සම්මාන පිට සම්මාන දිනන මිෂෙල් කියපු කතාව



Calin Popular Awards (කැලීන් පොපියුලර් අවෝඩ්ස්)හි වසරේ ජනප්‍රියම තාරුණ්‍යයේ ටෙලිනාට්‍ය නිළිය සම්මානය මෙවර හිමිකරගත් ඇය, රසික හදෙහි නොමැකෙන මතක ගෙත්තම් කළ අති දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. “ලලයි ලිලයි ලයි” හි මිලාගේ චරිතය වර්ණවත් කළ ඇයගේ දක්ෂ රංගන විලාසයන් වගේම සුන්දර සිනහවත් ප්‍රේක්ෂක නෙතගට එක් කරන්නේ නැවුම් ආලෝකයක්. මෙවර හදගැස්මට මේ සො¾දුරු කතාබහ එක් කළ ඇය නමින් “මිෂෙල් දිල්හාරා” පසුගිය දිනකදී පොපියුලර් අවෝඩ්ස්හි වසරේ ජනප්‍රියම තාරුණ්‍යයේ ටෙලි නාට්‍යය නිළියට හිමි සම්මානය ඔබට හිමි වෙද්දී දැනුණු හැඟීම විස්තර කරමු?


මට ගොඩාක් සතුටුයි. 2024 කැලීන් පොපියුලර් අවෝඩ්ස් සම්මාන උළෙල සංවිධානය කළ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. අපි හැමෝම වෙනුවෙන් ඒ වගේ ලස්සන සම්මාන උළෙලක් පැවැත්වීම සම්බන්ධයෙන්. ඒ වගේම විනිශ්චය මණ්ඩලයටත් මට මනාපය පළ කළ හැමෝටමත් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ ඩ්‍රාමා එක වෙනුවෙන් පෝස්ට් ෂෙයාර් කරපු හැමෝටමත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ ලලයි ලිලයි ලයි හි අධ්‍යක්ෂ සුපුන් රත්නායක මහතාට මට මිලාගේ චරිතය ලබා දුන්නට. ඒ වගේම ස්වර්ණවාහිනි නාලිකාවටත් මම ස්තූතිවන්ත වෙනවා. මට මේ සම්මානය ලැබුණේ ඒ හැමෝම නිසා. මේ තමයි මගේ පළමුවැනි ජනප්‍රිය සම්මානය.


“Adhiran” ඔබ රංගන දායකත්වය ලබාදුන් පළමු දමිළ චිත්‍රපටය නේද? ඒ ගැන කතා කරමු.


“Adhiran” චිත්‍රපටයේ රූගත කිරීම් මාස දෙක තුනකට කලින් තමයි ආරම්භ කළේ. මස්කෙළියේ තමයි ෆිල්ම් එක ෂූට් කළේ. ෆිල්ම් එක ඩිරෙක්ට් කළේ තිනේෂ් කණගරාජ් සර්. මාත් සමඟ අනිත් ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දයක වුණේ සුදර්ශන් රවින්ද්‍රන්. මට දමිළ චිත්‍රපටයකට දායක වෙන්න ආරාධනා කළාම ගොඩක් සතුටු හිතුණා. මොකද Adhiran කියන්නෙ මගේ පළමුවැනි දමිළ සිනමාපටය. නමුත් මට ලොකු අභියෝගයක් ෆිල්ම් එක


තුළම තිබුණා. ඒ තමයි එහි භාෂාව. ඒ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම දමිළ භාෂාවෙන් කළ ෆිල්ම් එකක්. ඉතින් මට ඒ භාෂාව සම්බන්ධ අභියෝගය ජය ගන්න ඒ හැමෝම ලොකු සහයෝගයක් දුන්නා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඒ විධියටම ෂූට් එක පටන් ගන්න කලින් සති දෙකක් විතර අපි ඩයලොග්ස් ප්‍රැක්ටිස් කරලා ගොඩක් සූදානම් වුණා. ඒක ලස්සනට ඉවර කරන්නත් ඒ හැමෝගෙම ලොකු සපෝර්ට් එකක් ෂූට් එක තුළදි මට හම්බවුණා.


දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගොඩක් එහි හිටියා. පෝස්ටර් රිලීස් එක පහුගිය දවස්වල සිදු වුණා. ෆිල්ම් එක ඉක්මනටම රිලීස් වෙයි. මමත් ෆිල්ම් එක රිලීස් වන දවස බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතින් ටැමිල් ඉන්ඩස්ටි්‍ර එකත් එක්ක මට වැඩකටයුතු කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.


ප්‍රථම වරට දමිළ සිනමාපටයකට රංගන දායකත්වය ලබාදීමේදී ඔබට දැනුණු වෙනස ගැන කතා කරමු?


මම හිතන්නේ හැම ඉන්ඩස්ටි්‍ර එකක්ම එකිනෙකට ආවේණික විධියකට තමයි වැඩකටයුතු කරන්නේ. මේ හැම ඉන්ඩස්ටි්‍ර එකක්ම හරිම පවර්ෆුල්. මගේ පළමු දමිළ චිත්‍රපටයේ පෝස්ටර් රිලීස් එක වගේම මගේ පළමු සිංහල චිත්‍රපටයේ ටේලර් රිලීස් එකත් තිබ්බා. ෆිල්ම් දෙකේම ටේලර් ලෝන්ච් එකයි පෝස්ටර් රිලීස් එකයි එකම කාලයක් ඇතුළත වුණු එක ගැන මට ගොඩක් සතුටුයි. ඉන්ඩස්ටි්‍ර දෙකෙන්ම ලැබුණු අත්දැකීම් ගැන හරිම සතුටුයි. දෙකෙන්ම එක හා සමාන සපෝර්ට් එකක් මට ලැබුණා සහ එය මට අලුත් අත්දැකීමක්. ඉන්ඩස්ටි්‍ර දෙකෙන්ම ඒ අත්දැකීම් ලැබීම ගැන සතුටුයි.


ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක් වගේම තවත් ක්ෂේත්‍ර ගණනාවකින් ඉදිරියෙන් සිටින තරුණියක්. කාල කළමනාකරණය කරගන්නේ කෙසේද?


මම හිතන්නේ කාල කළමනාකරණය කියන දේ තමයි අපේ ජීවිතයට ගොඩක්ම අවශ්‍ය වෙන්නේ. කාලය කියන්නේ බලන් ඉද්දී ඉක්මනින්ම ගෙවී යන දෙයක්. නමුත් අපිට දවසකට තිබෙන මේ පැය විසිහතර අපේ ප්‍රයෝරිටීස් අනුව ලස්සනට බෙදාගෙන වැඩ ටික කළොත් අපිට කාලය ඕන තරම් තිබෙනවා. අපිට දෙයක් කරන්න පුළුවන් කාලයේදී අපි ඒ දේවල් කරන්න උත්සාහ කරන්න ඕනෑ මොකද අපිට බැරි කාලවල් අනිවාර්යයෙන් එනවා. අපි යන්නේ කෙළින් ඉරක නෙවෙයි. මේක අපි බාධක, හැලහැප්පීම් එක්ක යන ගමනක්. අපිට පුළුවන් කාලයේදී කාල කළමනාකරණය කරගෙන වැඩකටයුතු ටික කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කාලය ලස්සනට බෙදාගෙන වැඩ ටික කළොත් ඒක කරන්න පුළුවන්.


ඔබ රටක් ලෝකයක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ රසික ආදරය දැනෙන්නේ කොහොමද?


වෘත්තීයමය රංගන ශිල්පිනියක් කියන්නේ ජීවිතයේ මහන්සි වෙන්න ඕනේ, නිදි මරන්න ඕනේ, තමන්ගේ පෞද්ගලික කාලය ගොඩක් වෙලාවට කැප කරන්න ඕන වෘත්තියක්. ඉතින් ඒ කියන කැපකිරීම කළාට පස්සේ ඒ ගැන අදහස් සහ යෝජනා අපිට ලැබෙන්නේ අපිට මුණගැහෙන ආදරණීය යහළුවන්ගෙන් සහ ම½ගතොටදී අපිට හමුවන අයගෙන්. ඒ වගේ තැන්වලදී මට හමුවන අයගෙන්, යහළුවන්ගෙන් මට ලැබෙන ආදරය මට ගොඩක් වටිනවා. වෘත්තීයමය ජීවිතේ තියෙන සම්පූර්ණ මහන්සිය, විඩාව, මේ හැමදෙයක්ම ඒ ආදරය ලැබීම තුළින් නැති වෙනවා. විශේෂයෙන්ම සෝෂල් මීඩියා හරහා ලැබෙන ආදරය, මගේ පෝස්ට් ෂෙයාර් කරලා කමෙන්ට් කරලා ලබා දෙන සහයෝගය මට ලොකු දිරිගැන්වීමක්. මගේ ක්ෂේත්‍රය තුළ ඉස්සරහට යන්න ඒ ආදරය ගොඩක් වටිනවා.


විලාසිතා රැලි පස්සෙ නොයන්නත් නිතරම සරල චාම් විලාසිතා අනුගමනය කරන්නත් විශේෂ හේතුවක් තිබෙනවාද?


ෆැෂන් කියන්නේ හැම කෙනකුම කරන්න ආස දෙයක්. අපි හැම කෙනෙක්ටම එකිනෙකාට ආවේණික වූ තෝරා ගැනීම් තිබෙනවා සහ ප්‍රතිපත්ති තිබෙනවා. ගැහැනු ළමයෙක් විධියට ෆැෂන් කරන්නත් අවශ්‍යයි. එහෙම වුණත් අපි අපිට නොගැළපෙන දෙයක් තිබුණොත් ඒ දේ තේරුම් අරගෙන ගැළපෙන විධියට ඒ දේවල් හදාගෙන යන්න උත්සාහ කරනවා. හැම කෙනකුටම තමන්ට ආවේණික විදිහට අඳින පලඳින කැමැති විධියක් තිබෙනවා. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මට පහසු විධියට, ගැළපෙන විධියට ඒ දේවල් කරගෙන යන්න.


රංගන කුසලතාව වැඩිදියුණු කරගන්න ඔබ අනුගමනය කරන විශේෂ ක්‍රම තිබෙනවා ද?


මම ගොඩක් වේලාවට උත්සාහ කරනවා මට සමාජය තුළ හමුවන පුද්ගලයන්ගේ ෆේශල් එක්ස්ප්‍රශන්ස් සහ මෛක්‍රෝ එක්ස්ප්‍රශන්ස් අධ්‍යයනය කරන්න. ඒ හමුවන අයගේ තිබෙන විශේෂිත කතා කරන විලාසයන්, ගුණාංගයන් කතා කරනකොට වෙනස් වෙන මූණේ ඉරියව්, අංගචලන ගොඩක් වේලාවට මතකයේ තබාගන්න මම උත්සාහ කරනවා. ළඟක ඉ½දන් මම ඒ දේවල්වල පොඩි පුස්තකාලයක් හදාගෙන යනවා. විශේෂයෙන් මම බලන ෆිල්ම්ස්වල සහ ටීවී සීරීස්වල එක එක කැරක්ටර්ස් නිරූපණය කරන රංගන ශිල්පීන්ගේ තිබෙන සුවිශේෂ මුහුණේ හැඟීම් සහ ඉරියව් මම යම්කිසි කැරක්ටර් එකක් නිර්මාණයේදී අවශ්‍ය වුණොත් ගන්න තියාගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට අපිට ලැබෙන චරිත, ඒ නාට්‍ය හෝ ෆිල්ම් එක බලන පුද්ගලයාගේ හිතේ රඳා පවත්වා ගන්න අවශ්‍ය කරන ගුණාංග ස්ක්‍රිප්ට් එක කියවනකොට ඒ වගේ ඩේටා බේස් එකක් තබාගෙන ඉන්න එක වටිනවා. මොකද ස්ක්‍රිප්ට් එක හම්බෙලා සමහරවිට සති දෙකෙන්, තුනෙන් ෂූටිං පටන් ගන්නවා. එතකොට අපිට කැරැක්ටර් එක ගොඩන½ගා ගන්න අමාරුයි. ඉතින් ඒ වගේ ඩේටා බේස් එකක් තිබෙන එක වටිනවා කැරක්ටර්ස් හදාගන්නකොට.


ඔබ ඔබේ සහාය නළු නිළියන් සමඟ හරි පහසුවෙන් සංයෝග වෙනවා. ඒ ගැන කතා කරමු?


මම ඒ වෙනුවෙන් අනෝජා වීරසිංහ මැඩම්ට තමයි ස්තූති කරන්නේ. ඇය තමයි රංගන ක්ෂේත්‍රයේ මගේ පළමු ගුරුවරිය. මගේ ඇක්ටින්වල ෆවුන්ඩේෂන් එක හැදුවේ ඇයයි. අනෝජා මැඩම් කියලා දුන්න බේසික් ඇක්ටින් ස්කිල්ස් ටික, චරිතයකට අනුගත වීම, චරිත එක්ක බ්ලෙන්ඩ් වෙන්නේ කොහොමද, ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ කියන එලිමන්ට්ස් අදාළ තැන්වලදී කොහොමද අපි රංගනයේදී යොදාගන්නේ කියන දේවල් කියලා දුන්නේ ඇයයි. ඇය කියලා දුන්න දේවල් අද වෙනකල් මතකයි. ඒ දේවල් ප්‍රායෝගිකව කරන්න තමයි මම රංගනයෙන් දායක වෙන හැම නිර්මාණයක් තුළදීම


උත්සාහ කරන්නේ. ඒ බේසික් ෆවුන්ඩේෂන් එක මට මගේ කෝ-ඇක්ටර් සමඟ හා අනෙක් අය සමඟ එකට වැඩ කරද්දී උදවු වුණා. රංගනයේදී හැමෝගෙන්ම සහයෝගය මට ලැබුණා. ඉතින් මට ඇය ඉගැන්වූ දේවල් යම්තාක් දුරකට හෝ ප්‍රායෝගිකව කරන්න පුළුවන් වුණු එක ගැන සතුටුයි. කලා ක්ෂේත්‍රය කියන්නේ හැමදාම අප්ඩේට් වන එකක් සහ ඉගෙනගෙන ඉවර කරන්න බැරි ක්ෂේත්‍රයක්. අපිට තනිවම යන්න පුළුවන් ගමනක් නෙවෙයි මේ ගමන.ඒ සංයෝගය ගොඩනැ‍ෙ½ගන්න නම් අනෙක් අයගේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?


මගේ ෆිල්ම් දෙකේම ෆිල්ම් රිලීස් එකට සූදානම් වන ගමන් තමයි ඉන්නේ. සෝලෝ ටවුන් ෆිල්ම් එක කැනඩාවල රිලීස් වුණා. Adhiran චිත්‍රපටයේ පෝස්ටර් රිලීස් එක ළ½ගදි සිදු වුණා. ඒ දෙක රිලීස් වෙනකල් මමත් බලාගෙන ඉන්නවා. මගේ දෙවැනි පොතේ රිසර්ච් එක කරන ගමන් ඉන්නේ. ඒක පරිසරය සම්බන්ධ එකක්. ලලයි ලිලයි හි රූගත කිරීම් කරගෙන යනවා. ඒ වගේම අලුත් ටෙලි නාට්‍ය දෙකක් ටෙලිකාස්ට් වෙන්න තිබෙනවා. අරුණ ජයවර්ධන සර්ගේ රස රහසක් ටෙලි නාට්‍ය ඉදිරියට ටෙලිකාස්ට් වෙයි. දිනය තවම කන්ෆර්ම් කරලා නැහැ. ඒකේ මාත් එක්ක ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ සජිත ඇන්තනි අයියා. ඒ වැඩකටයුතු ටික තමයි ඉදිරියට තිබෙන්නේ.



Previous Post Next Post