මේ දිනවල විකාශය වන මායාවි ටෙලි නාට්‍යයේ ‘නිලූ’ගේ චරිතය හරහා රසිකයා අතරට පැමිණෙන ඇය ක්ෂේත්රයේ දක්ෂ රංගන ශිල්පිනියක්. එදා මෙදා තුර රසික හදවත් තුළ ලැගුම් ගත් රංගන ශිල්පිනි ශිරෝෂි රොමේෂිකා කතා බහට එක් වුණේ මෙලෙසින්.
මේ දිනවල අලුත් වැඩකටයුතු ගැන කතා කරමු?
මේ දවස්වල වැඩකටයුතු ගැන කියනව නම් ටෙලි නාට්‍ය දෙකක රූපගත කිරීම් කරනවා. එක ටෙලි නාට්‍යක කොටස් කිහිපයක් කරලා නාළිකාවට දෙන්න බලාපොරොත්තුවෙන් තිබෙනවා. ඉන් එක් ටෙලි නාට්‍යයක් නාළිකාවකට දීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ අතරතුර මේ දිනවල විකාශය වන මායාවී ටෙලි නාට්‍යයේ රඟපෑම් එක්ක කාලය ගෙවනවා. ඇත්තටම මායාවී ටෙලි නාට්‍යය බොහෝ දෙනෙක් ආදරයෙන් වැලඳගෙන තිබෙන ටෙලි නාට්‍යයක්. මහේෂ් රත්සර අයියාගේ තිර රචනය සඳුන් රාජකරුණා මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන්, කණ්ඩායමේ සියලු දෙනාගේම සහයෝගයෙන් ටෙලි නාට්‍ය සාර්ථක වෙලා තිබෙනවා.
ඔබ දකින ආකාරයට කලා ක්ෂේත්රය තුළ කලාකරුවාගේ භූමිකාව සකස් විය යුත්තේ කෙසේද?
කලාව කියන දේ ඇඟේ තියෙන්න ඕනෑ දෙයක්. කලාව කියන දේ බලෙන් ඇඟට ඇතුළු කරන්න බැහැ. ඒ කියන්නේ චිත්‍ර ශිල්පියෙක් ගත්විට ඔහුට උත්පත්තියේ පටන්ම චිත්‍ර ඇඳීමේ හැකියාව ඇඟ ඇතුළෙ තිබෙනවා. නර්තනය කරන අයකුටත් ඒ හැකියාව උත්පත්තියේ පටන්ම ඇඟ ඇතුළෙ තිබෙනවා. මම කුඩා කාලයේ සිටම නර්තනය හදාරනවා. මට නර්තනය හදාරන්න තිබූ ආශාව සහ මගේ ඇඟේ ඇතුළෙ තිබූ හැකියාව දුටු නිසා තමයි අපේ අම්මයි තාත්තයි මාව නර්තනයට යොමු කළේ. ඒ වගේම තමයි රඟපානවා කියන එකත් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් යම්කෙනෙක් රඟපාන්න ගොඩක්ම කැමැත්තෙන් ඉන්නව නම් වර්ක්ශොප් වගේ දේවල්වලට ගිහින් ඉගෙන ගන්න පුළුවන්. රඟපාන්න එනව නම් ඒ වගේ දේවල්වලට ගිහින් අධ්‍යයනය කරලා තමයි එන්න ඕනෑ. එහෙම නැති වුණොත් රඟපෑම සඳහා එකතු වන කණ්ඩායමේ අනෙක් අය අපහසුතාවට පත්වෙනවා. සාමාන්‍යයෙන් අපටත් සමහර වෙලාවට දෙබස් අමතක වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද සෑම දෙයක්ම මතක තියාගෙන ඉන්න අපි කම්පියුටර්ස් නෙවෙයිනේ. මම නම් කියන්නේ අනෙක් අයව අපහසුතාවට පත් නොකර තමන්ට රංගන හැකියාව තිබෙනවා කියලා දෙයක් ඔප්පු කරගන්න පුළුවන් නම් මේ ක්ෂේත්රයට ඇවිල්ලා අපේ මේ රට වෙනුවෙන් කලාව වෙනුවෙන් දෙයක් කරන්න ඕනෑ. එහෙම නැතිව මම රඟපෑම කරන්නේ විනෝදාංශයක් විධියට වගේ දේවල් කියලා රඟපාන්න එන්න එපා. මොකද රඟපෑම තුළ ගොඩක් කැපවීම් කරන්න ඕනෑ සහ මහන්සි වෙන්න ඕනෑ. ඒ කැප කිරීම කරන්න පුළුවන් නම් පමණක් කලාව ඇතුළට එන්න කියලා තමයි මම නම් කියන්නේ. කලා ක්ෂේත්රය කියන්නේ මොළෙන් යන්න ඕනෑ ගමනක්.
කලෙකදී ඔබ සිනමාව තුළ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුකාලීනව සිනමාව මඟ හැරුණාද?
ඇත්තටම මම කැමැති සිනමාවට තමයි. මොකද මට රඟපාන්න ලැබුණේ එකම චිත්‍රපටයක පමණයි. ඩාන්සින්ග් ස්ටාර් මූවි එක කරන්න කලින් මට චිත්‍රපට සඳහා ආරාධනා ලැබිලා තිබුණා. නමුත් යම් යම් හේතු මත මම ඒ චිත්‍රපටවලට ගියේ නැහැ. මගේ වෙලාවෙ හොඳකම වෙන්න ඇති මට ඩාන්සින්ග් ස්ටාර් මූවි එකේ ප්‍රධාන චරිතය ලැබුණේ. එම චිත්‍රපටයෙන් පස්සේ මගේ පෞද්ගලික හේතුවක් මත මට දිගටම වැඩ කරන්න එන්න ලැබුණේ නැහැ. එය මට ලොකු අවාසියක් වුණා. මොකද මේ කලා ක්ෂේත්රය තුළ මට වැඩක් කරන්න තිබුණු කාලය මම අපතේ යවා ගත්තා. ළඟදී මම චිත්‍රපටයක පොලිස් කාන්තාවගේ චරිතයක් කළා. නමුත් එම චරිතය ප්‍රභල චරිතයක් නෙවෙයි. මං බලාපොරොත්තු වෙනවා මට හොඳ සිනමා නිර්මාණයකට අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තුව ඇතිව ඉන්නවා.
කලාකරුවකු තාවකාලිකව කලා ක්ෂේත්රයෙන් ඉවත්වීම ඔවුන්ගේ කලා දිවියට අවාසිදායක වෙනවා නේද?
ඇත්තටම මම අවුරුදු කිහිපයක් වැඩ කළේ නැහැ. ඩාන්සින්ග් ස්ටාර් මූවි එකෙන් පස්සේ අතරින් පතර ටෙලි නාට්‍ය කිහිපයක් කළත් ගොඩක්ම වැඩ කරන්න ලැබුණෙ නැහැ. එය ඇත්තටම අවාසියක්.
චරිත විවිධාංගීකරණය කලාකරුවකුගේ පැවැත්මට කොතරම් ඉවහල් වනවාද?
ඕනෑම කලාකරුවෙක් විවිධ චරිත කරන්න කැමැතියි. එකම චරිතවලට කොටුවෙලා ඉන්න කැමැති නැහැ. අපේ රටේ වෙලා තිබෙන්නේ, මම දුෂ්ට චරිතයක් හෝ අහිංසක චරිතයක් කළොත් දිගටම ලැබෙන්නෙ එවැනි චරිත. ඒ වගේ එක චරිතයකට පමණක් කොටුවෙන ස්වභාවයක් මේ ක්ෂේත්රය ඇතුළේ තිබෙනවා. චරිතාංග නළුවෙක් හෝ නිළියක් වෙන්න නම් විවිධ චරිත තුළට යන්න ඕනෑ. පෞද්ගලිකව මම විවිධ චරිත කරන්න කැමැතියි. ඒ කියන්නේ මගේ රූපය පවා වෙනස් වන විධියෙ චරිතයක් කරන්න මම ගොඩක් කැමැතියි. සිනමා පටයක් වෙනුවෙන් මම මගේ කොණ්ඩෙ වුණත් කපන්න සූදානම්. මම කියන්නේ නළුවකුට නිළියකට විවිධ චරිත දෙන්න ඕනෑ.
ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වීමත් සමඟ ඒ වගකීම ඔබට දැනෙන්නේ කෙසේද?
නළුවෙක් හෝ නිළියක් වේවා අපි ජීවත් වෙන විධියක් තිබෙනවා. නළුවෙක් හෝ නිළියක් කියන දේ නඩත්තු කරන කිහිපදෙනෙක් ඉන්නවා. මම නම් සාමාන්‍යයෙන් පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. මම ළඟ බොරු ආටෝප නැහැ. ඇත්තටම අපේ ජීවිතේ නඩත්තු කරන්න ඕනේ සමහර තැන් තිබෙනවා. ඕනෑම කෙනෙක්ට තමන් ජීවත් වෙන විධිය පෙන්නන්න ඕනේ නම් ඒක ඒ කෙනාගේ කැමැත්ත. යම් යම් දේවල් සඟවාගෙන ජීවත් වෙනවා නම් ඒක ඒ අයගේ කැමැත්ත.
ශිරෝෂි ජීවිතයට එන අභියෝගවලට මුහුණදෙන්නේ කොහොමද?
කාන්තාවක් කියන්නෙම අභියෝගයක්. එක අභියෝගයක් අවසන් වන විට තව අභියෝගයක් එනවා. ඉපදුණු දවසේ සිටම ජීවත් වෙනවා කියන්නේ අභියෝගයක්.
අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තිබෙනවද?
ඉදිරි බලාපොරොත්තු ගැන කියනවා නම් හොඳ අධ්යක්ෂවරයකුගේ හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න මට ලොකු ආශාවක් තිබෙනවා. කිසිම කෙනෙක්ට වදයක් නොවී, කරදරයක් නොවී මගෙ වැඩ ටික පාඩුවේ කරගෙන ඉන්නවා. ඒවගේම මගේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මාත් සමඟ හිටියා වගේම ඉදිරියටත් ඉන්න කියල. මොකද මම වැඩ කළේ නැහැ කියලා ඔවුන්ට මාව අමතක වෙලා නැහැ. ඒක මට දැනෙනවා. ඒ නිසා මට සතුටක් තිබෙනවා. ඔවුන්ගේ ආදරය නිසා තමයි කලාකරුවන් කියන අය ක්ෂේත්රය තුළ රැඳෙන්නේ. ඒ නිසා මම ඔවුන්ට ගරු කරනවා සහ මම ප්‍රේක්ෂකයන්ට ගොඩක් ආදරෙයි.
නයෝමි ෂර්මිලා