තේ නැහැ. එහෙම ඒවත් කිහිපයක්ම සිද්ධවුණා. හැබැයි පොදුවේ ගත්තොත් කලාකරුවෝ ලොකු සහයෝගයක් ලබාදෙනවා. කැලැන්ඩරේ මේ සැරේ වැඩ කළේ නැති වුණත් සපෝර්ට් කරපු පිරිසකුත් හිටියා. ඒක මාර වටිනවා.


RFCC 2026 ජාත්‍යන්තරයේදී එළිදක්වන්න සූදානමක් තියෙනවාද?


අපි මේ සැරෙත් සුළු වශයෙන් ඉන්ටර්නැෂනල් රිලීස් එකක් සිද්ධකරනවා. තව ටික දවසකින් මම ඉන්දියාවට යන්න බලාපොරොත්තුවෙනවා. ලබන වසරේ අපි මීට වැඩිය ලොකු කලෙක්ෂන් එකක් හදන්න බලාපොරොත්තුවෙනවා. මට ඕනෑ ලංකාවෙන් එක ආර්ටිස් කෙනෙක් හරි එහේ වැඩ කරන්න පුළුවන් තැනකට සම්බන්ධතාවයක් හදන්න. ඕනෑම පැත්තකින් තවත් රටකට අපිට පුළුවන් නම් සම්බන්ධතාවයක් හදන්න ඒක මාර වටිනවා.


අපේ ක්‍ෂේත්‍රයේ එකමුතුකම නැහැ. තව කෙනෙක්ව ප්‍රමෝට් කරන්න මහන්සිවෙන්නේ නැහැ. මම අවුරුදු අටක් බලාගෙන ඉඳලයි මට මේ අවස්ථාව හම්බවුණේ. මම අවුරුදු අටක් මහන්සි ිවුණා මගේ වැඩ ඉහළට අරගන්න. මොකද මට මුල ඉඳලම ඉලක්කයක් තිබුණා ජාත්‍යන්තරය සමග වැඩකරන්න ඕනෑ කියලා. මට ලංකාවේ විතරක් වැඩකරලා මදි කියලා අදහසක් හැම තිස්සේම මගේ ඔළුවේ තිබුණා. ඒ හින්දා මම මගේ වැරදි හදාගන්න මහන්සි වුණා.


අවුරුදු 13 ක්. ආපස්සට හැරුණම මොකද හිතෙන්නේ ?


ඇත්තටම හුඟාක් සතුටුයි. ඒක හරි අමාරු ගමනක්. මොකද පළමුවැනි ක්ලැන්ඩර් එක ප්‍රින්ට් එකක්වත් තිබ්බේ නැහැ. දෙවැනි එකක් ප්‍රින්ට් කළා. තුන්වැනි එකේ පොඩි ඉවෙන්ට් එකක් තිබ්බා. අඩිය අඩිය තියලා ආපු ගමනක්. අවුරුදු දහයක්ම පිංතූර දොළහ දොළහ තිබ්බේ. දහවැනි අවුරුද්දේ ඉඳලා අපි පිංතූර විසිහතරකට ගියා. දැන් RFCC එක ඇතුලේ සෑහෙන ලොකු චේන්ජ් එකක් වෙලා තියෙනවා කියලත් හිතනවා.


ෂනුද්‍රි ඉන්විටේෂන් එක ඉන්ස්ටර්ග්‍රෑම් එකේ අප්ලෝඩ් කළාට පස්සේ මට කෝල් 800 කට වැඩිය ආවා. මගේ ෆෝන් එක ස්ට්‍රක් වුණා.


RFCC නම හැදුණේ කොහොමද?


RFCC කියන්නේ රැෆෙලා ප්‍රනාන්දු සෙලිබි්‍රටි ක්ලැන්ඩර් කියන එක. නම දිග වැඩි හින්දයි RFCC කියලා කොට කළේ. දැන් හැමෝම RFCC ප්‍රොජෙක්ට් එක කියලයි කතා කරන්නේ. දැන් ඒක ඇත්තටම බ්්‍රෑන්ඩ් නේම් එකක් වෙලා ඉවරයි.


දිනේෂ් විතාන



Previous Post Next Post