කුඩා කල සිටම කලාවට ඇලුම් කළ ඇය.පාසල් වේදිකාව තුළ දක්ෂ නර්තන ශිල්පිනියක් විය.වයස අවුරුදු දහයේදීම ඉන්දීය නර්තන කලාවෙ එන භරත නර්තන කලාව ප්‍රගුණ කර අරන් ගේත්රම් ප්රසංගයක්ද පැවැත්විමටද ඇයට හැකි විය. පාසලේ දැක්වූ දක්ෂතාවයත් සමග 2016 වසරේ කලා ක්ෂේත්රයට ඇයට අවතීරණය වීමට හැකි විය. පාසල් වේදිකාව ටෙලි නාට්‍ය සිනමාව යන ත්‍රිත්වයම අද වනවිට දක්ෂතාවයන් දක්වා හමාරය.පුංචි තිරේ දඟකාර රුවැත්තියක් ලෙස ප්‍රේක්ෂක සිත් සතන් කෙටි කාලයක් තුළ ඇද බැඳ ගත්තාය. මේ දිනවල තිරගතවන බෆලෝ ට්‍රැවල්ස් සමග සිනමා ආගමනය සිදු විය. මේ ඇගේ පළමුව සිනමා දිගහැරුමයි. එහි සතුටද භුක්ති විඳීමින් නාලිකා කිහිපයකම විවිධ චරිත මවන්නියක් බවට අද පත්ව ඇත. ජීවිතයේ මොන බාධක ආවත් කලාවේ නිරත වන බව ඉඳුරාම කියමින් ඇගේ කලා දිවිය හා ඉදිරි අනාගතය ගැන සරසවිය සමඟ කළ කතාබහයි මේ. හේ නමින් ඩ්ලුක්ෂි විරපෙරුමයි.
ආපස්සට හැරිලා බලන විට ඩිලුක්ෂිට මොකද හිතෙන්නේ?
ජීවිතයේ එක එක්කෙනාට ගොඩක් බලාපොරොත්තු තියෙනවා. අපි ඉතින් මොනවා හරි දෙයක් කරන්නනේ මේ ඇවිත් තියෙන්නේ. දැනුම්වත් හෝ නොදැනුම්වත්ව අපි කරන දේ කරනවා. මම හිතන විදිහට ජීවිතේ මේ අර ගෙනයන විදිහට හැමදේම පුළුවන් විදියට කරනවා. ඒ කරපු දේවල් ටිකෙන් සතුටු වෙනවා. ඉස්සරහටත් මේ ක්ෂේත්රයේ හොඳ දේවල් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් ආ ගමන් මඟේ ලැබෙන ප්‍රතිචාර එක්ක මගේ රට ඇතුළේ මම යම් කිසි දෙයක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කරන්න ඇති කියලත් මගේ හිතට එකඟව දැනෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙන්නේ. මගේ ජීවිතේ මම ලොකුවට බලාපොරොත්තු තියාගෙන සතුටු වෙන කෙනෙක් නෙවෙයි. ලැබෙන ඕනෑම දෙයකට මුහුණ දීලා සතුටු වෙන කෙනෙක්. ඒ නිසා තමයි කෙටි කාලයක් තුළ මම ආපු ගමන් මඟ මට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. මේ ආපු ගමන් මගේ හොඳ හා නරක කියන දෙකම ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර තුළින් බාරගන්න කැමැති. අපි අපේ නිර්මාණවල තියෙන අඩුපාඩු උණත් හදාගෙන ඉදිරියට යන ගමනක් මේ තියෙන්නේ. ඒ නිසා ඒ ගමන් මගේ අත්වැල්කරුවන් වන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයි. මේ ආ ගමන් මඟේ පිටුපස සිටි පවුලේ අම්මා තාත්තා ඇතුළු සියලු දෙනාම මට ලබා දුන්න නිදහසත් සමඟ අද මම ඉන්න තැන ගැන මම දිනයක් වෙලා තියෙනවා.
තනියම ගොඩානගා ගත් මේ ක්ෂේත්රය ඔබේ චරිත ගැන මොකද හිතෙන්නේ?
2016 දී රාජ් රණසිංහ මහත්මා නිෂ්පාදනය කළ “ගෝත්‍රා”කියන ෆිල්ම් එකේ මුල්ම සිනමා රංගනයයි. මට මේ බෆලෝ චිත්‍රපටිය ලැබෙන්නේ 2017 වර්ෂයේ දී. චිත්‍රපටයට අවස්ථාව ලැබෙන්නේ සිනමා නිෂ්පාදක රාජ් රණසිංහ මහතා හරහායි.රාජ් රණසිංහ මහත්මා දමිත් ෆොන්සකා මහත්මාට මාව මුණගස්සවලා එහිදී සිදුවුණු කතාබහේදී දයාන් විතාරණ මහත්තයා ෆොටෝ ෂූට් එකක් කරලා ඒ තුළින් දුටු ෆීචර්ස් වලින් මාව මේ චරිතයට සුදුසුයි කියන එකඟතාවයකට පැමිණියා. මගේ මුල්ම කාලයේ මේ වගේ නිර්මාණයකට ප්‍රවීණයන් සමඟ දායක වෙන්න ලැබීම ගැන නිහතමානී සතුටක් මා තුළ තියෙනවා. එදා මට ඒ අවස්ථාව නොලැබුණානම් මගේ ජීවිතයේ සමහරවිට වෙනස් ගමනක් සිදුවෙන්න තිබුණා. ගෝත්‍රා සිනමාපටය මුලින්ම රංගනයේ යෙදුණත් මගේ මුලින්ම රිදී තිරයට එන සිනමා පටය වුණේ ඕභටටචතධ ඊපචමඥතඵ. මගේ මීළඟ සිනමා පටය තමයි අන්ද නිම්දම්,ය
ද්විත්ව චරිත ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
මුලින්ම චරිත දෙක කරගෙන යන විට පොඩි චකිතයක් මගේ හිත ඇතුළේ ඇතිවුණා. ඒත් මට ලොකුම අභියෝගය වුණේ කැමරාව ඉදිරියේ රඟපෑම තමයි. මෙහි රංගනයේ යෙදෙන ප්‍රවීණයන් සමඟ රංගනයේ යෙදෙන විටත් මට පොඩි කුතුහලයකින් රංගනයේ යෙදුණේ, ඒ ඔවුන්ට මගේ තියෙන ගෞරවය නිසයි. මගේ රංගන ජීවිතයේ පළමු අත්දැකීම ලැබුවේ බෆලෝ ට්‍රැවල්ස්. අධ්‍යක්ෂකතුමා වන දම්මිත් ෆෝන්සේකා මහත්මයා මගේ චරිතය හැම විටම මාව මෙහෙයවුවා. ඔහුගෙන් චරිතයට අවතීරණය වීම හා රංගනයේ යෙදෙන්නට ලැබුණු උපදෙස් නිසා වෛද්‍යවරිය සහ ගුරුවරිය කියන චරිත දෙක මට ප්‍රේක්ෂකයාට දනවන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. වසර අටකට පෙර මේ චරිත මම කරන්නේ. අද තිරයෙන් දකින විට කොච්චර හොඳට මේ චරිත දෙක අද ලැබුනා නම් කරන්න තිබුණාද කියලා දැනෙනවා. එක පැත්තකින් බලපුවම මම ක්ෂේත්රයට පිවිසිලා ලබපු හොඳ අත්දැකීමක් ලෙස මෙය මට කවදා හරි කියන්න පුළුවන් තැනක අද මම ඉන්නවා.
ආතර් ගේ සිහින කුමාරිකාව කියලා රංගනයේ යෙදෙන්න වුණාම මොකද හිතුණේ?
බන්දු අන්කල් එක්ක රඟපාන්න තියෙනවා කිව්වම මම හරිම සතුටට පත්වුණා. බෆලෝ ට්‍රැවල්ස්. සිනමා පටය රංගනයට ආපු දවසේ තමයි මම සැබැවින්ම බන්දු අංකල්ව දැක්කේ. ඒ වෙනකම් මම ඔහුව දැකලා තිබුණේ පුංචි තිරයෙන් හා පුළුල් තිරයෙන් පමණයි. ඔහු තරම් ආදරණීය චරිතයක් නැහැ කියලා මුණ ගැහුනට පස්සේ හිතුණා. ඔහුගේ දරුවකුට වගේ මට උපදෙස් දුන්නා. දරුවෙකුට වගේ සැලකුවා. රංගනය කියන පුළුල් වේදිකාවේ ශිල්පියෙකුගේ කාර්යභාරය ඔහුට හෝ ඇය ලැබුණ චරිතයකට අවතීර්ණ වන විට ප්‍රේක්ෂකයා චරිතයට ග්‍රහණය කර ගැනීමට ප්‍රේක්ෂකයා චරිතය තුළම ජීවත් කරවන්නේ කොහොමද කියන එක ඉඩ ලැබෙන හැම මොහොතකම මට කියා දුන්නා. බන්දු අංකල් සමඟ රංගනයේ යෙදෙන විට පොඩි හරි වැරැද්දක් වන විට ඔහු කියාදීම මගේ ජීවිතේට හොඳ පිටුවහලක් වුණා. හරිම සතුටින් මම ඒ චරිතය රංගනයේ යෙදුණේ. ප්‍රවීණයන් ගාව තියෙන මානුෂිය උතුම් ගතිගුණ ක්ෂේත්රය ගැන තියෙන හොඳ අවබෝධය අපේ ජීවිතයට අපි ලබාගත යුතුයි කියලා මේ සිනමාපටය කරන හැම මොහොතකම මම සිතුවා. අද සිනමා ක්ෂේත්‍රයන තුළ ඉන්න ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වෙලා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මාගේ පුතා කියන දම්මිත් ෆොන්සේකා නම් අධ්‍යක්ෂකවරයාගේ ද පළමු සිනමා පටයට සම්බන්ධ වීමද මම ලබපු භාග්‍යයක් වෙනවා. සිනමා පටයේ ආතර් නම් මා ගැන සිහින මවන පෙම්වතා අද සමාජයේද ඕනෑ තරම් ජීවත්වන චරිත අතර ඉන්නවා. එවැනි චරිතයක් බන්දු අන්කල් අවුරුදු හතකට පසු මාත් එක්ක කිරීමත් විශේෂත්වයක් වෙනවා කියලා මම හිතනවා. මේ රඟපාපු චරිතයත් එක්ක බලපුවාම වයස ආදරයට ප්‍රශ්නයක් නොවෙනවා කියලා ආතර්ගේ චරිතයෙන් කියනවා කියලා හිතනවා.
රූපගත කිරීම් එක්ක ලැබුණු අත්දැකීම් මොනාවගේද?
මගේ ජීවිතයේ මම හිතන්නේ නෑ ඒ වගේ අත්දැකීම් මට ආයෙ ලැබෙයි කියලා. සීගිරිය වැනි ලස්සන ප්‍රදේශයක මේ සිනමාපටයේදී ලැබුණු අත්දැකීම් කියල නිම කරන්න බැහැ. ප්‍රවීණයන් සහ ආධුනිකයන් කියන ලේබලයෙන් මිදිල වැඩ කරපු සිනමාපටයක් කියලා මට දැණුනා. මීට අවුරුදු අටකට ඉස්සෙල්ලා කරපු නිර්මාණයක් නිසා ඒ නිර්මාණයේදී මම හරිම චකිතයෙන් වැඩ කළේ කියලා මට දැනුණා. දර්ශන තල කිහිපයකදීම ලැබුණු අත්දැකීම් එක්ක සුන්දර මතකයන් සමඟ නිමවුණු ලස්සන චිත්‍රපටයක් වුණා. දර්ශන තලයේදී කියපු ලස්සන ලස්සන සින්දු අදත් මගේ මතකයේ රැව් පිළිරැව් දෙනවා වගේ දැනෙනවා. ඒ කාලය මගේ වයසත් එක්ක එදා හිටපු සියලු දෙනාම ප්‍රවීණයන් මම ඔවුන්ගේ දුව වගේ බලා ගත්තා. ඒ අත්දැකීම් මතක් කර කර සතුටු වෙන්න පුළුවන් අද.අතීතය වර්තමානයටත් වර්තමානය අනාගතයටත් සලකුණක් ඉතිරි කරා කියලා මට හිතෙනවා. මේ අනාගතයට ඉතිරි කරපු අත්දැකීම්වල මට රසබරම දේ තමයි බන්දු අන්කල් සින්දු කියන විට විණා ඇන්ටිත් එක්ක ඒ සින්දු වලට මම නටපු දවස්. එදා අපි පොඩි පැදුරු සාජ්ජයක් දැම්මා වගේ කියලා දැනුණා අපේ සියලුම කෲ එකත් එක්ක. මම ලබපු ලොකු පිනක් කියලා හිතුණා මේ ක්ෂේත්රයට අවතීර්ණ වෙන්න ලැබීමත්.
මේ වන විට ඔබ ප්‍රේක්ෂකයා වැලඳගෙන හමාරයි නේද?
පුළුල් තිරයට පිය මැන්න ගමනේදීම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මෙහි විශේෂත්වය වන්නේ බන්දු අන්කල්ගේ වසර හතකට පසු ප්‍රේක්ෂකයා වැලඳ ගන්න සිනමා පටය නිසා හොඳම ප්‍රතිචාර ලැබෙනවා. මගේ ජීවිතයේ මම හරිම ආසාවෙන් මේ සිනමා පටය රිදී තිරයට එනකම් බලාගෙන හිටියේ. සිනමා පටය 2017 කරලා අවුරුද්දකින් විතර රිලීස් වුණා නම් මගේ සිනමා රංගනයට තවත් සිනමාපට එකතුවෙන්න තිබුණා. ටෙලි නාට්‍යවලින් මගේ රංගනය දැකලා සිනමාවෙන් මගේ රංගනය දකින විට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි. අද ප්‍රේක්ෂකයා සිනමා ශාලාවලට ඇදීගෙන එන කාලවකවානුවක buffalo travel සිනමා පටය රිදී තිරයට ආපු එක හොඳ කාල පරිච්ඡේදයක් කියලා කියන්න පුළුවන්.
පාසල් කාලයේ ඔබේ ගමන යන්න අඩාල වුණා නේද ?
මගේ පාසල වෙන්නේ කොළඹ විශාඛා විද්‍යාලයයි. පාසල් කාලයේදී මම නර්තනයට හරිම දක්ෂ ශිෂ්‍යාවක් වුණා. වයස 10 දි භරත නර්තන කලාව හොඳින් හදාරලා කල එළි මංගල්‍යද දක්වා ගෙන. “අරන්ගේත්‍රම්,” ප්රසංගයද පැවැත්තුවා. හය වසරේ සිටයි මම වේදිකාවට අවතීර්ණ වන්නේ. පාසලේදී ආසම තැන වේදිකාව බවට පත්වුණා. මේ හැකියාවන් වේදිකාව තුළ මම එදා කළත් එදා පාසල් කාලයේදී කරන නිර්මාණවලට දක්ෂයාට ඉඩ නොදී අදක්ෂයාට ඉඩ සලසන විට දැනුණ දේත් එක්ක එයට මුල් වුණු සියලු දෙනාටම අද මගේ ගමන ගැන කතා කරන්න අවස්ථාවක් මම ඔවුන්ට සැලසුවා කියලත් මට හිතෙනවා. ඒකෙන් මම ඉගෙන ගත්තේ එකම දේ තමයි දක්ෂයාට කොතැන ගියත් දක්ෂතාවයට ඉඩ තියෙනවා කියන එක විතරයි. අදක්ෂයා දක්ෂයා හමුවේ පරාජය වෙනවා මුහුණ දෙන්න බැරුව. ඒ ඔහුට රැකවරණය සපයන සියලු දෙනාම මිදුණාම ඔහු තනිවෙන නිසාය. මම හැමදාම මගේ දක්ෂතාවයන් තුළින් ගමන යන්නේ ඒ නිසා මම කාටවත් බය වෙන්න හේතුවක් නැහැ.
වේදිකාව සහ ටෙලි නාට්‍යය,සිනමාවට ලැබෙන අවස්ථාව කොහොමද?
මේ වන විට සිනමා මට කිහිපයකටම කතා කරලා තියෙනවා. ඒ කතා කරපු සිනමාපට අතරින් හොඳ තිර පිටපත් බලලා ප්‍රේක්ෂකයාට යමක් දැනෙන්න කරන්න පුළුවන් චරිත තියෙන පිටපත් වලට අවතීරණ වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වන විට මම ටෙලි නාට්‍යය තිස්පහකට වැඩි සංඛ්‍යාවක රංගනයේ යෙදිලා තියෙනවා. ඒ රඟපාපු හැම චරිතයක්ම දෙවන ප්‍රධාන පෙළේ චරිත වෙනවා. ප්‍රධාන චරිත නොලැබුණත් ඒ හැම චරිතයකටම මම සාධාරණයක් ඉෂ්ටකළා කියලා හිතෙනවා. ප්‍රධාන චරිතවලට වැඩිය දෙවන ප්‍රධාන පෙළේ චරිත තුළින් ප්‍රේක්ෂකයා මාව වැලඳ ගත්තා. මේ දිනවල ස්වාධීන නාලිකාවේ මාෂි නමින් චරිතයක්ද, දෙරණ නාලිකාවේ බේකරි ගෙදර නාට්‍යයේ සේපාලිකාගේ චරිතයද ප්‍රේක්ෂකයා මාව වැලඳගෙන සිටින්නේ. ඒ වගේම තමයි වේදිකාවටත් මට කිහිප විටක් මා ආරාධනා ලැබුණා. මට ලැබිලා තියෙන වැඩත් එක්ක වැඩි කාලයක් වේදිකාවට ගත කරන්න බැරි නිසා ටික කාලයක් ඉවසගෙන ඉන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ භාරගත්ත වැඩ ඉවර වෙලා වේදිකාවේ චරිතයකට මම හරි කැමැත්තෙන් පසුවෙන්නේ. මගේ පරම්පරාවේ ගොඩ දෙනෙක් වේදිකාවේ ජීවත් වෙන්නේ. රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට වේදිකාව අත්‍යවශ්‍ය රඟමඩලක් වෙනවා. ඒ නිසා ඒ රඟමඩලේ රඟන නිළියක් වෙන්න මම හීන දකිනවා.
කලා ක්ෂේත්රයට අවතීර්ණවන ගොඩක් යෞවනියන් ක්ෂේත්රය අතහැර යනවානේද ?
මගේ ජිවිතයේ මම කලා ක්ෂේත්රයට අවතීර්ණ වුණේ දාලා යන්න නෙවේ.මම ගොඩක් ආසා කරන්නේ ශ්‍රී දේවී වගේ නිළියක් වෙන්නයි. ක්ෂේත්රය තුළ චරිතාංග නිළියක් බවට පත්වීමයි. රංගන ශිල්පිනියක් වුණාම වයසට ගියත් රංගනයේ නිරත විය යුතුයි. ඒකත් මගේ එක්තරා හීනයක්වෙනවා.රංගන ශිල්පිනියක් කියන්නේ ජීවිතයෙන් සමුගන්නකම් රංගනයේ යෙදීමයි. ඒ ඒ කාල පරාස තුළදී නිර්මාණවලට ඇගේ චරිතය නිරූපණය කළ යුතුයි. එවිට ඇය අත්දැකීම් බහුල ශිල්පිනියක් වී හමාරයි. මා දන්නා හැටියට දැනට ලංකාවේ සිටින අයිරාංගනි සේරසිංහ මහත්මිය තමයි එවැනි ශිල්පිනියක් හැටියට කියන්න පුළුවන්. ලස්සන නිර්මාණ තුළ ජීවත් වෙමින් ප්‍රේක්ෂකයාගේ සිත්සතන් සතුටින් පිරවීම තරම් රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට සතුටක් නැති තරම්. මේ ආපු ගමනේදී මම කිසිවිටෙකත් ක්ෂේත්රයට සම්බන්ධ කිසිදු පාඨමාලාවක් හදාරලා නැහැ. පාසල් ජීවිතයේ ලබපු අත්දැකීම් සහ ක්ෂේත්රය තුළින් ලබපු ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධය තමා මේ ගමනට මට උදව් වෙන්නේ. මගේ ගුරුවරුන් වෙන්නේ ක්ෂේත්රයේ ප්‍රවීණයන් වීම විශේෂත්වයක්. අද ලෝකේ දියුණු තාක්ෂණයත් සමඟ අපේ ක්ෂේත්රයේ තියෙන දේවල් ඉගෙනගන්න ලේසි වෙනවා. ඒ දේවල් මම හොඳීන් පරිශීලනය කරනවා හා අධ්‍යයන කටයුතු වන නිරත වෙනවා. තමන් ආසා කරනම දේ තමන්ගේ කරගත්තාම කිසි කෙනෙකු එයින් මිදෙන්නේ නැහැ.
රංගන ශිල්පිනියක් කියන්නේ ඕනෑම චරිතයක් කිරීමේ හැකියාවක් තියෙනවා නේද?
වෘත්තිය මට්ටමේ ඕනෑම කෙනෙකු තමන් නිරත වන ක්ෂේත්රයේ ප්‍රවීණයෝ වෙන්න නම් ඔහු ඒ පිළිබඳ හසළ දැනුමක් තිබිය යුතුය. ඒ නිසා මාත් එන ඕනෑම චරිතයක් අභියෝගාත්මකව බාර ගන්නත් කැමතියි. චරිතාංග ශිල්පිනියක් වෙනවා කියන්නේ ඕනෑම චරිතයක් කිරීමේ හැකියාව තිබිය යුතුයි. මම වඩාත් මා අසා කරන්නේ සම්භාව්‍ය මට්ටමේ චරිතාංග නිළියක් වීමටයි. ඉදිරියේදී හොඳ චරිත කිහිපයක්ම ප්‍රේක්ෂකයා හමුවේ ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ටෙලි නාට්‍යය මිනි සීරිස් එකක් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අද ප්‍රේක්ෂකයා හිරවෙලා ඉන්න තැනින් මිදිලා අලුත් පිටුවක් පෙරළන්න ඕන. ඒ නිසා ශිල්පීන් ද ඒකට අලුත් පිටුවක් පෙරලිය යුතුයි. අපි විවෘතව කතා කළොත් විවෘතව දැක්කොත් ඕනෑම දෙයක් එතන ප්‍රශ්නයක් නැහැ. එය විවෘත සංවාදයකට භාජනය වෙනවා පමණයි. ඒ විවෘත සංවාදයටයි අපි නිර්මාණ තිබිය යුත්තේ.
කළ නිර්මාණත් එක්ක ඇගැයීමකට ලක්වුණේ නැහැ නේද?
සුමතිටෙලි සම්මාන උළෙලේදි නොමිනේට වුණා.සම්මාන උළෙලවල් වලට සුදුසු චරිත මම කළේ නැති නිසාවෙන් ඇති මම ඇගැයීමකටවත් ලක් නොවුණේ. දෙවන ප්‍රධාන පෙළ චරිත නිරූපණය කළත් ජූරිය අපේක්ෂා කරන මට්ටමේ චරිතයක් එතන තියෙන්නෙ නැතුව ඇති. මට අවශ්‍යය කවදා හරි හොඳ නිළියක් සහ දක්ෂ නිළියක් වෙන අරමුණක් පමණයි.මට එකපාරට බැලුමක් වගේ පිම්බෙන්නවත් පිපෙරෙන්නවත් අවශ්‍ය නෑ. බාධක කම්කටොලු මැඩගෙන හිමින් ගමනක් යාම තමයි මගේ අරමුණ වෙන්නේ. ඒ හෙමින් යන ගමනේදී අන්තර්ජාතික මට්ටමේ සම්මානයක් සහිතව නම කියවෙනවා දකින්න දාට තමයි ඕනෑම ශිල්පියකුට හෝ ශිල්පිනියකට සතුට ඉතිරෙන්නේ. ඒ ගමන යන්න නම් පඩි පෙළ හිමීට නඟින්න ඕන.
යෞවනියක් වන ඔබට ආදරයක් දැනිලාම නැද්ද?
යෞවනියක් ආදරේ කරලා නෑ කිව්වොත් ඒක බොරුවක් වෙනවා.මම ආදරේ හොඳට කරලා තියෙනවා. ඒත් මම තාම පෙම්වතියක් නෙවෙයි. මාව සතුටින් තියන්න පුළුවන් මාව ආරක්ෂා කරන්න පුළුවන්. ජීවිතයේ තේරුම් ගන්න පුළුවන් හරි කෙනෙකු ලැබෙනකම් මම තවම ඉවසනවා. විවාහය කියන්නේ විවාහ වෙලා දාලා යන දෙයක් නොවේ. විවාහය කියන්නේ ජීවිතයේ අවසාන මොහොත වෙනකන් එකට ජීවත්වීමයි කියලා මම දකින්නේ.බැඳීම බැඳීමක් වෙනවනම්, ආදරය ආදරයක් වෙනවනම්, ඒකයි සැබෑ ආදරේ කියලා මම දකින්නේ.
ප්‍රේක්ෂක ආදරය ගැන දැනෙන්නේ මොකක්ද?
මගේ ජීවිතයේ ඒක තමයි ආදරේ කියන්නේ කියලා ඒ මම හිතන්නේ. අද ක්ෂේත්රයේ මාව ඔසවා තබන්නේ ඒ ප්‍රේක්ෂක ආදරේ නිසයි. ජීවිතයේ මොන ප්‍රශ්න ආවත් එක මොහොතක හරි ජීවිතයේ අවුල් වුණ වෙලාවක ප්‍රේක්ෂකයෙකුගෙන් ලැබෙන ප්‍රතිචාරය ඇති මට ජීවිතේ විඳින්න. මම හැම මොහොතකම හිතන්නේ මට නොපෙනෙන බලවේග මාව ආදරයෙන් පුරවනවා ඇති කියලයි. මගේ කටේ සැරට මාවදාලා යන පිරිසට වැඩිය මට ළංවෙන පිරිස වැඩියි කියලයි මට හිතෙන්නේ. ඒ මම ඕනෑම කෙනෙකුට විවෘතව කියන නිසයි. සැබෑ ලෝකයේ විවෘත වුණ තරමට ඔහුට හෝ ඇයට ආදරය කරන පිරිස වැඩියි. ප්‍රශ්න අඩුයි. ක්ෂේත්රයට පිවිසෙන නවකයන්ට නොයෙකුත් බලපෑම් එල්ල වුණත් ප්‍රශ්න මතු වුණත් අද වනකම් මට එවැනි ගැටලු මතුවෙලා නැහැ.හිස් අවකාශයක ජීවත්වනවාට වැඩිය පිරිච්ච අවකාශයක ජීවත්වීම වටිනවා කියලයි මම හිතෙන්නේ.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ?
ගෙදරින් මට හොඳ සහයෝගයක් ලැබෙනවා මේ ගමනට, අම්මා තාත්තා ඇතුලු සියලු දෙනාගෙන්ම, අම්මාගෙන් ලැබෙන සහයෝගය කියල නිම කරන්න බෑ මගේ ගමනට, ඔවුන් මගේ පිටුපස සිටියේ නැත්නම් අද මට මෙච්චර දුරක් එන්න බැරිවෙනවා. මගේ පවුලේ කිසිදු කෙනෙක් ක්ෂේත්රයට සම්බන්ධ වෙලා නැහැ. මගේ ගමන මම තනියම මේ ඇවිත් තියෙන්නේ. ඒ නිසා නැවතත් ආපස්සට හැරිලා බලන විට ඉදිරිය දකින විට අනාගතයේ මාව කලාවෙන් ජීවත් කරනවා කියලයි මට දැනෙන්නේ.